• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදේශ ඇමැතිතුමා මෙන්න කරනවා නම් වැඩක්! අල්ලන්න මේ රුසියානු ග්‍රේචා! Sri Lanka Latest News

January 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
විදේශ ඇමැතිතුමා මෙන්න කරනවා නම් වැඩක්! අල්ලන්න මේ රුසියානු ග්‍රේචා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔන්න විජිත හේරත් ඇමැතිතුමාට කරනවා නම් වැඩක් තියෙනවා. ඉතාම ඉක්මනට ගන්න ඕනේ පියවරක් තියෙනවා. ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ 2018ට පස්සේ වැඩියෙන්ම සංචාරකයෝ ලංකාවට ආපු අවුරුද්ද 2024 කියලා ලොකුවට වාර්තා පළ වුණා. ඒ වගේම සංචාරක ආදායම සෑහෙන වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වුණා. එහෙම තියෙද්දී ඔබ දැනටමත් දන්නවා ඇති රුසියානු මගඩියක් ගැන තොරතුරු වාර්තා වෙන බව. රුසියානු මගඩිය කියලා අපි කියන්නේ රුසියානු ජාතිකයෝ ඇවිල්ලා ලංකාවේ එක එක තැන්වල කරන බිස්නස් සහ ඒවා කොච්චර සංවිධානාත්මකව මේ වෙනකොට සිදුවෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අපිට වාර්තා වෙන්නේ.
විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන බලධාරීන්ගේ අනුග්‍රහය සහිතව කෙරෙන මහාපරිමාණ මගඩියක්, ජාවාරමක් කියලා කියන්න පුළුවන්. මොකද ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්. අපි හොයලා බලමු මේ රුසියානුවන් ලංකාවට ඇවිල්ලා කරන නීති විරෝධී මගඩි මොනවද කියලා. ලංකාවේ ඩොලර් ඉතිරු නොකර, ඒවා රූබල් කරලා ලංකාවෙන් පිටතට රුසියාවට ඇදගෙන යන්නේ කොහොමද, ඔවුන් නීති විරෝධීව ලංකාවේ රැඳී ඉඳගෙන මේ වැඩේ කරන්නේ කොහොමද, ඒවාට අනුග්‍රහය දක්වන්නේ කවුද කියන එකත් මේ ලිපියෙන් අපි අනාවරණ කරන්න බලාපොරොත්තු වෙනවා. (Sri Lanka Latest News)

සංචාරක වීසා මත ලංකාවේ රැඳී සිටින අන්ද්‍රේයි ග්‍රේචා නම් රුසියානු ජාතිකයෙක් උණවටුන ප්‍රදේශයේ ‘ග්‍රේචා’ නමින් අවන්හලක් පවත්වාගෙන යනවා. ඔහු තමයි මේ ‘ග්‍රේචා’ කියලා තමන්ගේ නමේ කොටසකුත් දාලා උණවටුනේ අවන්හලක් පවත්වාගෙන යන්නේ. මේ පුද්ගලයා මේ පවත්වාගෙන යන අවන්හල සම්පූර්ණයෙන්ම රුපියල්වලින් හෝ ඩොලර්වලින් හෝ නෙවෙයි ගනුදෙනු කෙරෙන්නේ. මේකේ භාවිත වෙන්නේ රූබල්. රූබල් කියන්නේ රුසියාවේ භාවිත වන මුදල් ඒකකය. ඒක නිසා එය කිසිදු ආකාරයකින් ලංකාවට සම්බන්ධ වෙන්නේ නෑ. ඒකෙන් ලැබෙන ආදායම් ලංකාවේ නවතින්නේ නෑ. ඒ සියල්ලම රුසියාවට පොම්ප කරන විදියට තමයි මේකේ වැඩකටයුතු සිද්ධ වෙන්නේ. ඒ සියලු මුදල් රුසියානු බැංකු ගිණුම් හරහා මේ පුද්ගලයාගේ රුසියානු බැංකු ගිණුමට යන ආකාරයෙන් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම ක්‍රිප්ටෝ මුදල් ඒකකය හරහාත් අවන්හලේ ගෙවීම් කරන්න අවස්ථාව දීලා තියෙනවා. මේකේ තියෙන වැදගත් කාරණය තමයි මෙතැනදී නොයෙක් ආකාරයේ පහසුකම්, ආතල් මේ කට්ටියට දෙනවා. අපි දන්නවා උණවටුන ප්‍රදේශයේ කොහොමත් මේ ආතල් තියෙනවා. නමුත් මේ අවන්හලේ ඒ දේවල් සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආකාරයට කියලා තමයි දැකගන්න ලැබෙන්නේ. ඒ වගේම මේ අවන්හලේ රුසියානුවන් අතර ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්වෙලා තියෙන්නේ ‘පෝකර්’ කියන සූදු ක්‍රීඩාව. කොළඹ තියෙන සූදුපොළවල්, තරු පන්තියේ හෝටල්වලත් පෝකර් කියන සූදු ක්‍රීඩාව තියෙනවා. පෝකර් ක්‍රීඩාව රුපියල්වලින් බැලුවොත් 10,000ක වගේ මුදලකින් ආරම්භ කරලා එතැනින් එහාට රුපියල්වලින් බැලුවොත් ලක්ෂ ගණනින් ඔට්ටු තබන ක්‍රීඩාවක් විදියට පවත්වාගෙන යනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. හික්කඩුවේ සහ උණවටුනේ ගෙවල් දෙකක් වගේ තැන් දෙකක තමයි මේ සූදු ක්‍රීඩාවට ජනප්‍රිය ස්ථාන බවට පත්වෙලා තියෙන්නේ. ඒ කටයුතු සම්බන්ධීකරණය කෙරෙන්නේ ‘ග්‍රේචා’ කියන අවන්හල හරහා. ඒ තැන්වලට ගිහිල්ලා රුසියානුවන්ට සහ යුක්රේන ජාතිකයන්ට මෙන්ම වෙනත් විදේශිකයන්ට සූදු ක්‍රීඩාවේ නිරත වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේ සියලු කටයුතු ‘පෝකර් සිලෝන්’ කියන ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් හරහා පවත්වාගෙන යන බවත් වාර්තා වෙනවා. රූබල්වලින් ගෙවීම් කරන්න පුළුවන්. මේ සියලු රුසියානු සංචාරකයන්ට, සූදු කෙළින්නන්ට අවශ්‍ය උපදෙස් අන්ද්‍රේයි ග්‍රේචා කියන පුද්ගලයා විසින් ‘රෂියන් බිස්නස් ක්ලබ්’ නමින් පවත්වාගෙන යන ඉන්ස්ටර්ග්‍රෑම් ගෲප් එකක් හරහා තමයි සිදුකරන්නේ. ඒ වගේම මේකට සම්බන්ධ තවත් ටෙලිග්‍රෑම් ගෲප් එකකුත් තියෙනවා එහි 15,000කට වැඩි සාමාජික සංඛ්‍යාවක් ඉන්න බව වාර්තා වෙනවා.

මේකේ තියෙන හොඳ කතාව තමයි, ලංකාවට එන රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට ලංකාව පුරාම සංචාරය කරන්න අවශ්‍ය සංචාරක පැකේජ ලබාදෙන්නෙත් මේ අවහන්හල මගින් වීම. ඒකෙනුත් කිසිදු ආදායමක් ලංකාවට ලැබෙන්නේ නෑ. ඩොලර් ලැබෙන්නේ නෑ. ඔවුන් රූබල්වලින් ගනුදෙනු කරලා, සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලදා දීලා ඔවුන් ආදායම් උපයාගන්නවා.

උණවටුන ඇතුළු සංචාරක කලාපවලට එන සංචාරකයන් ත්‍රීවීලර්, ස්කූටර් කුලියට අරගෙන ගමන් බිමන් යෑම දැන් ජනප්‍රිය වෙලා තියෙනවා. නමුත් දැන් මේ ප්‍රදේශයට එන සංචාරකයන්ට අවශ්‍ය ස්කූටර් සහ ත්‍රීවීලර් කුලියට ලබාදෙන්නෙත් මේ ඉහත සඳහන් කළ රුසියානුවා කියලා තමයි තොරතුරු ලැබෙන්නේ. මේ ග්‍රේචා නමැති පුද්ගලයාව හඳුන්වන්නේ ‘පපා’ කියන අන්වර්ථ නාමයෙන්. ඒ වගේම මේ පුද්ගලයා ගෙවල් කුලියට දීම, මුදල් හුවමාරු කිරීම වගේ සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙන බව තමයි කියන්නේ.

ලංකාවේ එක්තරා පෞද්ගලික බැංකුවකින් මේ පුද්ගලයාට කාඩ්පත් රහිතව ගනුදෙනු කිරීමේ ඒ.ටී.එම්. පහසුකම ලබාදීලා තියෙනවා. පෞද්ගලික බැංකුවක් විසින් මේ පුද්ගලයාට මේ වගේ පහසුකම් දෙන්න කලින් ඔහු ගැන සොයාබැලුවේ නැද්ද කියන ප්‍රශ්නය අපිට මේ වෙලාවේ මතුවෙනවා. ඔහු මේ කාඩ්පත් රහිත ගනුදෙනු කිරීමේ ක්‍රමවේදය හරහා තමයි මුදල් හුවමාරුව සිදුකරගෙන යන්නේ. මේ තොරතුරු ටික තමයි අපිට මූලික වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ.

මීට අමතරව, උණවටුන, හික්කඩුව ආශ්‍රිත ප්‍රදේශවල ඉන්න වෙනත් රුසියානුවන් විසින් පවත්වාගෙන යන විවිධ ව්‍යාපාර පිළිබඳ දැන්වීම්, මේ රුසියානුවාගේ ටෙලිග්‍රෑම් ගෲප් එක තුළ පළකරන්නත් අවස්ථාව දීලා තියෙන බව කියනවා. නමුත් ඒ සඳහා රූබල්වලින් ගෙවීම් කළ යුතුයි. මෙහි ඇති විශේෂත්වය වෙන්නේ මේ ගෲප් එකට ලංකාවේ අයට සම්බන්ධ වීමට ඉඩ නොදීම. යම් විදියකට ලංකාවේ කෙනෙක් මේකට සම්බන්ධ වුණොත් ගෲප් එකේ ඇඩ්මින් විසින් වහාම ඔහුව ඉවත් කිරීමට කටයුතු කරන බව කියනවා. ඒ ටෙලිග්‍රෑම් සමූහයේ ඡායාරූප කිහිපයකුත් අපි සතුව තියෙනවා.

මේ සියල්ල මෙහෙයවන ඇන්ද්‍රේයි ග්‍රේචා කියන පුද්ගලයා රුසියාවේ ආරක්ෂක අංශවලට අවශ්‍ය කරන අයෙක් බවත් කියැවෙනවා. එහෙම තත්ත්වයක් තුළ තමයි ඔහු ලංකාවට ඇවිල්ලා, මේ විදියේ ජාවාරම්වල නිරත වෙලා ඉන්නේ.

මේ ජාවාරම්කරුවා ගැන තොරතුරු හෙළිකරගත්ත පිරිසක්, විජිත හේරත් ඇමැතිවරයා හමුවට ගිහින් ඒ තොරතුරු සියල්ල භාරදීලා තියෙනවා. ඒ හරහා ආගමන විගමන නිලධාරීන්ට මේ තොරතුරු යොමුකරලා තියෙනවා. ඒ අනුව ආගමන විගමන නිලධාරීන් කණ්ඩායමක් මීට දවස් කීපයකට කලින් මේ ග්‍රේචා අවන්හල පරීක්ෂාවකට ලක්කිරීම සඳහා ගිහින් තියෙනවා. එහිදී සංචාරක වීසා නොමැතිව හිටපු රුසියානු ජාතිකයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු කරනවා. ඒ අතර හිටපු ග්‍රේචා නමැති ජාවාරම්කරුවා සතුව තිබිලා තියෙන්නේ සංචාරක වීසා එකක්. සංචාරක වීසා එකකින් මෙරට රැඳී සිටිමින් ඔබ කොහොමද මෙවැනි ව්‍යාපාරික කටයුතු මෙහෙයවන්නේ කියන ප්‍රශ්නය ආගමන විගමන නිලධාරීන් ඔහුට යොමුකළාම ඔහු කියලා තියෙන්නේ ඉක්මනටම සංචාරක මණ්ඩලයට ගිහින් තමන්ගේ ව්‍යාපාරය සඳහා අනුමැතිය ලබාගන්නා බවත්, ඒ අනුව තමන්ට ලංකාවේ නේවාසික වීසා එක පවා ලැබෙන බවයි.

නමුත් සංචාරක වීසා මත සිටින පුද්ගලයෙක් මේ විදියට ඉක්මනින් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලබාගන්න තමන්ට පුළුවන් කියලා කියන්නේ කොහොමද? එතැන මොකක් හෝ ඩීල් එකක් තියෙනවාද කියන සැකයත් මතුවෙනවා. ඒ නිසා අපි විජිත හේරත් ඇමැතිතුමාට කියන්නේ වහාම මේ ගැන සොයා බලන්න කියලා. මොකද මේ හරහා පරීක්ෂණ කළොත් වෙනමම ජාවාරම් ජාලයක තොරතුරු හොයාගන්න පුළුවන්. හැබැයි ඒ පරීක්ෂණ කරන නිලධාරීන් අවංක පිරිසක් විය යුතුයි. ඒක තමයි වැදගත්ම කාරණාව. එවැනි අවංක නිලධාරීන් යොදවලා මේ ගැන විමර්ශන කළොත් ලංකාවෙන් පිටතට ගලාගෙන යන, රූබල් විදියට රටට අහිමි වන විදේශ මුදල් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉතිරි කරගන්න පුළුවන්කම ලැබේවි. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සංචාරක කර්මාන්තය හා බැඳී ඇති අයථා ව්‍යාපාර සහ ජාවාරම් රාශියක් ගැනත් හෙළිකරගන්න පුළුවන්කම ලැබේවි.

Ceylon Wire යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ඇල්ල කෝච්චි ටිකට් තත්පර 42න් අතුරුදන් කරපු මහමොළකරු මාකුඹුර ස්ටේෂන් එකේ නිලධාරියෙක්! ඥාතියෙකුගේ නමින් කොම්පැනියක් පටන් අරන් ටිකට් ඔක්කොම බුක්කරගෙන! 1200 ටිකට් එක සුදදන්ට විකුණලා තියෙන්නේ 16000ට! I Sri Lanka Latest News

Next Post

කෙහෙළියගේ බෙහෙත් වංචාව හෙළිකළ දොස්තර චමල් අලුත්ම එකකින් ආයෙත් එයි! Sri Lanka Latest News

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.