• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිංග ‘පුංචි මාලිංගව’ විනාශ කරන්න හදනවාද? කරපු යෝජනාව ගැන වාස්ටත් යකා නැගලා! දෝනි කියපු කතාව හරි කියලයි හැමෝම කියන්නේ! I Sri Lanka Latest News

May 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මාලිංග ‘පුංචි මාලිංගව’ විනාශ කරන්න හදනවාද? කරපු යෝජනාව ගැන වාස්ටත් යකා නැගලා! දෝනි කියපු කතාව හරි කියලයි හැමෝම කියන්නේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානය දිනා ගත් වේගපන්දු යවන්නා බවට පත්වෙමින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සිටින 20 හැවිරිදි යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රීඩාවේ නිරතවිය යුතු බවට හිටපු වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග කළ ප්‍රකාශය හිටපු ක්‍රීඩකයන් රැසකගේ විමතියට හේතු වී ඇතැයි වාර්තා වේ.

මාලිංග එම ප්‍රකාශය කර ඇත්තේ මෙවර අයිපීඑල් තරගාවලියේ අවසන් මහා තරගයට 10 වැනි වරටත් සුදුසුකම් ලැබීමට චෙන්නායි පිලට පන්දුවෙන් කැපී පෙනෙන දායකත්වයක් දුන් මතීෂ වැනි පන්දු යවන්නකු රැක ගැනීමට ඔහු ටෙස්ට් ක්‍රීඩාවෙන් ඉවත් කර තැබිය යුතු බවට චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමිනි.

ටෙස්ට් ක්‍රීඩාවෙන් සිය ශිල්පීය ක්‍රම සහ ශක්තිය වඩාත් දියුණු වන බැවින් මතීෂ ටෙස්ට් ක්‍රීඩාවට යොදා ගත යුතු බවට මාලිංග කළ ප්‍රකාශය හිටපු ක්‍රීඩකයන් රැසකගේ විමතියට හේතු වී ඇත්තේ එවකට ලසිත් මාලිංග අවුරුදු 27ක් වැනි තරුණ වියේදීම ටෙස්ට් පිටියෙන් සමුගෙන එක්දින හා විස්සයි20 ක්‍රීඩාවට පමණක් යොමුවීම හේතුවෙනි. වසර 2004 දී ටෙස්ට් වරම් ලැබූ මාලිංග 2010 දී ටෙස්ට් පිටියෙන් ඉවත්වූ අතර, ඒ අතරතුර කාලසීමාවේදී ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 30කට පමණි. ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 101කි. වසර 2010 දී ටෙස්ට් පිටියෙන් සමුගෙන තවත් වසර 9ක්ම එක්දින, ජාත්‍යන්තර විස්සයි20 හා අයිපීඑල් තරග බිමේ ක්‍රීඩා කළ මාලිංග යොවුන් වේගපන්දු යවන්නා ටෙස්ට් ක්‍රීඩාවේ නිරත විය යුතු බවට කළ ප්‍රකාශය ඔහුගේ ක්‍රියා කලාපය සමඟ සංසන්දනය කිරීමේදී පරස්පර විරෝධී බවද එම ක්‍රීඩකයෝ පෙන්වා දෙති.

එක්දින තරග 226කදී කඩුලු 338ක් ද, විස්සයි20 ජාත්‍යන්තර තරග 84කදි කඩුලු 107ක් දවාගෙන ඇති මාලිංග ඒ සියල්ලටම වඩා අයිපීඑල් තරග බිමට වැඩි දායකත්වයක් දුන් ක්‍රීඩකයකු වන අතර, මුම්බායි ඉන්ඩියන්ස් පිල නියෝජනය කරමින් අයිපීඑල් තරග 122කට ක්‍රීඩා කර කඩුලු 170ක් දවා ගත්තේය. ඔහු ටෙස්ට් පිටිය හැර දමා අයිපීඑල් යෑම හේතුවෙන් එවකට මෙරට ක්‍රීඩාලෝලීන් අතර සහ හිටපු ක්‍රීඩකයන් අතර දැඩි අප්‍රසාදයට ද ලක් වූවෙකි.

මෙරට ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම වේගපන්දු යවන්නා ලෙස සැලකෙන චමින්ද වාස් ද මාලිංගගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු දෝනිගේ ප්‍රකාශය අනුමත කරමින් පසුගියදා සඳහන් කර ඇත්තේ මතීෂ වැනි යොවුන් ක්‍රීඩකයන් වැඩි කාලයක් ආරක්ෂා කර ගැනීමට නම් ටෙස්ට් පිටියෙන් ඉවත් කර තැබිය යුතු බවය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111කට ක්‍රීඩා කරමින් වාර්තාගත කඩුලු 355කට හිමිකම් කියන චමින්ද වාස් එක්දින තරග 322කදී දවාගත් කඩුලු සංඛ්‍යාව 400කි.

විස්සයි20 තරග 6කට ක්‍රීඩා කරමින් කඩුලු 6ක් දවාලූ චමින්ද වාස් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය ටෙස්ට් ජයග්‍රහණ රැසකට දායකත්වය දුන් විශිෂ්ට පන්දු යවන්නෙකි. හෙතෙම 1994 සිට 2009 දක්වා වසර 15ක් ටෙස්ට් පිටියේ රැඳී සිටිමින් අවුරුදු 35 වනතුරු ක්‍රීඩා කළේය.

SendShareShare
Previous Post

කහින්නෙ නැතිව අහන් ඉන්න! පොහොට්ටු මන්ත්‍රීවරුන්ට මරික්කාර් කනේ ඇඟිලි ගහගන්න කියයි! ගමට යන්න නම් පොසොන් උත්සවය තියන්න සල්ලි දීලා ඉන්න! සල්ලි නැත්නම් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් සල්ලි දෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

කොණ්ඩ රැවුල් වවාගෙන ඉස්කෝලෙට ආ සිසුන්ට අවවාද කළ විනයභාර ගුරුවරයාට සිසුන් වටකරගෙන ගහලා! මුලින්ම ගේ වටකරලා හූ කියලා ගෙට ගලුත් ගහලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.