ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී, අනෙකුත් ණය හිමියන් සමග පොදු යාන්ත්‍රණයකට එළැඹීම චීනය විසින් තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.Sri Lanka Latest News
චීනය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වීපාර්ශ්වික ණය හිමියා ය.
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය එක්ව පොදු වේදිකාවක් ගොඩ නගා ඇති අතර, චීනය නිරීක්ෂකයෙකුගේ මට්ටමින් ඊට සහභාගී වී සිටියි.
පසුගිය දා කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිණි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සදහා චීනයේ සහාය ලබා දීමට මැදිහත් වන බවට පොරොන්දු වී තිබුණි. ඊට අමතරව, මුදල් අමාත්‍යංශ නිළධාරීන් මෙන්ම ජනාධිපතිවරයා සහ මෑතකදී චීනයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා ද, ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය දක්වන ලෙස චීනයෙන් ඉල්ලා තිබුණි.
කෙසේ වෙතත්, “ණය ප්‍රතිව්‍යුහගතකරණය” යන වචනය පවා චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර, ඔවුන් පවසන්නේ වඩාත් සුදුසු වචනය “ණය කළමණාකාරණය” යන්න බවයි.
ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.4 කි.