• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහේලගේ රහස් ඔක්කොම ගත්තා! වනිදු-දුෂ්මන්ත බංකුවේ තිබ්බා! ඉසුරුට ධනංජයට කළෙත් මේකමයි! ලංකාවේ ක්‍රිකට් IPL උගුලේ හිරවුණාද?

October 17, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මහේලගේ රහස් ඔක්කොම ගත්තා! වනිදු-දුෂ්මන්ත බංකුවේ තිබ්බා! ඉසුරුට ධනංජයට කළෙත් මේකමයි! ලංකාවේ ක්‍රිකට් IPL උගුලේ හිරවුණාද?
Share on WhatsAppShare on Facebook

අයි.පී.එල්. ඉවර වෙලා. මේ ලිපිය ඔබ කියවන කොට සමහර විට අයි.පී.එල්. ඉවර වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි මේ ලියන කොට අයි.පී.එල්. ඉවර නෑ. ඒත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගෙ අයි.පී.එල්. සංචාරය ඉවරයි. වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරව ආර්.සී.බී. පිටියෙන් නිදහස් කිරීමෙන් පස්සේ ඔවුන් මේ වෙනකොට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතු වෙලා පුහුණුවීම්වල නිරත වෙනවා. එතකොට රටම කලබල කරලා මුළු රටම උනන්දුවෙන් බලාගෙන හිටපු අවස්ථාවට මොකද වුණේ? අයි.පී.එල්. ගිය විනිඳුට සහ චමීරට අපි හිතපු දක්ෂතා අතරට එන්න පුළුවන් වුණාද? නෑ. ඔවුන්ට අපි හිතපු දක්ෂතා අතරට එන්න බැරි වුණාම වගේම දුෂ්මන්ත චමීරට එකම එක තරගයකටවත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ආර්.සී.බී. කණ්ඩායම උදාකරලා දුන්නෙ නෑ. ඒ වගේම වනිඳු හසරංගටත් සහභාගි වෙන්න පුළුවන් වුණේ තරග දෙකකට විතරයි. වනිඳු තමන් මුහුණ දුන්නු තරග දෙකේදි ඒ තරම් සාර්ථක නොවුණු නිසා වනිඳුව කණ්ඩායමෙන් ඉවත් කළා කියලා පිළිගන්න පුළුවන්. ඒ වගේම ආර්.සී.බී. කණ්ඩායමට පුළුවන්කම තියෙන්නෙ අයි.පී.එල්. නීතිරිතිවලට අනුව කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් විතරක් රඳවාගන්න නිසා මේ ක්‍රීඩකයන්ට එළියෙ ඉන්න සිද්ධ වුණා කියලා කවුරුහරි කෙනෙකුට කියන්න පුළුවන්. ඒත්, මේ කණ්ඩායමේ ක්‍රීඩකයො සියලු දෙනාම දක්ෂතා දක්වන්නෙ නැති අවස්ථාවකදි අපේ කණ්ඩායමේ ක්‍රීඩකයො දෙන්නට එකම අවස්ථාවක්වත් ලබා නොදෙන්නට ආර්.සී.බී. බලධාරීන් තීරණය කරලා තිබුණා. වනිඳු තමන්ට හම්බවුණු අවස්ථා දෙකෙන් ප්‍රයෝජන නොගත්තා කිව්වත්, දුෂ්මන්තට එකම අවස්ථාවක්වත් ලැබුණෙ නෑ. එතකොට ඇත්තටම මොකක්ද මේ වනිඳු සහ දුෂ්මන්තව ඉන්දියාවට ගෙන්නගෙන ආර්.සී.බී. කණ්ඩායම කරන්න උත්සාහ කළේ? ඔවුන් සමහර වෙලාවට මේ දේ කරන්න ඇත්තේ 100%ක් සද්භාවයෙන්. ක්‍රිකට් කියන්නේ එහෙම තමයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී සමහර වෙලාවට ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒත්, ආකාෂ් චොප්රා පසුගිය දවසක මේ ගැන කියලා තිබුණු විශේෂ කතාවත් එක්ක අපිට හිතුණා ටිකක් අයි.පී.එල්. ගිහිල්ලා අපේ ක්‍රීඩකයන් මුහුණ දීපු අත්දැකීම් ගැන ලියන්න.

ආර්.සී.බී. කණ්ඩායමට දුෂ්මන්තට අවස්ථාවක් ලබාදෙන්න ඉඩක් නොතිබුණාද කියලා ආකාෂ් චොප්රා ප්‍රශ්න කරනවා. ඔහු කියන්නේ ආර්.සී.බී. කණ්ඩායම පවර් ප්ලේ එකේදි තමන්ගෙ ප්‍රදිවාදී කණ්ඩායමට ලබාදීපු ලකුණු සංඛ්‍යාව ඇවරේජ් එකක් විදියට ගත්තම ලකුණු 50කට වැඩියි කියලා. ඒ වගේම ඔවුන් ඇවරේජ් එකක් විදියට එක විකට් එකක් විතරයි පවර් ප්ලේ එකේදි දවාගෙන තියෙන්නේ. එහෙම පවර් ප්ලේ එකේදි අසමත් වෙච්ච කණ්ඩායමකට පවර් ප්ලේ එකේදි හොඳටම පන්දු යවන සහ මේ කාර්තුවේ ඉතා හොඳින් දක්ෂතා අතර ඉන්න දුෂ්මන්ත චමීරව බංකුවෙ තියාගෙන ඉන්න සිද්ධ වුණේ ඇයි? ඔවුන් දුෂ්මන්තව බංකුවෙ තියාගෙන ඉඳීම හෝ වනිඳුට තරග නොදීමට වඩා භයානක කාරණාවක් මේ වෙනකොට අපට නොපෙනෙන තැනක තියෙනවා. ඒ තමයි තව නොබෝ දිනෙකින් 20/20 ලෝක ශූරතා තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. ඒ 20/20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඉන්න ප්‍රධානතම තුරුම්පු දෙක තමයි වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර. ඊට අමතරව තවත් ක්‍රීඩකයො කිහිප දෙනෙක් අපේ කණ්ඩායමේ සිටියත් වනිඳුට සහ දුෂ්මන්තට මුහුණ දීලා මේ වෙනකොට හොඳ පුහුණුවක් ඉන්දියාවෙ නායකයා ලබාගෙන අවසානයි. කෝලිට බෝල් දාන්න වෙන ක්‍රීඩකයො අපි ගාව නෑ. වනිඳුගෙ පන්දු වාර හතර සහ දුෂ්මන්තගෙ පන්දු වාර හතර ඉතා වැදගත් පන්දු වාර විදියටයි අපි සලකන්නේ. එහෙම නම් මේ වෙනකොට කෝලි වනිඳුට සහ දුෂ්මන්තට ඇති වෙන්න නෙට් එක ඇතුළේ මුහුණ දීලා අවසානයි. වනිඳුගෙ සහ දුෂ්මන්තගෙ තියෙන දුර්වලතා, දක්ෂතා ඔවුන් හඳුනාගෙනත් අවසානයි. මීට කලින් අවස්ථාවේදි ආර්.සී.බී. කණ්ඩායම අපේ ක්‍රීඩකයකුව මේ විදියටම දාගත්තා. ඒ තමයි අපේ ඒ වෙනකොට තරුම්පු ක්‍රීඩකයා බවට පත්ව හිටපු ඉසුරු උදාන. ඉසුරු උදානව කණ්ඩායම ඇතුළට ගත්තත්, ඔහුටත් වැඩිපුර තරග ලැබෙන්නෙ නෑ. ඔහු දක්ෂතා අතර ඉන්නකොට තමයි ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙලා යන්නේ. එතකොට අයෙත් කණ්ඩායම ඇතුළට එන්න ඉඩ ලැබෙන්නෙත් නෑ. මේ විදියට ගත්තම ආර්.සී.බී. කණ්ඩායම නිතර අපේ ක්‍රිඩකයෙක්ව කණ්ඩායම ඇතුළට අරගෙන, ඔහු සමග පුහුණුවීම් කරලා, ඒ ක්‍රීඩකයාව ගෙදර යවලා නිකන් ඉන්නවා කියලා අපට තර්කයක් ගොඩනගන්න පුළුවන්.

මීට කලින් අවස්ථාවලදිත් අඛිල ධනංජය වගේ ක්‍රීඩකයන්ට මේ අත්දැකීමටම මුහුණ දෙන්න සිද්ධ වුණා. අකිල මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන්න එකතු වුණත්, අකිලට තරග ලැබුණෙ නෑ. ඒ වගේම මීට කලිනුත් ක්‍රීඩකයො කිහිප දෙනකුටම මේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ අත්දැකීම්වලින් ඉන්දියාව හොඳ අත්දැකීමක් ලබාගෙන කණ්ඩායමක් විදියට ලෝක ක්‍රිකඩ් ඉතිහාසයේ ඉදිරියට ගියත්, ලෝකයෙ කිසිම කණ්ඩායමකට මෙහෙම ඉදිරියට එන්න ලැබුණෙ නෑ. මේ විදියෙ අත්දැකීමකට මුහුණ දීපු කණ්ඩායමක් තමයි දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකාවෙ හිටපු ප්‍රධාන තුරුම්පුවක් වෙච්ච ඒ.බී. ඩිවිලියස් සම්පූර්ණයෙන්ම ආර්.සී.බී. කණ්ඩායම සතු වෙනකොට ඔහු දකුණු අප්‍රිකාවට අහිමි වුණා. ඒ වගේම මේ වෙනකොට කුවෙන්ටන් ඩි කොක් ප්‍රධාන වශයෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අයිති කරගෙන ඉවරයි. ෆෆ් ඩුප්ලෙසිස් මේ වෙනකොට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර, ඔහුට මේ අවුරුද්දේදි දකුණු අප්‍රිකාවෙ ටී ටුවෙන්ටි සංචිතයෙ ස්ථානය පවා අහිමි වෙලා ගිහිල්ලා ඉවරයි. ඒ වගේම ඉම්රාන් තහීරුත් දකුණු අප්‍රිකාවෙන් එළියට විසිවෙලා ගිහිල්ලා. මේ විදියට අරගත්තම ක්‍රිඩකයො විශාල ප්‍රමාණයක් තමන්ගෙ රටේ ක්‍රීඩා කිරීම අතහැරලා දාලා, නැත්නම් තමන්ගෙ රටෙන් එළියට විසිවෙලා අයි.පී.එල්.වලට සින්නක්කරව අයිති වෙන ආකාරයක් අපට පේන්න තියෙනවා. මේ විදියේ උදාහරණ ඕනෙ තරම් තියෙනවා. එහෙම ගත්තට පස්සේ මේ අවුරුද්දේ 20/20 ලෝක කුසලානය තියෙ තණතිලිවල තමන්ගෙ මූලික සූදානම ඉන්දීය ක්‍රීඩකයො කරලා ඉවරයි. ඉන්දීය ක්‍රීඩකයන්ගෙ සංචිතයෙ ඉන්න 15 – 16 දෙනාට අමතරව ඉන්දීය ක්‍රීඩකයො අවශ්‍ය නම් ක්‍රිකට් කණ්ඩායම් තුනකට විතර තරග කරන්න පුළුවන් විදියට ඔවුන්ට මේ පිට්ටනි දැන් හුරු වෙලයි තියෙන්නේ. ඒ විදිටය අරගත්තට පස්සේ අපට පැහැදිලිව පේනවා අයි.පී.එල්. කියලා කියන්නේ ඉන්දියානුවන්ගේ මාස්ටර් ප්ලෑන් එකක් කියලා. ඉන්දියානු බුද්ධි සේවා වගේම ඉන්දියානු ක්‍රීඩාවත් අද වෙනකොට ලෝකෙ තියෙන අනෙක් රටවල ක්‍රීඩාවලට ළං වෙන්න තියා හිතන්නවත් බැරිවෙන විදියට මාස්ටර් ප්ලෑන් එකක් ඇතුව මේ ගමන යනවා කියන එක අපට හොඳටම පැහැදිලියි. අයි.පී.එල්. කියලා කියන්නෙත් ඒ මාස්ටර් ප්ලෑන් එකේම තවත් එක කොටසක් විතරයි

ඒ වගේම ලංකාවෙ පුහුණු උපදේශක විදියට කටයුතු කරන මහේල ජයවර්ධන මේ වෙනකොට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමත් එක්ක කාලයක් වැඩ කරලා ඉවරයි. එතකොට මහේලගෙ රහස් ගොඩක් මුම්බායි ඉන්ඩියන්ස්ලා දන්නවා. අපිත් එක්ක වැඩ කරනවා නම් වැඩ කරන්න ඉන්න ශ්‍රී ලාංකික ක්‍රීඩකයො පුහුණුකරුවො විදියට ඉන්දියාවෙ අයි.පී.එල්. තරගාවලියට එකතු වෙලා ඉවරයි. ඒ අතර කුමාර සංගක්කාර, මුරලිදරන් වගේ අය ඉන්නවා. ලසිත් මාලිංගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් විශාල කාලයක් ක්‍රීඩා කළා වගේම, මේ වෙනකොට ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව ගිහිල්ලා. ඒත් ඇත්ත කතාව වෙන්නේ මුම්බායි ඉන්ඩියන්ස් එක්ක ක්‍රීඩා කරන්න අස්සන් කරපු ගිවිසුමෙන් පස්සේ අපට ලසිත්ව බොහෝ විට මඟහැරුණාය කියන එක. මොකද ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනවට වඩා වැඩි උනන්දුවකින් ක්‍රීඩා කළේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒකෙ සත්‍ය අසත්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව ලසිත් සමහර වෙලාවට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරලා, වෙහෙස නොබලා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරපු අවස්ථාත් තිබුණා.

කොහොම නමුත් මේ විදියට කුමාර සංගක්කාරත් ටික කාලයක් බංකුවෙ ඉන්න තරමට පත්වුණා අයි.පී.එල්. ගියපු අවස්ථාවෙ. ඒ වගේම අපේ ක්‍රීඩකයො විදියට සනත් ජයසූරිය, ටී.එම්. ඩිල්ෂාන් වගේ ක්‍රීඩකයො දීර්ඝ කාලයක් මේ කණ්ඩායම එක්ක ක්‍රීඩා කරපු අය. ඩිල්ෂාන්ටත් බොහෝ අවස්ථාවල ආර්.සී.බී. බංකුව තමයි අයිති වුණේ. මේ විදියටම චමින්ද වාස්, ඩෙකෑන් චාජර්ස් කණ්ඩායමට ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට්ලා එක්ක ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ඉන්නකොට ඒ සීරිස් එකේ වැඩිම කඩුලු ලාභියා වෙලා ඉන්නකොට වාස්ටත් බංකුවෙ ඉන්න සිද්ධ වුණා. මේ විදියට කණ්ඩායමේ ක්‍රීඩකයො බොහෝ දෙනෙක් ඉන්දියාවට ගිහිල්ලා අයි.පී.එල්.වලට ක්‍රීඩා නොකර අයි.පී.එල්. කණ්ඩායමෙන් එළියට විසිවෙනකොට අපේ ක්‍රිකට් ඉරණම සම්බන්ධව අයි.පී.එල්. විශාල බලපෑමක් කරනවා කියලයි අපට පේන්න තියෙන්නේ.
මේ වෙනකොට අයි.පී.එල්. ඉවර වෙලා. ඉන්දියානු කණ්ඩායමට තව දුරටත් අපැහැදිලි ක්‍රීඩකයො, තේරුම් ගන්න බැරි ක්‍රීඩකයො ඉන්නවා නම් ඉන්නේ පැපුවා නිව්ගිනියාව, ඕමානය වගේ කණ්ඩායම විතරයි. එහෙම නැතුව ප්‍රධාන පෙළේ සෑම කණ්ඩායමකම ඉන්න ප්‍රධාන තුරුම්පු ටික ඔවුන් අඳුනගෙනයි ඉන්නේ. මේ විදියට හඳුනා නොගත්ත ක්‍රීඩකයො පාකිස්තාන කණ්ඩායමේ පමණයි තවමත් ඉතිරි වෙලා තියෙන්නේ. දේශපාලන අරගලයක් හින්දා ඔවුන්ගෙ ක්‍රීඩකයො අයි.පී.එල්. සඳහා සහභාගි කරවාගන්නේ නෑ.

ඒ වගේම ඉතා වැදගත් කාරණයක් වෙන්නේ ලෝකෙ කොයි රටකත් තියෙන ටී ටුවෙන්ටි පන්නයේ තරග සඳහා ඉන්දියානු ක්‍රීඩකයන්ව සහභාගි වීමට ඉන්දියානු ක්‍රිකට් බලධාරීන්ගෙන් අවසර ලැබෙන්නෙත් නෑ. ඉන්දියාවෙ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්ත ක්‍රීඩකයො හැර, වෙන කිසිම ක්‍රීඩකයෙක් බිග් බෑෂ් හෝ කැරබියන් ප්‍රිමියර් ලීග් හෝ බී.පී.එල්. හෝ වෙනත් කිසිම තරගයකට ක්‍රීඩා කරන්නෙත් නෑ. ඒ විදියට ගත්තම අයි.පී.එල්. කියලා කියන්නේ ඉන්දියාවෙ ක්‍රිකට් වසන්තය වුණාට ලෝකෙ ක්‍රිකට් වසන්තය නෙවෙයි කියන එක හැමෝම මතක තියාගන්න ඕනෙ.

අර්ජුන රණතුංග වරක් මේ ගැන දිගින් දිගටම කියලා තිබුණා. අර්ජුනලා කියන කොට අපට ඒවා ඒ තරම් අගයක් නැති වුණාට, මෙදා පොටේ තව පාරක් අයි.පී.එල්. කියන්නේ අමුතුම සෙල්ලමක් කියලා තේරුම් නොගත්තා නම් ඔබට එක්කො ක්‍රිකට් තේරෙන්නෙ නෑ. නැත්නම් ඔබට වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සජිත් ඉල්ලුවාම කට්ටියට තද වුණාට ඔන්න මෛත්‍රීත් වහාම ජන්දයක් තියන්න ඉල්ලයි!

Next Post

හරවලා යවපු අතිභයානක චීන වස පෝර නැව ඔන්න වටයක් ගහලා 25 ආයෙ ලංකාවට එනවා! (VIDEO)

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.