• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇයි රනිල් කුරානය ඇදලා ගත්තේ I Sri Lanka Latest News

July 16, 2023
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ස්වීඩනයේදී ශුද්ධ වූ කුරානය ගිනි තැබීමේ සිදුවීම තමා දැඩිලෙස හෙළාදකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගෝලීය දකුණේ හර පද්ධතියට ගරුකරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.(Sri Lanka Latest News)

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රත්නපුර නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට 11 වැනිදා පස්වරුවේ එක්වෙමිනි.

රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැගිල්ලක් තුළ අධිකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් 10 වැනිදා ආරම්භ කෙරිණි.

පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම් ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන වියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුළත්වන සේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 1,500කි.

මහල් 4කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහෙස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සංකීර්ණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.

සමරුඵලකය නිරාවණය කර අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

‘මෙම උත්සවය ආරම්භ කරමින් මාව හඳුන්වාදෙන අවස්ථාවේදී ප්‍රකාශ කළා මම අග්‍රාමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයේ දී මෙම අධිකරණ සංකීර්ණය ඉදිකිරීම පිළිබඳ යෝජනාව සම්මත කළා කියලා. අද මෙහි පැමිණි විට ඉතා අලංකාරවත් අධිකරණ සංකීර්ණයක් දක්නට තිබෙනවා. ඒ වගේම අද මෙහි පැමිණෙන විට මට සිහිපත් වුණේ 1977 මම මෙම ප්‍රදේශයට පැමිණෙන විට මෙවැනි දියුණු මාර්ග පද්ධතියක් නොතිබූ බවයි. පසුව නන්ද මැතිව් අමාත්‍යවරයා සහ කුලරත්න මැතිතුමා මෙම මාර්ග ඉදිකර ප්‍රදේශය දියුණු කළා.

අද මෙම ගොඩනැගිලි සංකීර්ණය දෙස බැලූ විට පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යයට සරිලන අන්දමේ ගොඩනැගිල්ලක් මෙහි තිබෙන බවයි. රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් අප මේ වන විට කැපවී කටයුතු කරනවා.

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය සහ නීතියේ ආධිපත්‍යය අත්වැල් බැඳගෙනයි ඉදිරියට යන්නේ. කිසිසේත් එයින් බැහැර වීමට නොහැකියි. එසේ නම් සියලු දෙනා ඊට සහාය ලබාදිය යුතුයි. අගවිනිසුරුතුමා ප්‍රකාශ කළ පරිදි අපට තිබෙන්නේ වසර 200කට වඩා පැරණි අධිකරණ ක්‍රමයක්. එසේ බලන විට ආසියාවේ පැරණිතම නීති පද්ධතිය තිබෙන්නේ ලංකාවේ.

අද මෙම ගොඩනැගලි සංකීර්ණය නිසා මේ සියලු දෙනාට විශාල පහසුවක් ලැබෙනවා. ඒ වගේම අපේ අධිකරණ අමාත්‍යවරයාත්, අගවිනිසුරුතුමා සඳහන් කළ පරිදි නීතියේ ප්‍රමාදය අද විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. අප ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතුයි. රටක් ඉදිරියට යාමට නම් නීතියේ ප්‍රමාදයක් සිදුවිය නොහැකියි.

සාමාන්‍ය ජනතාව පමණක් නොවෙයි ආයෝජකයන් පවා අද අපට නීතිමය කටයුතු ප්‍රමාදවීම පිළිබඳ විවිධ ගැටලු ඉදිරිපත් කරනවා. මම මේ පිළිබඳ දීර්ඝ ලෙස කතාකරන්නේ නැහැ. අප නුවරඑළියේ පැවැත්වූ නීතිඥ සම්මේලනයේදී මේ පිළිබඳ විසඳුම් ගණනාවක් ඉදිරිපත් කළා.

අගවිනිසුරුතුමා සමග සාකච්ඡා කර ආණ්ඩුව වෙනුවෙන් අදාළ ඇමැතිවරුත්, අගවිනිසුරුතුමා ඇතුළු අභියාචනාධිකරණයේ සභාපතිතුමා ඇතුළු විනිශ්චයකාරතුමන්ලා වගේම මහාධිකරණ, දිසාධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ නියෝජනය කරමින්, ඒ වගේම ආණ්ඩු පක්ෂය, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් වගේම නීතිඥ සංගමයේ නියෝජිතයන් සමග එකට එක්වී මෙම ගැටලුව සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය දීර්ඝකාලීන ගැටලුවක්. එම නිසා එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමට චෝදනා කරමින් සිට මෙම ගැටලුව විසඳීමට හැකියාවක් නැහැ.

ඒ වගේම අපේ නීති ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඇතැම් නීති අධිකරණය තරම්ම පැරණියි. පොලිස් ආඥා පනත දැන් වසර 175ක් තිස්සේ කිසිදු වෙනස්කමකට ලක්වෙලා නැහැ. විශේෂයෙන්ම අපේ අධිකරණ ඇමැතිතුමා මේ ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ඉස්සර නීතියක් සම්මත කර ගන්නේ මාස 06කට පමණ වරක්. නමුත් දැන් නිතර නව නීති ගෙන එනවා. මම හිතන්නේ මෙම වසර අවසන් වන විට මෙම නීති සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවට සති දෙකක් නොවෙයි සති 03ක් වත් රැස්වීමට සිදු වනු ඇතියි.

අද මෙම උත්සවයේ කටයුතු ආරම්භ කළේ ආගමානුකූලවයි. මින් පිළිබිඹු වන්නේ අපේ රටේ තිබෙන ආගමික ළැදියාව පමණක් නොවෙයි. මූලික අයතිවාසිකමක් ලෙස ආගමික නිදහස ආරක්ෂා වන බවත් එයින් පිළිබිඹු වෙනවා.

ආගම් ඇදහීමේ අයිතිය පිළිබඳ සමස්ත සංකල්පය දැන් අභියෝගයට ලක්ව තිබෙන අතර මානව හිමිකම් කවුන්සිලය එළැඹෙන බ්‍රහස්පතින්දා වන විට ඒ පිළිබඳ තීරණයක් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

පසුගිය මාසයේ අග භාගයේ දී සල්වාන් මොමිකා (ී්කඅ්බ ඵදපසන්) නමැත්තකු ස්වීඩනයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී කුරානය පුලුස්සා දැමීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. පොලිසිය ඊට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කළත්, එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බව ශ්‍රේෂ්ඨාධිකරණ පරිපාලන උසාවිය සඳහන් කර තිබෙනවා.

මෙහිදී පොලිසිය ක්‍රියා කළේ ආගම් ඇදහීමේ අයිතිය මතයි. එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. ශුද්ධ වූ කුරානයට ගිනි තැබීමෙන් පසු එම ප්‍රදේශය තුළ විශාල කලබලයක් ඇතිවුණා. ස්වීඩනයට සියලු රටවලින් බලපෑම් එල්ල වුණා.

සියලු දෙනා එය හෙළාදුටුවා. ඊශ්‍රායලය පවා සඳහන් කළේ මෙය සිදු නොකළ යුත්තක් බවයි. මෙය ඒබ්‍රහම්ගේ දෙවියන් පිළිබඳ ශුද්ධ වූ ග්‍රන්ථයක් වන අතර, එයට අගෞරව නොකළ යුතු බව එහිදී සඳහන් කෙරුණා.

ස්වීඩනය ද සඳහන් කරන්නේ ශුද්ධ වූ කුරානය ගිනි තැබීම පිළිකුල්සහගත සහ අගෞරවනීය ක්‍රියාවක් සහ උසිගැන්වීමක් බවයි. නමුත් ඔවුන් පසුව කියා සිටියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීම් පැවැත්වීමේ අයිතිය ව්‍යවස්ථාපිතවම ආරක්ෂා කළ යුතු බවයි.

මෙම ප්‍රතිචාරය හමුවේ ඇතැම් බටහිර ආණ්ඩු සඳහන් කළේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙය බවයි. මෙලෙස ඔවුන් එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ගෙනාවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් පාකිස්තානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් තිබෙනවා.

මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එය 13 වැනි බ්‍රහස්පතින්දා ජිනීවාහිදී කැඳවා තිබෙනවා. දැන් මතුවන ප්‍රශ්නය මෙයයි. අප සියලු දෙනා මෙය සලකන්නේ ආගම් ඇදහීමේ නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසයි. නමුත් මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ගෙන ඒමේ උත්සාහයක් තිබෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට සියල්ල ගෙන ආ නොහැකි අතර එහි සීමාවක් තිබිය යුතුයි.

ඇතැම් රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ මෙම යෝජනාව සම්මත වුවහොත් එය බටහිර රටවලට පසුබෑමක් වන බවයි. මෙය බටහිර හෝ නැගෙනහිර හෝ උතුර හෝ දකුණ පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි මේ ආගම් ඇදහීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.

මම මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයෙක් නොවෙයි. නමුත් මම හිතන්නේ ශුද්ධ වූ කුරානය බොහෝ වටිනා ග්‍රන්ථයක් බවයි. රේගෙදාස්හි භගවත් ගීතාව සහ බයිබලය ඒ හා සමානව අප සියලු දෙනාටම භාවිත කළ හැකියි. ඒ හා සමානව ධම්මපදයේ හෝ ත්‍රිපිටකයේ ප්‍රයෝජනවත් කරුණු ආදර්ශයට ගන්න බෞද්ධ නොවන ජනතාවත් සිටිනවා.

එබැවින් අප සියලු දෙනාම මෙය ආගමට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකන නමුත් ඇතැම් බටහිර රටවලට අනුව එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතට ගැනෙනවා. එසේ සිදුව තිබෙන්නේ ඔවුන් පවතින ව්‍යාකූලත්වය අවම කිරීම සඳහා ප්‍රකාශනය පිළිබඳ සංකල්පය පුළුල් කිරීමට උත්සාහ කිරීම නිසයි.

එම නිසා ඔවුන්ගේ මතය වන්නේ බටහිර රටවල හර පද්ධතිය ව්‍යාප්ත කිරීමට ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යොදාගන්නා බවයි. එසේම මෙම හර පද්ධතිය ලෝකය පුරා ව්‍යාප්ත කළ යුතු බව ඔවුන් විශ්වාස කරනවා. අප සෑම විටම ප්‍රජාතන්වාදය අගය කරනවා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත් මම කතා කරන්නේ මෙම සිදුවීමට අදාළවයි. මෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳ වෙන කිසිවක් කතා කිරීමට මම කටයුතු කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අසසන් තැබුණු ගිවිසුමට අනුව අප අපගේ වගකීම් සපුරා නොමැති බව මම පිළිගන්නවා.

ඒ නිසා අප තීරණය කළා අපේ අදහස් මොනවා වුණත් යුතුකම් ඉටුකරමින් ඉදිරියට යමු කියලා. අපි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් අහන්නේ ඔබ ඇයි නිහඬ කියලා. කොමිසම මේ පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැත්තේ ඇයි? ඇයි ඔබ ඡන්දයක් එනකම් බලාගෙන ඉන්නේ? මෙය අප සියලු දෙනාටම ඉතා වැදගත් කාරණයක්. අපි පිළිපැදිය යුත්තේ කුමන හර පද්ධතිය දැයි පැවසිය යුතුයි.

අපගේ අධිකරණය බලය සහ පරමාධිපත්‍යය ලැබෙන්නේ ජනතාවගෙනුයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් ලෙස අප මානව හිමිකම් ප්‍රකාශය අනුගමනය කළ යුතුය. නමුත් එසේ නම් අප අනුගමනය කරන්නේ කුමන හර පද්ධතියක්ද? අපි මෙතෙක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සියලු නියාමනයන් අනුගමනය කළා. නමුත් ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඒ සියල්ල රඳා පවතින්නේ ඔවුන් ගන්නා ස්ථාවරය මතයි.

ඔබේ ඇදහීමේ නිදහස අභියෝගයට ලක්කළ නොහැකියි. එමෙන්ම එයට වෙනත් අර්ථකථනයක් ලබාදෙමින් ප්‍රකාශනයේ නිදහසට මුවාවී ඇදහීමේ නිදහස අහිමි කළ නොහැකියි. මානව හිමිකම් ප්‍රකාශනය ඇති වූයේ එක්සත් ජනපද ජනාධිපතිවරයා භාෂණයේ සහ ප්‍රකාශනයෙන් නිදහස තහවුරු කර ඇති අවස්ථාවකයි. ඔහු ප්‍රකාශ කළ පරිදි දෙවැනි නිදහස වන්නේ ඕනෑම අයකුට තම කැමැත්ත පරිදි දෙවියන්ට නමස්කාර කිරීමට ඇති නිදහසයි. නමුත් මානව හිමිකම් ප්‍රකාශය පරිදි එය ආගම සහ ඇදහීම ලෙස කොටස් දෙකකට බෙදී තිබෙනවා.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රූස්වෙල්ට් පවසා ඇති පරිදි මෙය පුද්ගලයකුගේ ඇදහීමේ නිදහස සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලෙස අප සලකනවා නම් අපට ඉතිහාසය නැවත ලිවීමට සිදුවෙනවා. එසේ නම් සියලු යුදෙව් පොත්පත් සහ දෙව්මැදුරු පුලුස්සා දැමූ ඇඩොල්ෆ් හිට්ලර්ව නොබෙල් ත්‍යාගලාභියෙක් කළ යුතුයි. ඒ නිසා දෙකෙන් එකක් අප තීරණය කළ යුතුයි. අපි මෙකක්ද කරන්න යන්නේ?

අප බ්‍රහස්පතින්දා මොකද වෙන්නේ කියා බලමු. ඔවුන් බලපෑම්වලට නතුව මෙය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ලෙස විනිශ්චයක් ලබාදුන්නහොත් එය දකුණ සහ බටහිර බලවතුන් අතර පැහැදිලි බෙදීමක් ඇති කරනවා.

එසේම මෙය ඇදහීමේ අයිතියක් ලෙස ඔවුන් තීරණය කළහොත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ පැහැදිලි සීමාවන් නිර්වචනය කළ යුතුයි. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන හානිය පිළිබඳ ප්‍රශ්නයකි. එහිදී ඔබ අනුගමනය කළ යුත්තේ කුමක්ද? මම අපේ විදේශ ඇමැතිතුමාගෙන් ඇහුවා පොදුරාජ්‍ය මණ්ඩලයේදී මෙම ගැටලුව සාකච්ඡා කරමුද කියලා. එවිට අධිකරණ අමාත්‍යවරයා ඇතුළු පිරිසට ඒ පිළිබඳ තර්ක ඉදිරිපත් කිරීමට හැකියි. මම පළමුවෙන්ම කිව්වා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයාට කතාකරන්න කියලා. පෙදුරාජ්‍ය මණ්ඩලය මානව හිමිකම් පිළිබඳ ප්‍රමුඛ භූමිකාවක් ඉටුකරනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙය එක් පාර්ශ්වයකට පමණක් ලබාදිය නොහැකි අතර එවිට එය දේශපාලනීකරණය වෙනවා. මෙය සමස්ත ජනතාවගේම අයිතිය විය යුතුයි. මෙය තමයි විශාලම අභියෝගය.

මානව හිමිකම් කවුන්සිලය ජනතාවගේ ඇදහීමේ අයිතිය ආරක්ෂා කර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සීමාවන් යොදනවාද නැද්ද කියා තීරණය කළ යුතුයි. කෙසේ වෙතත් මෙය ආරම්භයක් පමණයි.

එසේ වුවද, මා සිතන්නේ, අපගේම වටිනාකම්, දකුණේ රටවල සාරධර්ම, අයිතිවාසිකම්වලට මානව හිමිකම් කවුන්සිලය ගරු කළ යුතුයි. මෙය වෙනස්කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට එරෙහි වන ලෙස මම විදේශ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පාකිස්තානයේ යෝජනාවට සහාය ලබාදීමේ පළමු පියවර අප ගත යුතුයි.

බුදුන් වහන්සේ වදාළේ ‘සෑම ආගමික නායකයකුටම ගෞරවයෙන් සලකන්න’ යනුවෙනි. අප ද ඉල්ලා සිටින්නේ එයයි. අප පොදුරාජ්‍ය මණ්ඩලයේ දී මෙම කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා….’

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, අධිකරණ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අගවිනිසුරු ජයන්ත ජයසූරිය යන මහත්වරුද උත්සව සභාව ඇමතූහ.

ශ්‍රීපාදස්ථානාධිපති, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, පැල්මඩුල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමික නායකයින් ද, ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්ච්, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, තලතා අතුකෝරල, වාසුදේව නානායක්කාර, ගාමිණි වලේබොඩ, අකිල එල්ලාවල යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ද, නීතිපති සංජය රාජරත්නම් මහතා සහ මහාධිකරණ, දිසාධිකරණ සහ මහේස්ත්‍රාත් විනිසුරුවරුන් සහ රත්නපුර නීතිඥ සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

මහින්දගේ කලකිරීමට හේතුව රනිල්ගෙන් ආ රහස් පණිවුඩයද? රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

ගාල්ලේ චන්දිම සජබයට එක්වෙයි! පළමු රැස්වීමේදීම නොසිතූ අකරතැබ්බයක්! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.