• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

මහින්දගේ කලකිරීමට හේතුව රනිල්ගෙන් ආ රහස් පණිවුඩයද? රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

July 16, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 17 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවෙන්ම පොහොට්ටුවට ප්‍රහාරයක්!

ආණ්ඩුවේ මන්ත්‍රී විපක්ෂයට දුන් පණිවුඩය!

චන්ද්‍රිකාට වෙල්ගම එපාවෙයි!

කැටගොඩලා ගහපු ගේම!

පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ පිලේ ප්‍රබලයන් දෙදෙනකු ලෙස සැලකෙන ජයන්ත කැටගොඩ සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් පසුගියදා පැවැති පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව මේ වන විට මහත් ආන්දෝලනයට ලක්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කැටගොඩ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවෙන් කියැවුණේ දැනට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට පැවරිය යුතු බවකි. කැටගොඩ ඉදිරිපත් කළ මෙම යෝජනාව ඒ මොහොතේම සංජීව එදිරිමාන්න විසින් සම්මත කළ අතර, ඊට විරෝධය පළකළ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවට දැනුම් දී තිබුණේ තමන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවකි.Sri Lanka Latest News

ගමේ මන්ත්‍රීවරු නන්නත්තාරයි!

පසුගිය සතියේ අප මේ සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ පොහොට්ටුව මේ යෝජනාව ගෙනැවිත් ඇත්තේ දැනට කිසිදු වැඩක් නැතිව නන්නත්තාර වී සිටින පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන් අස්වසා තබාගැනීමටත්, ඔවුන් නැවත වතාවක් පොහොට්ටුවේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීය ලෙස දායකත්වය ලබාගැනීම සඳහා බවත්ය. මේ වන විට පොහොට්ටුව ආසන මට්ටමෙන් රට වටා යමින් බලමණ්ඩල රැස්වීම් පවත්වන අතර, ඒ සඳහා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සහභාගි වීමේ විශාල අඩුවක් දැකගැනීමට පුළුවන. එමෙන්ම බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන රැස්වීම් සඳහා ආරාධනා කළද, හිටපු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන්ට යන්න එන්න වාහනයක් නැති බව පවසමින්, ගමන් වියදම් නොමැති බව පවසමින්, තෙල් වියදම් දැරීමට නොහැකි බව පවසමින් එම සාකච්ඡාවලට සහභාගි නොවන ආකාරයක් දැකගන්නට පුළුවන. මේ නිසා මෙවැනි යෝජනාවක් ගෙනැවිත් නැවත වතාවක් පොහොට්ටුවේ පුංචි මන්ත්‍රීවරුන්ට බලය ලැබෙන බව අඟවා ඔවුන්ව නැවතත් පක්ෂයේ කටයුතු සඳහා එක්කර ගැනීම පොහොට්ටුවේ සැලසුම වී ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. කැටගොඩ විසින් පසුගියදා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එම අරමුණ ඉටුකර ගැනීම සඳහා බව ඔවුන්ගේ ස්ථාවරයය.

පළමු ප්‍රහාරය එස්.බී.ගෙන්!

කෙසේ වෙතත් මෙම යෝජනාව කරළියට පැමිණි වහා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වූ පැෆ්රල් ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට පියවර ගත්තේය. ඊටත් වඩා මෙම යෝජනාවට පොහොට්ටුව ඇතුළෙන්ම ප්‍රබල ප්‍රහාරයක් එල්ල වූයේ කැටගොඩලාවත් නොසිතූ ආකාරයටය. එහිදී පළමු ප්‍රහාරය එල්ල වූයේ පොහොට්ටු මූලස්ථානයේ පැවැති පක්ෂයේ මාධ්‍ය හමුවකදීමය. එදින ඊට සහභාගි වී සිටි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙවැනි යෝජනාවක් පොහොට්ටුව හෝ පොහොට්ටු ප්‍රධානීන් හෝ දැන නොසිටි බවත්, එය ක්‍රියාත්මක කළ නොහැකි එකක් බවත් කියා සිටියේය. එමෙන්ම එය නීත්‍යනුකූල නොවන බවද කියා සිටි එස්.බී. මෙම හිටපු මන්ත්‍රීවරුන් නැවත වතාවක් බලයට එන්නේ නම් මැතිවරණයක් ජයග්‍රහණය කොට පැමිණිය යුතු බවද කියා සිටියේය.

දෙවැන්න සුසිල්ගෙන්!

දෙවැනි ප්‍රහාරය එල්ල වූයේ පොහොට්ටුවේ මෙන්ම ආණ්ඩුවේද ප්‍රබල අමාත්‍යවරයකු වන අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන්ය. රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සුසිල් කියා සිටියේ එම යෝජනාව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි එකක් යැයි කියාය. දැනටමත් පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට වසරකින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ බලය හිමිව ඇති බව කී සුසිල්, තවත් එය කල් දැමීමට අමාත්‍යවරයාට බලය දුනහොත් එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් යැයි කියා සිටියේය. එම නිසා එය කළ නොහැකි බවද සුසිල් එහිදී පැහැදිලිවම කියා සිටියේය.

තුන්වැන්න නීතිපතිගෙන්!

කැටගොඩගේ මෙම යෝජනාවට තුන්වැනි ප්‍රහාරය එල්ල වූයේ වෙන කාගෙන්වත් නොව නීතිපතිවරයාගෙන්ය. නීතිපතිවරයා කැටගොඩ මෙම යෝජනාව කළ දිනට පසු දිනම කතානායකවරයා වෙත දැනුම් දී සිටියේ අදාළ යෝජනාව සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් එය සම්මත විය යුතු බවත්, එපමණක් නොව ජනමත විචාරණයකින් එය සම්මත විය යුතු බවත්ය. ඒ අනුව පොහොට්ටුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සනසන්නට කැටගොඩ සහ සංජීව එදිරිමාන්න එක්ව ගෙන ආ යෝජනාව ලත් තැනම ලොප්ව ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. මෙහි ඇති අනෙක් විශේෂම සිදුවීම වන්නේ කැටගොඩලා ගෙනා යෝජනාවට පොහොට්ටුව ඇතුළෙන්ම මේ ආකාරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙද්දී කැටගොඩලා ආරක්ෂා කරගැනීම සඳහා පොහොට්ටුවේ කිසිවකුත් ඉදිරිපත් නොවීමය. ඒ අනුව අවසානයේදී කැටගොඩටත්, සංජීවටත් සිදුව තිබුණේ පක්ෂයේ ප්‍රධානීන්ගේ වුවමනා ඉටු කරලන්නට යෝජනා රැගෙන විත් පක්ෂය ඇතුළේ තනි වූවා හා සමාන සිදුවීමකට මුහුණ දීමටය.

නාමල් මැදිහත් වෙයි!

අරගලය හේතුවෙන් හතරගාතේ දා ඇදවැටුණු පොහොට්ටුව මේ වන විට කෙළින් කනින් සිටුවීම සඳහා ආසන මට්ටමින් බලමණ්ඩල රැස්වීම් පැවැත්වීම ආරම්භ කොට තිබේ. මෙහි ප්‍රධාන කථිකයකු බවට මේ දිනවල පත්ව ඇත්තේ වෙන කවුරුවත් නොව, රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂය. නාමල්ටද රට වටා යන මේ ගමනේදී පොහොට්ටුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයේ අඩුව පැහැදිලිවම දැකගන්නට ලැබිණි. පොහොට්ටුවට ඇති එකම හයිය ගම් මට්ටම, බිම් මට්ටම නියෝජනය කරන මෙම පළාත් පාලන මන්ත්‍රීවරුන් බව නාමල් නොදන්නවා නොවේ. ඒ නිසාම මෙම හිටපු මන්ත්‍රීවරුන්ට මතුව ඇති ප්‍රශ්න විසඳීම සඳහා නාමල් මේ වන විට අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ අනුව නාමල් කරන්නේ තමන් සහභාගි වන ආසන බලමණ්ඩල රැස්වීම් පවත්වන ප්‍රදේශ නියෝජනය කරන ආණ්ඩුකාරවරුන්ටත්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්ටත් කතාකොට මෙම හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් සමග සාක්ච්ඡා කොට හැකි තරම් දුරට පිළිතුරු ලබාදීමය. ඒ හරහා කෙසේ හෝ පක්ෂයේ බිම් මට්ටමේ හයිය පවත්වා ගැනීමට නාමල් උත්සාහ දරන ආකාරයක් දැකගන්නට තිබේ.

ඩයනාගේත් ලීක් වෙලා!

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සාමාන්‍ය ජනතාව අතර වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ වීඩියෝ පටය. විවිධ ස්වාමින්වහන්සේලා මුල් කරගෙන මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝපට මේ සඳහා හේතු වී තිබේ. ඉස්සර නම් දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයට තුඩුදී තිබුණේ හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් එළිදැක්වූ හඬ පටය. ඉන් අනතුරුව ප්‍රසන්න රණතුංග මහතා විසින් යම් පුද්ගලයකුට අසභ්‍ය වචනයෙන් බැණවදින හඬ පටයක්ද සමාජ මාධ්‍යවල මහත් ජනප්‍රියත්වයක් ලබාගෙන තිබිණි.

උඹ දැනගනින් පර බල්ලා..!

මේ සියලු හඬපට මධ්‍යයේ ඉකුත් සතියේ තවත් හඬ පටයක් එළියට ආවේය. ඒ, වෙන කවුරුවත් නොව සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය වන ඩයනා ගමගේ මහත්මියගේය. එහිදී යම් පුද්ගලයකු විසින් ඩයනා ගමගේ මහත්මියට දුරකතන ඇමතුමක් ලබාදී ප්‍රශ්න කිරීමක් සිදුකරන අතර, එහිදී කෝපයට පත්වන රාජ්‍ය අමාත්‍යවරිය, ‘උඹ දැනගනින්.. පර බල්ලා.. දැනගනින්’ ආදී වශයෙන් කියමින් එම පුද්ගලයාට බැණවදින ආකාරයක් දැකගන්නට පුළුවන. කෙසේ වෙතත් කවුරුන් විසින් හෝ මෙම හඬපටය සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරීමත් සමග ඩයනාද ඊට අදාළ අංශවලට දැනුම් දී ඇත්තේ වහාම මෙම හඬ පටය සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසය.

චන්ද්‍රිකාටත් වෙල්ගම එපා වෙලා!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ දිනවල සිටින්නේ එංගලන්තයේය. ඒ, සිය දියණිය සහ මුණබුරු මිණිබිරියන් බැලීම සඳහා එංගලන්තයට ගොස්ය. චන්ද්‍රිකා හිටි හැටියේම මෙසේ එංගලන්තය බලා පිටත්ව යෑමට යම් දේශපාලන සිදුවීමක්ද බලපා තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව මෙන්ම අනුශාසකරියක්ද වන ඇය පසුව එම තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන් පියවර ගෙන තිබිණි. මේ නිසාම චන්ද්‍රිකාට අතිශය හිතවත් ලෙස සලකන කුමාර වෙල්ගම මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්ව ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය‘ නමින් අලුත් පක්ෂයක් ගොඩනැගීමට පියවර ගත්තේය. එහි ප්‍රධාන තනතුරක් චන්ද්‍රිකාට ලබාදීමටද වෙල්ගම කටයුතු කර තිබිණි. එමෙන්ම වෙල්ගම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග අලුත් දේශපාලන සන්ධානයක් ගොඩනගා ගැනීමටද පියවර ගත්තේය.

චන්ද්‍රිකාට යකා නැගලා!

කෙසේ වෙතත් කල් යත්ම වෙල්ගම සම්බන්ධයෙන් චන්ද්‍රිකාට හතර වටෙන්ම පැමිණිලි ගලා එන්නට විය. ඇතැම් මැති ඇමැතිවරුන් වෙල්ගම කරන යම් යම් අකටයුතුකම් පිළිබඳ චන්ද්‍රිකාට දිගටම පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි. එක වෙලාවකට වෙල්ගම ආණ්ඩුවේ හොඳ කියමින් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබාදෙමින් ආණ්ඩුවට පක්ෂපාතී අයුරින් කටයුතු කරන බවත්, තවත් වෙලාවකට වෙල්ගම ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩු විරෝධී අයුරින් කතා කරන බවත් මෙම මැති ඇමැතිවරුන්ගේ ප්‍රධාන චෝදනාව වී තිබිණි. මේ සම්බන්ධයෙන් චන්ද්‍රිකාද පසුගිය කාලයේ සිටියේ දැඩි කෝපයට පත්වය. මේ නිසාම අවසානයේදී චන්ද්‍රිකා තීන්දු කළේ වෙල්ගමගේ පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වීමටය. ඒ අනුව, වෙල්ගමගේ වැඩපිළිවෙළ දැඩිව විවේචනය කොට ඇති චන්ද්‍රිකා වෙල්ගමගේ පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වී ලන්ඩනය බලා යෑමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.

හර්ෂටත් දැන් වැඩේ තේරිලා!

ආණ්ඩුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී සේවක ආර්ථසාධක අරමුදල්වලට සහ සේවක භාරකාර අරමුදල්වලට විශාල හානියක් සිදුවන බවට පසුගිය කාලයේදී විපක්ෂය විසින් විශාල මතවාදයක් රට ඇතුළේ ගෙනයමින් තිබිණි. විපක්ෂයේ සියලු පක්ෂ දැඩිව පෙන්වා දී තිබුණේ ආණ්ඩුව කෙසේ කීවද මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. අරමුදල්වලින් රුපියල් බිලියන ගණනක් රටේ ජනතාවට අහිමි වනවා යැයි කියාය. විපක්ෂය මෙසේ රටට කරුණු පැහැදිලි කළද සජබ ආර්ථික විශේෂඥයකු ලෙස සැලකෙන ආචාර්ය හර්ෂ ද සිල්වා ඊට තරමක් වෙනස් ප්‍රතිපත්තියක් දරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඇති සාධනීය කරුණු රටට පැහැදිලි කිරීමට පියවර ගෙන තිබිණි. හර්ෂ කොයිම අවස්ථාවකදීවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවේචනය කිරීමට පියවර නොගත්තේය. වෙනකක් තබා විපක්ෂ මන්ත්‍රීවරයකු වන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කොළඹ ජෙට්වින් හෝටලයේ මේ සම්බන්ධයෙන් සංවිධාන කර තිබූ සාකච්ඡාවකදී පවා හර්ෂ ද සිල්වා මහ බැංකු අධිපතිවරයා විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මතය හා සමාන ස්ථාවරයක් දරමින් අදහස් දැක්වීම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය. එහිදී සුමන්තිරන්, රවුෆ් හකීම් පමණක් නොව, ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු ලෙස සැලකෙන ආචාර්ය නිශාන් ද මෙල් පවා හර්ෂගේ කරුණු දැක්වීමට එරෙහිව දැඩිව කරුණු දක්වා තිබූ ආකාරය අපි මෙම තීරයේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු.

සජිත් කියපු කතාව හරි!

කෙසේ වෙතත් හර්ෂ ඇතුළු කිහිප දෙනකු එවැනි ස්ථාවයක් ගෙන තිබුණද පක්ෂ නායකයා වශයෙන් සජිත් දැඩිව තීන්දු කර තිබුණේ ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට පක්ෂයක් ලෙස සජබය විරෝධය පළකළ යුතු යැයි කියාය. මේ හරහා ජනතාවගේ ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. අරමුදල්වලට විශාල හානියක් සිදුවන බව සජිත්ගේ ස්ථාවරය වී තිබිණි. අවසානයේදී සියලු දෙනාම පොදුවේ දැක්වූ අදහසක් වූයේ මෙම මාතෘකාවේදී සජිත් ගත් ස්ථාවරය නිවැරැදි බවත්, එය පැහැදිලිවම ඔප්පු වූ බවත්ය.

අවුරුදු 15ක නීතියක් ගේනවා!

ඒ අනුව මුලින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පක්ෂ ස්ථාවරයක සිටි සජබයේ හර්ෂ, ඉරාන්, කබීර් වැනි ප්‍රධානීන්ද මේ වන විට ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ දැඩිව විවේචනය කරනු දැකගත හැකි විය. විශේෂයෙන්ම පසුගිය සඳුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් හර්ෂ, ඉරාන්, කබීර් යන ආර්ථික විශේෂඥයන් තිදෙනාම ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ දැඩිව විවේචනය කිරීමට පියවර ගත්හ. එහිදී හර්ෂ කියා සිටියේ සේවක ආර්ථසාධක අරමුදලේ පනත පවා වෙනස් කිරීමට ඉදිරියේදී සජබ ආණ්ඩුවක් යටතේ පියවර ගන්වා යැයි කියාය. ඒ අනුව අවුරුදු 15ක් යන තෙක් සේවක අර්ථසාධක අරමුදලට අත තැබිය නොහැකි ලෙස නීති සම්පාදනය කරන බව හර්ෂ කියා සිටියේය.

අපිටත් එහා ගිහින්!

ඒ අනුව සජබ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එදා මෙම වැඩපිළිවෙළ හොඳ බව කියා සිටි හර්ෂලා මේ වනවිට එම වැඩපිළිවෙළ විවේචනය කළ සජබ මන්ත්‍රීවරුන්ටත් එහා ගොස් අද එහි විවේචකයන් බවට පත්ව ඇතැයි කියාය.

රනිල්ගේ ඉන්දීය ගමන!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සූදානමින් සිටින්නේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පළමු වතාවට ඉන්දීය සංචාරයක නිරත වීම සඳහාය. සාමාන්‍යයෙන් ලංකාවේ නව ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු පත්වීමත් සමග සති දෙක තුනක් ඇතුළත ඉන්දියාවෙන් නිල ආරාධනයක් ලැබෙන නමුත්, මෙවර ජනාධිපතිවරයාට එම ආරාධනාව ලැබීම සඳහා වසරකට අධික කාලයක් බලා සිටීමට සිදුවිය. අප පසුගිය වතාවන් කිහිපයකදීම වාර්තා කළ පරිදි මෙවර ඉන්දීය සංචාරය සිදුකිරීමට ප්‍රථම ඉටුකළ යුතු කොන්දේසි ගණනාවක්ම ඉන්දියාව පැත්තෙන් ආණ්ඩුව වෙත කල්තියාම ලබාදී තිබිණි. බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙම කොන්දේසි අතර යම් යම් ව්‍යාපෘතිද පැවැති බවකි. ආණ්ඩුව ඉකුත් සතියේ ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කිරීමට තිබූ ආණ්ඩුවට අයත් සමාගම් හතකින් දෙකක්ම ඉන්දීය සමාගමකට ලබාදීමට කටයුතු කොට තිබුණේ මේ කොන්දේසි ඉටුකිරීමක් ලෙසදැයි කියා දන්නේ නැත. ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම සහ කැන්විල් සමාගම ‘ඩිලොයිට් ඉන්දියා’ නම් සමාගමට ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ඉන්දීය ගමන සැලසුම් කිරීම සඳහා පසුගිය සතියේ ඉන්දීය විදේශ ලේකම් මෝහාන් වික්‍රාම් මහතාද ලංකාවේ දෙදින සංචාරයක නිරතව තිබිණි.

නිව්යෝක් ගමනට බර දාලා!

මෙම ඉන්දීය සංචාරයෙන් පසු ජනාධිපතිවරයා වැඩි බරක් යොදා ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේ සිදුකිරීමට නියමිතව ඇති සිය ඇමෙරිකානු සංචාරයටය. මෙම ඇමෙරිකානු සංචාරයේදී ජනාධිපතිවරයා නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර, එම සැසිවාරයේදී පැවැත්වීමට නියමිත කුඩා හමුවීම්වලදී ඊට සහභාගි වන රාජ්‍ය නායකයන් රැසක් කෙසේ හෝ හමුවීම ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබේ. මේ දිනවල ජනාධිපතිවරයා වැඩි බරක් තබා ඇත්තේ ඒ සඳහාය.

චීනෙත් යන්න ලෑස්තියි!

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසයේදී චීන සංචාරයක නිරත වීමටද නියමිතය. එම සංචාරයේදී චීන ආයෝජකයන් හමුවී විශාල අයෝජන ප්‍රමාණයක් ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශාල බලාපොරොත්තුවකින් පසුවන බව ආරංචිය. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණෙන්දෝ ආණ්ඩුව මේ වන විට තීන්දු කොට ඇත්තේ හම්බන්තොට වරාය ආශ්‍රිතව විශාල තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා චීනයට අවස්ථාව සලසා දීමටය.

ගනුදෙනුවට ආ අතරමැදියන්!

ආණ්ඩුව සහ චීනය අතර මෙම ගනුදෙනුව සිදුකිරීම සඳහා මැදිහත් වී සිටි අතරමැදියන් සම්බන්ධයෙන්ද මේ වන විට විශේෂ තොරතුරු රැසක් අනාවරණ වී තිබේ. දැනගන්නට ඇති ආකාරයට මෙම ගනුදෙනුව සඳහා පසුගිය කාලයේදී රාජපක්ෂ පවුල වෙනුවෙන් ව්‍යාපාරික ගනුදෙනුවලට මැදිහත් වූ ප්‍රසිද්ධ රාජපක්ෂ පුතෙක්ද, රාජපක්ෂ පවුලට සම්බන්ධ තවත් ඥාති පුත්‍රයෙක්ද මැදිහත්ව තිබේ. සාමාන්‍යයෙන් මෙම රාජපක්ෂ පවුලට සම්බන්ධ ඥාති පුත්‍රයා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මහාපරිමාණ ගනුදෙනුවලට සම්බන්ධ වූ අතරමැදියකු ලෙසටය. විශේෂයෙන්ම පසුගිය කාලයේදී චීන ආයෝජන යටතේ සිදුකළ දකුණු අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය ඉදිකිරීම ආදී ව්‍යාපෘතිවලදී අදාළ චීන සමාගම් සහ ආණ්ඩුව අතර සම්බන්ධීකරණය කිරීමේ ගනුදෙනුවේ නිරතව සිටියේ මේ කියන ඥාති පුත්‍රයාය. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේදී මෙම ඥාති පුත්‍රයාට විශාල බලයක්ද ආණ්ඩුව ඇතුළේ හිමිව තිබිණි.

ඥාති පුතා යළි එළියට!

ඒ අනුව මෙම හම්බන්තොට වරාය පරිශ්‍රයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය චීනයට ලබාදීම සඳහා මෙකී රාජපක්ෂ පවුලේ ඥාතියාට අමතරව තවත් ප්‍රකට රාජපක්ෂ පුත්‍රයකුද සම්බන්ධ වී තිබේ. මහින්දගේ ආණ්ඩු සමයේදී මෙම රාජපක්ෂ පුත්‍රයා ව්‍යාපාර ගනුදෙනුවලට සම්බන්ධ නොවූ නමුදු, ගෝඨාගේ ආණ්ඩු කාලයේදී ඉතා සක්‍රීය ලෙස ව්‍යාපාරික ගනුදෙනුවලදී අතරමැදියකු වශයෙන් සම්බන්ධ වී තිබිණි. ඒ අනුව මේ වන විට පෙර කී ඥාති පුත්‍රයා සහ මෙම රාජපක්ෂ පුත්‍රයා එක්ව මහාපරිමාණ ව්‍යාපාරික ගනුදෙනුවක නිරත වෙමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.

මහින්දට මොනවා වෙලාද!

මේ ආකාරයට රාජපක්ෂ පුතුන් සහ ඥාති පුතුන් එකට එක්ව ව්‍යාපාරික ගනුදෙනු සිදුකරද්දී රාජපක්ෂ පවුලේ දැවැන්තයා වන මහින්ද රාජපක්ෂ මහතාට සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ බොහෝ දෙනා ප්‍රශ්න කරන ආකාරයක් දැකගන්නට තිබේ. සාමාන්‍යයෙන් මහින්ද සැලකෙන්නේ නිතරම ජනතාව අතර සිටින, පන්සල්වල සිටින, පාක්ෂිකයන් ඇසුරු කරන, සමාජශීලී දේශපාලන නායකයකු ලෙසටය. නමුත් පසුගිය සති කිහිපය පුරාම මහින්ද එසේ මිනිසුන් අතර සිටින සිදුවීමක් හෝ ඡායාරූපයක් හෝ එළියට පැමිණියේ නැත. අවසන් වරට පාර්ලිමේන්තුවේ පැවැති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඡන්ද විමසීමේදී පවා මහින්ද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. වෙනත් උත්සවයකදී හෝ කිසිවකුටත් මහින්දගේ මුහුණ දැකගන්නට ලැබුණේද නැත. ඒ අනුව සොයාබලද්දී අපට දැනගන්නට ලැබුණේ තරමක අසනීප තත්ත්වයෙන් මහින්ද පසුවන නමුදු සිය විජේරාම නිල නිවෙසේදී දේශපාලන හිතමිතුරන් සමග සාකච්ඡාවලට ඔහු සක්‍රීය ලෙස සම්බන්ධ වනවා යැයි කියාය.

රනිල්ගෙන් ආ රහස් පණිවුඩය!

මීට අමතරව මහින්ද සම්බන්ධයෙන් තවත් විශේෂ තොරතුරක්ද අප වෙත වාර්තා වී තිබේ. ඒ, මීට දින කිහිපයකට ඉහතදී මහින්දට සහ මහින්දගේ පවුලේ ප්‍රබලයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යම් ප්‍රබල පණිවුඩයක් එවා ඇති බවය. අතිශය රහසිගත ලෙස එවා ඇති මෙම පණිවුඩය කුමක්ද යන්න පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වී නැති නමුදු ඊට පසුව පෙළගැසෙමින් තිබූ සිදුවීම් හේතුකොට ගෙන එය ප්‍රබල පණිවුඩයක් විය හැකි බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. ඒ, එම පණිවුඩය ලැබීමත් සමග මහින්ද හිටිහැටියේම ‘අතුරුදන් වීම’ නිසාය. බොහෝ දෙනා කියා සිටින්නේ රනිල්ගෙන් පැමිණි මෙම පණිවුඩයෙන් පසු මහින්ද වැඩිය එළිපහළියට පැමිණියේ නැතැයි කියාය. එමෙන්ම මහින්දට අමතරව මෙම පණිවුඩය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාටද ලැබී ඇති බවට සැකයක්ද මේ වන විට බොහෝ දෙනා තුළ මතුව තිබේ.

කලකිරීමට හේතුව ‌ඒකද?

කෙසේ වෙතත් මෙම පණිවුඩය ලැබීමෙන් පසු මහින්ද යම් කලකිරීමකින් පසුවූ බවක් ඔහු හමුවීමට ගිය බොහෝ දෙනකු සිය හිතවතුන් සමග පවසා තිබිණි. එම කලකිරීමට මේ වන විට පොහොට්ටුව කටයුතු කරමින් සිටින ආකාරයද, ආණ්ඩුව කටයුතු කරමින් සිටින ආකාරයද, යම් යම් හිමිවරුන් හැසිරෙන ආකාරය බලපා ඇති බවක්ද ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පණිවුඩය ලැබීමෙන් අනතුරුව මෙම කලකිරීම තරමක් ඉහළ ගොස් ඇති බවද ඔවුන්ගේ විශ්වාසයය.

චන්දිම පූර්ණකාලීනව සජබෙට!

පසුගිය සතියේ කලක් වාමාංශික දේශපාලනයේ මෙන්ම ශ්‍රීලනිප දේශපාලනයේ ප්‍රබලයකුව සිට පොහොට්ටුවේද බල කණුවක් වූ නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ පූර්ණ සාමාජිකත්වය ලබාගත්තේය. එපමණක් නොව, ඔහු සජබ හබරාදූව ආසන සංවිධායකවරයා ලෙසද සජිත්ගෙන් පත්වීම ලබාගත්තේය. චන්දිම යනු දකුණේ දේශපාලනය සමග දැවැන්ත සම්බන්ධතාවක් තිබූ දොඩංගොඩ පවුලේ ඥාති පුත්‍රයෙකි. දොඩංගොඩ පවුලේ ප්‍රබලයා ලෙස සැලකෙන්නේ අමරසිරි දොඩංගොඩය. ඔහු 17 වසරක් පැවැති එජාප ආණ්ඩුව පෙරළා දැමීම සඳහා දකුණේ මහජන බලය ගොඩනැංවූ දකුණේ හිටපු මහ ඇමැතිවරයාය. පසුව ශ්‍රීලනිප ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් පවා දැරූවකු ලෙස අමරසිරි දොඩංගොඩ සැලකේ. චන්දිම වීරක්කොඩි යනු මේ කියන අමරසිරි දොඩංගොඩගේ ඥාති පුත්‍රයෙකි. එමෙන්ම චන්දිම නීතිඥවරයෙකි. චන්දිම සිය දේශපාලනය මුලින්ම ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සමග පොහොට්ටුවට එක්වූ චන්දිම, ඉල්ලූ සෑම මැතිවරණයකින්ම ඉහළින්ම ජයග්‍රහණය කළේය. පසුව කැබිනට් අමාත්‍ය ධුරයක්ද දැරුවේය.

ඉස්සෙල්ලාම එළියට බැස්සා!

නමුත් පොහොට්ටුව සමග දේශපාලනය කළ කාලසීමාවේදී පොහොට්ටුව ඇතුළේ පැවැති පවුල් දේශපාලනය, දූෂණයට දොර හැර තිබීම, නාස්තිය, එහි ආර්ථික ප්‍රතිපත්ති චන්දිම ඉවසුවේ නැත. මේ නිසාම පොහොට්ටුවෙන් කවුරුත් එළියට බසින්නට ප්‍රථම චන්දිම පොහොට්ටුවෙන් එළියට බැස ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළේය. චන්දිමත් සමග ඒ අවස්ථාවේදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස එළියට බැස්සද, අද වන විට ඔවුන් නැවතත් පොහොට්ටුව සමග සම්බන්ධ වී කටයුතු කරන ආකාරයක් දැකගන්නට තිබේ. තවත් සමහරු ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරන ආකාරයක් දැකගත හැකිය. නමුත් චන්දිම විපක්ෂයත් සමග ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව, ආර්ථිකයට කළ විනාශයට එරෙහිව නිරන්තරව හඬ නැගුවේය.

හබරාදූව බාරගනී!

පසුකාලීනව චන්දිම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඉතා සමීපව කටයුතු කිරීමට පියවර ගෙන තිබිණි. සජබය සමග ආණ්ඩු විරෝධී කටයුතුවලට සක්‍රීය දායකත්වයක් ලබාදීමට කටයුතු කළේය. පසුගිය සතියේදී චන්දිම නිල වශයෙන් සජබය සමග එක්ව හබරාදූව ආසන සංවිධායකවරයා වශයෙන් වැඩ භාරගත්තේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය.

හිතපු නැති සෙනගක්!

ඒ අනුව, පසුගිය සතියේදී ඒ නිමිත්තෙන් සිය හබරාදූව නිවෙස පක්ෂ කාර්යාලයක් බවට පත් කොට ඉතා චාම් උත්සවයක් සංවිධාන කිරීමට චන්දිම පියවර ගත්තේය. ඒ සඳහා ගාල්ල සජබ ප්‍රබලයා වන ගයන්ත කරුණාතිලකටත්, සජබ ආසන සංවිධායකවරුන්ටත් ආරාධනා කිරීමට චන්දිම පියවර ගත්තේය. මීට අමතරව තමන්ගේ ළඟම පාක්ෂිකයන් කිහිප දෙනකුට ආරාධනා කිරීමටද චන්දිම කටයුතු කළේය. නමුත් උත්සවය ආරම්භ කිරීමට සූදානම් වන මොහොතේදී චන්දිම මුහුණ දුන්නේ කිසිසේත්ම නොසිතූ අකරතැබ්බයකටය. ඉතා සුළු පිරිසකට පමණක් මෙම අවස්ථාවට සහභාගි වන ලෙස චන්දිම ආරාධනා කර තිබුණද, උත්සවය ආරම්භ කරන විට ඉතා විශාල පිරිසක් චන්දිමගේ නිවෙසට පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අතර පැරැණි වාමාංශිකයන් මෙන්ම ශ්‍රීලනිප පාක්ෂිකයන්ද, පොහොට්ටුවේ නියෝජිතයන්ද, එජාප පාක්ෂිකයන්ද, සජබ පාක්ෂිකයන්ද සිටින ආකාරයක් චන්දිමට දැකගත හැකි විය. පිරිස වැඩිවීම හේතුවෙන් කරන කතාව සියලු දෙනාටම නොඇසෙන නිසා අවසානයේදී චන්දිම කළේ ඒ අසල විදුලි උපකරණ කුලියට දෙන ආයතනයකට ගොස් රැස්වීමක් සඳහා අවශ්‍ය කුඩා ප්‍රමාණයේ ශබ්ද විකාශන යන්ත්‍ර පවා කුලියට ගෙන රැස්වීම සාර්ථකව පැවැත්වීමය.

බංකොලොත් කමිටුව!

රට බංකොලොත් වීමට හේතුකාරක වූ කරුණු සහ පුද්ගලයන් සොයා බැලීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව මේ වන විට පවතින්නේ අංගවිකල තත්ත්වයකට පත්ව බව කිවහොත් එහි කිසිම වැරැද්දක් නැත. රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කළ සහ ඒ තත්ත්වයට රට පත්කළ බවට චෝදනා එල්ල වී ඇති පොහොට්ටුවට එම තේරීම් කාරකසභාවේ සභාපති ධුරය ලබාදීම සහ චෝදනා එල්ලවී ඇති මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඊට පත්කර තිබීමට විරෝධය පා දැනටමත් විපක්ෂය එම තේරීම් කාරකසභාවෙන් ඉවත් වීමට පියවර ගැනීම මෙම තත්ත්වයට හේතුවී ඇත.

විජිත ලියුම යවයි!

පළමුව මෙම තේරීම් කාරකසභාවෙන් ඉවත් වීමට පියවර ගත්තේ ජවිපෙ නියෝජිතයා වශයෙන් පත් කර සිටි විජිත හේරත්ය. කමිටුව නම්කොට පැය 48ක් යෑමට ප්‍රථම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ විජිත, මෙම කමිටුවෙන් කිසිසේත්ම රට බංකොලොත් කළ පිරිස සොයාගත නොහැකි බවටත්, පොහොට්ටුව සහ එහි නායකකාරකාධීන්ට සුදුහුණු ගෑම සඳහා මෙම කමිටුව පත්කොට ඇති බවටත් කියමින් තමන් මෙම කමිටුවෙන් ඉල්ලා අස්වන බව සඳහන් කර සිටියේය. එපමණක් නොව තමාගේ ඉල්ලා අස්වීම සඳහන් ලිපිය කතානායකවරයා වෙත යොමුකිරීමටද විජිත කටයුතු කළේය.

සජබයත් අයින් වෙයි!

ජවිපෙ මේ ආකාරයට රට බංකොලොත් කරන ලද කමිටුවෙන් ඉවත් වීමට තීරණය කළද ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එම තීන්දුව එක්වරම ගත්තේ නැත. අදාළ කමිටුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සිටම සජබයද ඊට එරෙහිව අදහස් පළ කළද විකල්පයකින් තොරව එක්වරම කමිටුවෙන් ඉවත් වීමට සජබය කටයුතු කළේ නැත. ඒ වෙනුවට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ සජබ ජ්‍යෙෂ්ඨයෝ ඒ සඳහා ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී සියලු දෙනාම එක හඬින් කියා සිටියේ මෙම කමිටුව හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හා සමාන බැවින් ඊට සහභාගි නොවිය යුතු යැයි කියාය. ඒ වෙනුවට රට බංකොලොත් කළ පිරිස සොයාගැනීම සඳහා විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් වෙනම කමිටුවක් පත්කළ යුතු බවද ජ්‍යෙෂ්ඨයන්ගේ ස්ථාවරය විය. දැනටමත් ඕනෑම නිලධාරියකු පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට විපක්ෂ නායකවරයාට අවසර ඇති බවට කතානායකවරයා විසින් ප්‍රකාශ කර තිබීම නිසා මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට හැකි බවද පිරිසේ අදහස විය. ඒ අනුව අවසානයේදී සජිත් තීන්දු කළේ කතානායකවරයා විසින් රට බංකොලොත් කළ පිරිස සෙවීම සඳහා පත්කළ කමිටුවට සහභාගි නොවී සජබය ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටය. පළමුවෙන්ම ඊට මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවීමටද එම කමිටුව තීන්දු කළේය. එහි පළමු රැස්වීම බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 8හි පැවැත්වීමටද තීන්දු විය.

සෞඛ්‍ය නිලධාරීන් කැදවයි!

ඒ අනුව පැවැති මෙම රැස්වීමට විපක්ෂ නායකවරයාට අමතරව විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක්ම පැමිණ සිටියහ. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීය සමිති රැසකම නායකයෝද ඊට එක්ව සිටියහ. එහිදී වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ පිරිස මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කොට තත්ත්වය නිවැරදි කිරීමට බලපෑම් කළ යුතු බවටද තීන්දු කළහ.

ප්‍රබල මන්ත්‍රීගෙන් සංඥාවක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුව සමග එක්ව ආණ්ඩුව කරගෙන ගියද ආණ්ඩුවේ වැඩකටයතු සම්බන්ධයෙන් පොහොට්ටුවේ යම් යම් පිරිස් සිටින්නේ දැඩි කලකිරීමකින් බව රටට රහසක් නොවේ. ආණ්ඩුවත් සමග උඩින් සිටියද පොහොට්ටුවේ ඇතැම් මැති ඇමැතිවරුන් යටින් විපක්ෂය සමග රහසිගතව ගනුදෙනු කිරීමේ සිදුවීම් රැසක් පසුගිය කාලයේ වාර්තා වූයේ ඒ අනුවය. ඉන් කිහිපයක් අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගත්තෙමු. මෙවර අප මෙම තීරයෙන් කියන්නට යන්නේ තවත් එවැනිම සිදුවීමකට උදාහරණයකි.
මේ සඳහා පදනම වැටුණේ පසුගිය සතියේ පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී ආණ්ඩුවේ සිටින ප්‍රබල මන්ත්‍රීවරයකු විසින් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට එවන ලද විශේෂ පණිවුඩයක් සමගය. ඒ පණිවුඩය මගින් ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයා දැනුම් දී තිබුණේ දහවල් කෑම අවස්ථාවේදී පාර්ලිමේන්තු භෝජනාගාරයේ හමුවිය හැකිදැයි කියාය.

කැන්ටිමට එන්න!

මෙම පණිවුඩය අනුව විපක්ෂයේ මන්ත්‍රීවරයාද දහවල් කෑම වෙලාව අවස්ථාවේදී පාර්ලිමේන්තු භෝජනාගාරයට වී සිටියේ ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයා කියන්නට සූදානම් වන්නේ කුමක්දැයි කියා දැනගැනීමේ අටියෙනි. පණිවුඩය මගින් කී පරිදිම නියමිත වෙලාවට පාර්ලිමේන්තු භෝජනාගාරයට පැමිණි ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයා කාටත් සැක නොසිතෙන පරිදි කෑම පිඟානකුත් ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරයා සිටි මේසය ළඟට පැමිණ අසුන්ගත්තේ අවට සිටි පිරිස් සමගද කතාකරමින් සහ සිනාසෙමින්ය.

තනිකරලා ගහන්න!

ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි විපක්ෂයේ මන්ත්‍රිවරයා සමග කතාබහ ආරම්භ කළ ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයා විපක්ෂයට විශාල චෝදනාවක් එල්ල කිරීමට පියවර ගත්තේය.
‘අයියෝ මොනවද අනේ ඕගොල්ලො හරියට විපක්ෂයේ රෝල් එක ප්ලේ කරන්නේ නෑනෙ. දැන් බලන්න අපේ මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට කොච්චර චෝදනා තියෙනවද කියලා. හැබැයි ඕගොල්ලො ඒවා කියන්න ගියාම පොදුවේ කියන්නේ. ඔක්කොම හොරකම් කළා කියලා කියනවා. මේක එහෙම නෙවෙයි කරන්න ඕනෙ. පොදුවේ ගහන්නෙ නැතිව තනි තනි ඇමැතිවරයා අරගෙන ගහන්න. ඒ කීප දෙනෙක්ගෙ තොරතුරුත් අපි ඕගොල්ලන්ට දෙන්නම්. නම කියලම කුඩුවෙන්න දෙන්න…’ යන්න මෙම ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයා විපකෂයේ මන්ත්‍රීවරයාට කියා සිටි කතාව විය.

සජිත් ගත් තීන්දුව!

ඒ අනුව වහාම විපක්ෂයේ මන්ත්‍රීවරයා කළේ සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ආණ්ඩුවේ මෙම ප්‍රබල මන්ත්‍රීවරයා කළ දැනුම්දීම වාර්තා කිරීමය. එහිදි තීන්දු වූයේ ආණ්ඩුවේ ප්‍රබලයා විසින් දෙන තොරතුරු මත පදනම්ව කීප දෙනකුට පමණක් ප්‍රහාර එල්ල කිරීමට නොව, ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන් ඉලක්ක කරගෙන ඉදිරියේදී දැවැන්ත හෙළිදරව් රැසක් විපක්ෂයේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමටය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

පෝට් සිටි එක ඇතුළේ හදපු බීච් එක නොමිලේ ගිහින් බලන්න! Sri Lanka Latest News

Next Post

ඇයි රනිල් කුරානය ඇදලා ගත්තේ I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.