රට තුළ සිටි ළමා හෘද රෝග විශේෂඥයන් එකොළොස් දෙනාගෙන් හය දෙනෙකුම මේ වන විට රට හැර ගොස් ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News
ඒ අනුව, මේ වන විට ඉතිරිව සිටින ළමා හෘදරෝග විශේෂඥයන් ගණන පස් දෙනෙකි.
ඔවුන්, රිජ්වේ ආර්යා ළමා රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල්වලට අනුයුක්තව සේවය කරති.
සාමාන්‍යයෙන් රට තුළ ළමා හෘද රෝග විශේෂඥයන් විසි දෙනෙකුවත් සිටිය යුතු බව පැවසේ.
ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිගය හේතුවෙන්, එකම විකල්පය බවට පත් වී ඇත්තේ රෝගීන් ලේඩි රිජ්වේ ළමා රෝහලට මාරුකර එවීමයි.
ලේඩි රිජ්වේ ළමා රෝහලේ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු සිව් දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු මේ වන විට රට හැරගොස් තිබේ.










