• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැදියාවක් නැද්ද? මිනීමරුවන්ගේ දූලා! තාත්තලා වධකාගාර තියාගෙන හිටියා! ජගත් – බිමල් – රෝහිණී තුන්කොන් සටන! සහායට සජිත්! Sri Lanka Latest News

August 2, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
හැදියාවක් නැද්ද? මිනීමරුවන්ගේ දූලා! තාත්තලා වධකාගාර තියාගෙන හිටියා! ජගත් – බිමල් – රෝහිණී තුන්කොන් සටන! සහායට සජිත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට එල්ල කළ චෝදනාවලට කවිරත්න මහත්මිය ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. Sri Lanka Latest News

මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි. වරප්‍රසාද ප්‍රශ්නය නැගීමට ප්‍රථමයෙන් මේ වෙලාවේ මම අවස්ථාවක් කරගන්නවා විනාඩියක කාලයක්. විශේෂයෙන්ම ඊයේ මගේ ප්‍රකාශය තුළදී ‘ඔබතුමා කට වහගන්න’ යනුවෙන් කරන ලද ප්‍රකාශය තුළ කතානායක ධුරයට සහ එම භූමිකාවට යම්කිසි අපහාසයක් සිද්ධ වුණා නම් මම ඒක ඉවත් කරගන්නවා කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අන්න ඒක තමයි එතුමා මගේ හැදියාව කොහෙද කියලා අහපු එකට උත්තරේ.

ඒ ප්‍රශ්නය ඒ විදිහට මගේ කටින් එළියට යන්න හේතු වුණේ මධ්‍යස්ථව සිටිය යුතු භූමිකාවක් අන්තවාදීව කටයුතු කරනකොට එවැනි ප්‍රකාශයක් මතුවීම මම හිතන්නේ ඒක නිතැතින්ම සිද්ධ වෙනවා. ඒ කෙසේ වෙතත් එය මම මේ වෙලාවේ ඉවත් කරගන්නවා.

ගරු කතානායකතුමනි, මේ ලිපිය ආමන්ත්‍රණය වෙන්නේ එහෙම. මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ උපලේඛන ‘ආ’ කොටසේ හතර වගන්තිය යටතේ වරප්‍රසාද කඩවීම සම්බන්ධවයි.

ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ 2025 හතයි 23 දින මා විසින් යොමුකළ ප්‍රශ්නයට අදාළව, අතුරු ප්‍රශ්නයක් ලෙස ශ්‍රී ලංකා ශ්‍රී දළදා මාලිගාව ඉදිරියෙන් වසා ඇති මාර්ගය විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳ විමසා සිටි අවස්ථාවේදී, එයට බාධා කරමින් ගරු සභානායකතුමා සිදුකළ ප්‍රකාශය තුළ මා වෙත ආරෝපිත චෝදනාවක් එල්ල වී ඇත.

මම මේ ප්‍රකාශය අද කරනු ලබන්නේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දූලා වෙනුවෙන්, ඒ වගේම 22ක් වූ මන්ත්‍රීවරියන් වෙනුවෙන්. එහිදී ගරු සභානායකතුමා ප්‍රකාශ කළේ, ‘කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට කිව්වා මාතලේ මිනී වළවල්වල 140 ගානක් මිනී ඇටසැකිලි හම්බවෙලා තියෙනවා. ඒ මිනීමරුවන්ගේ දූලා තමයි මෙතැන ඉන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳ පරීක්ෂණ කරනවා. අද මෙතැන ඉන්නේ පෞද්ගලික වධකාගාර හිමියෝ සමහරු.’

ගරු කතානායකතුමනි, ‘87, 88, 89 එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීලා, ඇමැතිලා පෞද්ගලික වධකාගාර තියන් හිටියා කියන එක අමුතු දෙයක්ද’ ලෙසයි.
මේ ප්‍රකාශය තුළ සඳහන් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකුගේ දියණියක ලෙස මේ මොහොතේ මේ සභාව නියෝජනය කරන්නේ මම පමණයි. ඒ වගේම විපක්ෂයේ හිටියේ මමත්, චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීතුමියත් පමණයි. එබැවින් මෙම ප්‍රකාශය ඍජුවම මා ඉලක්ක කොට සිදුකළ එකකි. මෙම ප්‍රකාශය සමාජයේ වෛරී හැඟීමක් මා වෙත එල්ල කිරීමට දරන ලැබූ දේශපාලනික ප්‍රකාශයක් ලෙස මම මේ වෙලාවේ දකිනවා. ඒ වගේම ඒක හෙළාදකිනවා.

මගේ පියා කිසිම විටක මිනිසුන් ඝාතනය කරපු කෙනෙක් නෙවෙයි. එතුමා මිනිස්සු ජීවත් කරපු අයෙකු ලෙස මුළු මාතලේ දිස්ත්‍රික්කයම, ඒ වගේම මුළු ලග්ගලම, ඒ වගේම ලංකාවම දන්නවා. ඒ වගේම මගේ උප්පැන්න සහතිකයේ නම තියෙන පියාගේ ජානමයි මගේ ඇඟේ දුවන්නේ කියන එක මම මේ වෙලාවේ කියනවා. ඕනෙ නම් ඒ ප්‍රකාශය කරපු ඔබතුමායි අපි ජාන පරීක්ෂණයක් කරගමු.

මෙවැනි ප්‍රකාශ මගේ පෞද්ගලික ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඇති විය හැකි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස මහජන කටයුතුවලට නිරත වීමද සීමාකෙරෙනු ඇත. එසේම මාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මම දිගින් දිගටම අදාළ ආයතනවලට දැනුම්දී තිබුණා. උදාහරණයක් කිව්වොත් මම පොලිස්පතිතුමාට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය තුළ මම පැමිණිල්ලක් කරලා තියෙනවා. මේ වෙනතෙක් ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති වාතාවරණයක් තුළ, රජයේ වගකිවයුතු නිලයක් දරන්නෙක් සිදුකරන මෙම ප්‍රකාශය මගේ පෞද්ගලික ආරක්ෂාව තවදුරටත් අනතුරේ හෙළයි.

එමෙන්ම දිගින් දිගටම මේ ගරු සභාව තුළ මා හට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ ගරු කතානායකවරයාගේ අවධානය යොමුකරනු ලැබුව ද ඒ සඳහා සාධනීය විසඳුමක් ලබාදීමට පියවර නොගැනීම බරපතළ කනගාටුවට කරුණක්. මේ සභාවේ කාන්තා මන්ත්‍රීවරියක් පිළිබඳ සිදුකරනු ලබන ප්‍රකාශ තුළින් සිදුවන ගෞරවයට හානිකර දේ වළක්වා ගැනීමට පියවර ගැනීම ඔබතුමාගේ වගකීම බව මම අවධාරණය කරමි.

එබැවින් 2025.07.23 වැනි දින පාර්ලිමේන්තුවේදී ගරු සභානායකතුමා කළ ප්‍රකාශය මාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බැවින්, මෙම සිදුවීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමුකරන මෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එතුමා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටත්, අදාළ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර, එතුමා සඳහන් කරනු ලබන සමූහ මිනීවළවල් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා වගඋත්තරකරුවන් නීතිය හමුවට රැගෙන ඒමට ක්‍රියා කරන ලෙසත් මම යෝජනා කරමි. එසේ නොකොට මේ සිදුවීම මගේ දේශපාලනය විනාශ කිරීම උදෙසා භාවිත නොකරන ලෙසත් වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි. රෝහිණී කුමාරි විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී.

ඒ වගේම මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මම ඉල්ලීමක් කරනවා 91 ‘ඌ’ වගන්තිය යටතේ මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට විශේෂ කමිටුවක් පත්කර දෙන්න කියලත් මම මේ වෙලාවේ ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මම පොඩි වෙලාවක් ගන්නවා මේ කාරණාව ඉදිරිපත් කරන්න. මේ රෝහිණී කුමාරි විජේරත්න මැතිනිය, කෘතහස්ත සමාජ සේවිකාවක්, ඒ වගේම මහජන නියෝජිතවරියක් හැටියට මේ සභාව තුළත්, ඉන් පිටතත් විශාල සේවාවක් ඉෂ්ට කරනවා. ගුරුවරියක් හැටියට අධ්‍යාපන ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගෙන සමස්ත කාන්තාවන්ගේ මානව, දේශපාලනික, සිවිල්, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, ආගමික, මේ සියලු අයිතිවාසිකම් සුරක්ෂා කරන්නට ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා.

අපි දැක්ක දෙයක් තමයි, පුන පුනාම මේ සභාව තුළ එතුමියවම ඉලක්ක කරගෙන, එතුමියගේ චරිතය ඝාතනය කරන්නට, එතුමියට නිර්දය ලෙස විවේචන ඉදිරිපත් කරමින්, එතුමියගේ ඒ ගමන් මාර්ගය අවහිර කරන්නට බොහෝ ක්‍රියාදාමයන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් අපි මේ රටේ බහුතරයක් වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවයි කියලා කියනවා නම්, ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපේ යුතුකමක්. ඒ වගේම විශේෂයෙන්ම එතුමියවම ඉලක්ක කරගෙන, එතුමිය දඩයම් කරන්නට දරන මේ උත්සාහය පිළිබඳ අපි අපේ බලවත් අප්‍රසාදය පළකරනවා. ඒ වගේම එතුමියගේ ආරක්ෂාව පිළිබඳ, විශේෂයෙන්ම කතානායකතුමා වගකියන්නට ඕනෙ. විශේෂයෙන්ම එතුමියගේ ආරක්ෂාව ශක්තිමත් කරන්නට විශේෂිත වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ඕනෙ. ඒ වගේම එතුමියගේ දයාබර පියාණන්, මම මතක් කරන්නට කැමැතියි, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා මේ රටේ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා එයට ශක්තිය ලබා දුන්නු, ඒ වැඩපිළිවෙළේ නිර්මාතෘවරයා. ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා, ඒ දයාබර පියාණන් ඒ ඉෂ්ට සිද්ධ කරපු ඒ දැවැන්ත සේවාව මුළු ලග්ගල පමණක් නෙවෙයි, මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවත් හොඳින් දන්නවා. ඒ නිසා විශේෂයෙන්ම තවදුරටත් එතුමියගෙත්, එතුමියගේ දයාබර පියාණන්ගෙත් මේ චරිත ඝාතනය කරන, මේ ඉලක්කගත, ඉතාමත්ම නිර්දය, පහත් ක්‍රියාවලිය වළක්වන්න කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.

Voice Tube

SendShareShare
Previous Post

අමාත්‍යාංශය භාරගෙන මාස 8යි! දුම්රිය ප්‍රමාදය 1%කින්වත් අඩුකරගන්න බැරිවෙලා! බිමල් ෆේල්ද? Sri Lanka Latest News

Next Post

පෝර්ට් සිටිය මම අවලංගු කළා! වන්දි ගෙව්වා! ආපහු මමම අනුමැතිය දුන්නා! මේක කරන්න බෑ කිව්වාම මාව මාරුකළා! මෛත්‍රීගේ කාලේ වෙච්ච දේශපාලන බලපෑම් ගැන ජනපති ලේකම් උදය පළමු වරට කතා කරයි! Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.