ඇල්ල බලා ධාවනය වන දුම්රියක ප්‍රවේශ පත්‍ර සියල්ල තත්ත්පර 42 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ දී අලෙවි වීම පිළිබදව මතු වූ සැකය මත පදනම් වන සිදු කරන ලද විමර්ශනයෙන්, මෙම දුම්රිය ප්‍රවේශ පත් වංචාවට සම්බන්ධ එක් ප්‍රධාන සැකකරුවකු හදුනා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ. Sri Lanka Latest News
අදාල සැකකරු මාකුඹුර දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු බව පැවසේ.
අදාල නිළධාරියා ඔහුගේ ඥාතියෙකුගේ නමින් ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන පෞද්ගලික ආයතනයක් ආරම්භ කර තිබෙන අතර, ඒ මගින් ඔහු සියලු දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීම සිදු කර තිබේ.
එසේ වෙන් කර ගනු ලබන දුම්රිය ප්‍රවේශ පත්‍ර ඔහුට සම්බන්ධ එම ආයතනය හරහා වැඩි මිලකට අලෙවි කිරීම ඔහුගේ ජාවාරමයි.
මෙහිදී 1200 ප්‍රවේශ පත්‍රය රුපියල් 16000ක් වැනි අධික මිලකට විදේශිකයන්ට විකුණා ඇති බව දැනගන්නට තිබේ.
මේ වන විට අදාල නිළධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මෙම වංචාව හසුකර ගැනීම සදහා කටයුතු කරන ලද්දේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ය.










