ස්වාධීන රූපවාහිනී සේවයේ නිවේදිකාවක හට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනාව පිළිබදව කිසිදු පැමිණිල්ලක් තමන්ට හෝ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතා හට ලැබී නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී රෝහීණී කවිරත්න මහත්මිය යොමු කළ ප්‍රශ්නයක් මුල්කරගෙන අමාත්‍යවරයා මෙසේ පැවසීය.
කෙසේවෙතත් ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට නීතීඥවරියකගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා කීය.









