යෝජිත ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කරන ලෙසට ඉල්ලීම් කරමින් අද (25) උතුරු නැගෙනහිර හර්තාලයක් කැඳවා තිබෙනවා. දෙමළ දේශපාලන පක්ෂ විසින් හර්තාලය කැඳවු අතර හර්තාලය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල නගර රැසක වෙළඳ සැල් වසා දමා තිබිණ.
වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් විවෘත කොට තිබු අතර, දමිළ පාසල් වෙත දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක පැවතිණ.
දිස්ත්‍රික්කයේ සිංහල පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව පාසල් විදුහල්පතිවරුන් සඳහන් කළහ. හර්තාලය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති අතර,ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වෙමින් පවතින.
හර්තාලය හේතුවෙන් වවුනියාව,යාපනය,මුලතිව්,මන්නාරම හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි වෙළඳ සැල් රැසක් වසා දමා තිබිණ. එමෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපුවේ වෙළඳසැල් සම්පුර්ණයෙන්ම වසා දමා තිබුණු අතර නගරයේ දෛනික කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී තිබුණා.
උතුරේ දේශපාලන පක්ෂ විසින් සඳහන් කරනු ලැබුවේ උතුරේ ඉඩම් ගැටළුව නිරාකරණය කිරීමද හර්තාලයේ තවත් යෝජනාවක් වන බවයි. හර්තාලයට සහයෝගය පළ කරමින් උතුරු පළාත් වෙළඳ සංගම් හා සිවිල් සංවිධාන රැසක් සහයෝගය පළ කොට තිබිණ.









