මිනීමැරුම් ස්ත්‍රී දූෂණ හා මත්ද්‍රව්‍ය වැනි නීති විරෝධී ක්‍රියා වර්තමානය වන විට වර්ධනය වී ඇති බවත්, එය මැඩ පැවැත්වීමට නම් කාර්යක්ෂම පොලිස් සේවාවක් අවශ්‍ය බවත්, පොලිස්පතිවරයා විශ්‍රාම යනවිට නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බවත්, වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් සී.ඩි. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබාදීම විකෘතියක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද(10) පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පොලිස්පතිවරයා පත් කිරීම සඳහා රජය තුළ කඹ ඇදීම හේතුවෙන් ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇති බවත්, හැකි ඉක්මනින් නව පොලිස්පතිවරයෙක් පත් කළ යුතු බවත්, එයට සහාභාගි විම ව්‍යවස්ථා කවුන්සිලයට සෘජු වගකීමක් ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය
වත්මන් ආණ්ඩුව හොරු අල්ලන්න එක සිහිනයක් බව කී පීරිස් මහතා හොරු අල්ලන්නට ගෙන එන ලද පනත පවා ආණ්ඩුව හොරකම් කර ඇති බවත් කියා සිටියේය.










