පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුවය.
බඩු මිල ඉහළ යෑම නිසා ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින බවත් ජනතාවට මේ මොහොතේදී යම් සහනයක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මීට සති 3කට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට අභියෝග කරද්දී ආණ්ඩුවේ බලධාරීන් පමණක් නොව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද විපක්ෂනායකවරයාව විවේචනය කිරීමට පියවර ගත්තේය.










