• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ සිග්නල් අවුල්ද? Sri Lanka Latest News

October 28, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
මහින්දගේ ගම අල්ලගන්න අනුර ගමෙන් ගහපු ගේම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්ෂ ජනාධිපති වන විට පලස්තීන මිත්‍ර සංගමයේ සභාපතිය. ඔහු ජනාධිපති වූ පසු පලස්තීනයට පක්ෂව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන ආ යෝජනාවකට ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඔහු එසේ කළේ එවක විදේශ ඇමැති මංගලගේ උපදෙස් මතය. 2006 නොවැම්බර් 17 එම යෝජනාවට ඡන්දය විමසන විට ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ඡන්දය දීමෙන් වැළකී සිටි බව මහින්ද දැනගත්තේ පසුවය. මහින්ද සහ මංගල අතර ප්‍රශ්නය මතුවුණේ මේ සිද්ධියෙන් පසුවය. මහින්ද මංගලව ඉවත් කරන්න හේතුවක් වූයේත් මංගල පලස්තීනය සම්බන්ධයෙන් ගත් මේ තීරණයයි. මහින්ද මංගලව ඉවත් කිරීමට හේතු ඉදිරිපත් කරමින් මාධ්‍යයට නිකුත්කළ නිවේදනයේද සඳහන් වූයේ පලස්තීන යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් මංගල තමාව ලැජ්ජාවට පත්කළ බවය. මංගල ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ එම තීරණය නිසා ශ්‍රී ලංකා ඇමෙරිකා සබඳතා ශක්තිමත් වූ බවය. (Sri Lanka Latest News)

මහින්ද ජනාධිපති වූ පසු සිදුවූ මේ සිද්ධිය වගේ සිද්ධියක් වත්මන් ජනාධිපති අනුර කුමාරට සිදුවී තිබේ. අනුර ජනාධිපති වූ පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට චිලී රාජ්‍යය ගෙන ආ යෝජනාවට ලංකාව මුලින් අස්සන් කළේ නැත. විපක්ෂයේ හිටපු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මේ ගැන ප්‍රශ්න කිරීමෙන් පසු අනුරගේ ආණ්ඩුව ඊට අස්සන් කරන්න තීරණය කර තිබේ. මෙම යෝජනාවට රටවල් 105ක් අස්සන් කොට එම යෝජනාව ප්‍රසිද්ධියට පත්කරන විට ලංකාවේ නම ඒ රටවල් 105 අතර තිබුණේ නැත. ලංකාව එම යෝජනාවට අස්සන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ප්‍රකාශ කළේ පසුවය.

ජවිපෙ සහ ජාතික ජන බලවේගය මුල සිටම පලස්තීනය වෙනුවෙන් පෙනීසිටිය පක්ෂයකි. මෑතකදී ඊශ්‍රායල-පලස්තීන යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ගත් ස්ථාවරය වෙනුවෙන් තම පක්ෂය පෙනී සිටින බව ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි. අනුර ජනාධිපති වූ පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන ආ යෝජනාව සහ ජාතික ජන බලවේගයේ ස්ථාවරය සමාන විය. එහෙත් මුලින් ශ්‍රී ලංකාව එයට අස්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැටලුවකි.

මෙයින් පේන්නේ අනුරගේ ආණ්ඩුව විදේශ ප්‍රතිපත්තිය සම්න්ධයෙන් නිකුත් කරන සිග්නල්වල ලොකු අවුලක් තිබෙන බවය. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේ යෝජනාව ගැන ප්‍රශ්න කළාට පසු අනුරගේ ආණ්ඩුව සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමෙන් අවුල වැඩිවී ඇත. විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්නේ ජනාධිපති සහ ආණ්ඩුවද විදේශ තානාපතිවරුද යන්න පැහැදිලි නැති බව මේ සිද්ධියෙන් පෙනෙන්න තිබේ.

SendShareShare
Previous Post

කෑමවල බදු අඩු කරනවා කිව්වා! පඩි වැඩි කරනවා කිව්වා! ණය ගන්නේ නෑ කිව්වා! පෝලිම නැති කරනවා කිව්වා! IMF ගිවිසුම වෙනස් කරනවා කිව්වා! උගන්ඩාවේ ඩොලර් ගේනවා කිව්වා! තෙල් වරායෙන් බාන ගානට 10ක් එකතු කරලා දෙනවා කිව්වා! මේවා කරන්නේ කවදාද? සජබ මරික්කාර් අනුරගෙන් අහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආරුගම්බේ තර්ජනය ගැන මුලින්ම නිවේදනය නිකුත් කරපු අමෙරිකාවෙන් තවත් විශේෂ නිවේදනයක්! ලංකාව ඉන්නේ ‘ලෙවල් ටූ’ මට්ටමේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.