රිෂාඩ් බදියුදීන් මහතා හෙට (07) පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සහ අනිද්දා (8) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී කරවන්නයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.
රැඳවුම් නියෝග යටතේ පසුවන රිෂාඩ් බදියුදීන් මහතා මෙයට පෙර පැවැති පාර්ලිමේන්තු රැස්වීම්වලටද වේත්‍රධාරීවරයාගේ දැනුම්දීම අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහි රැගෙන එනු ලැබීය.
මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් පදනම් කරගෙනය.










