මහින්ද රාජපක්ෂ ජනාධිපති වන විට පලස්තීන මිත්‍ර සංගමයේ සභාපතිය. ඔහු ජනාධිපති වූ පසු පලස්තීනයට පක්ෂව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන ආ යෝජනාවකට ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඔහු එසේ කළේ එවක විදේශ ඇමැති මංගලගේ උපදෙස් මතය. 2006 නොවැම්බර් 17 එම යෝජනාවට ඡන්දය විමසන විට ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ඡන්දය දීමෙන් වැළකී සිටි බව මහින්ද දැනගත්තේ පසුවය. මහින්ද සහ මංගල අතර ප්‍රශ්නය මතුවුණේ මේ සිද්ධියෙන් පසුවය. මහින්ද මංගලව ඉවත් කරන්න හේතුවක් වූයේත් මංගල පලස්තීනය සම්බන්ධයෙන් ගත් මේ තීරණයයි. මහින්ද මංගලව ඉවත් කිරීමට හේතු ඉදිරිපත් කරමින් මාධ්‍යයට නිකුත්කළ නිවේදනයේද සඳහන් වූයේ පලස්තීන යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් මංගල තමාව ලැජ්ජාවට පත්කළ බවය. මංගල ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ එම තීරණය නිසා ශ්‍රී ලංකා ඇමෙරිකා සබඳතා ශක්තිමත් වූ බවය. (Sri Lanka Latest News)
මහින්ද ජනාධිපති වූ පසු සිදුවූ මේ සිද්ධිය වගේ සිද්ධියක් වත්මන් ජනාධිපති අනුර කුමාරට සිදුවී තිබේ. අනුර ජනාධිපති වූ පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට චිලී රාජ්‍යය ගෙන ආ යෝජනාවට ලංකාව මුලින් අස්සන් කළේ නැත. විපක්ෂයේ හිටපු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මේ ගැන ප්‍රශ්න කිරීමෙන් පසු අනුරගේ ආණ්ඩුව ඊට අස්සන් කරන්න තීරණය කර තිබේ. මෙම යෝජනාවට රටවල් 105ක් අස්සන් කොට එම යෝජනාව ප්‍රසිද්ධියට පත්කරන විට ලංකාවේ නම ඒ රටවල් 105 අතර තිබුණේ නැත. ලංකාව එම යෝජනාවට අස්සන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ප්‍රකාශ කළේ පසුවය.
ජවිපෙ සහ ජාතික ජන බලවේගය මුල සිටම පලස්තීනය වෙනුවෙන් පෙනීසිටිය පක්ෂයකි. මෑතකදී ඊශ්‍රායල-පලස්තීන යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ගත් ස්ථාවරය වෙනුවෙන් තම පක්ෂය පෙනී සිටින බව ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි. අනුර ජනාධිපති වූ පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන ආ යෝජනාව සහ ජාතික ජන බලවේගයේ ස්ථාවරය සමාන විය. එහෙත් මුලින් ශ්‍රී ලංකාව එයට අස්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැටලුවකි.
මෙයින් පේන්නේ අනුරගේ ආණ්ඩුව විදේශ ප්‍රතිපත්තිය සම්න්ධයෙන් නිකුත් කරන සිග්නල්වල ලොකු අවුලක් තිබෙන බවය. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේ යෝජනාව ගැන ප්‍රශ්න කළාට පසු අනුරගේ ආණ්ඩුව සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමෙන් අවුල වැඩිවී ඇත. විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්නේ ජනාධිපති සහ ආණ්ඩුවද විදේශ තානාපතිවරුද යන්න පැහැදිලි නැති බව මේ සිද්ධියෙන් පෙනෙන්න තිබේ.










