වයස අවුරුදු 10ක පාසල් සිසුවියකට වරින්වර ලිංගික අතරව සිදුකළ බව කියන වැඩබලන විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලීසිය (Sri Lanka Latest News) පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පාසලක වැඩබලන විදුහල්පති ලෙස සේවය කරමින් සිටි වයස අවුරුදු 57ක අයෙක්.
සැකකාර විදුහල්පතිවරයා සෝලේවැව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
තම දියණියට ඉකුත් 14 වෙනිදා සිට අවස්ථා කීපයක දී සැකකරු විසින් ලිංගික අතවර සිදුකර ඇති බවට දැරියගේ මව විසින් ගිරිබාව පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර විදුහල්පතිවරයා ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අතවරයට පත්ව ඇති බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගිරිබාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
dasathalankanews










