ISIS සංවිධානයට සම්බන්ධ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සමඟ සම්බන්ධ බවට සැක කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව – කාත්තන්කුඩි ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
මොහුට අයි.එස්. මතවාදය ව්‍යාප්ත කිරීම සදහා කෝටි ගණනින් මුදල් ලැබී ඇති බවද පොලිසිය සදහන් කොට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු තමිල්නාඩුවේ කොයිම්බතූර් ප්‍රදේශයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් ඉන්දීය අත්අඩංගුවේ පසුවූ බවද වාර්තා වේ.
මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් අනාවරණය කොටගෙන ඇති බවද දැනගන්නට ඇත.










