දකුණු පළාත් ස්ථාන කිහිපයකදී පසුගිය සතියේදී අත්අඩංගුවට ගත් ඉන්දියානුවන් සහ නේපාල ජාතිකයන් මෙරට රැදි සිටිමින් සිදුකර ඇත්තේ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ ඡාවාරමක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.Sri Lanka Latest News
ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම ඉන්දියාවේ තහනම් බැවින් මේ දිනවල පැවැත්වෙන අයි.පී.ඒල්. තරගාවලිය ඉලක්කරගෙන ඔවුන් මෙරට රැදෙමින් ඔට්ටු ඇල්ලූමේ ඡාවාරම මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇත.
සංවිධානාත්මකව මෙන්ම රහසිගතව ඔවුන් මෙම ඔට්ටු ඇල්ලීමේ ඡාවාරම සිදුකරගෙන ගොස් ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් අනාවරණය කරයි.
පසුගිය 11 වෙනිදා දකුණේ ස්ථාන 05කදී ඉන්දියානුවන් සහ නේපාල ජාතිකයන් 288 දෙනෙක් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අ ඩංගුවට ගත්තේය. ඒ් පරිගණක සහ ජංගම දුරකථනද රැසක් සමගිනි. සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඔවුන් මහා පරිමාණයෙන් මෙම ඔට්ටු ඇල්ලීමේ ජාවරම අන්තර් ජාලය ඔස්සේ සිදුකර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. අත්අඩංගුවටගත් අයගෙන් 288 දෙනෙක්ම ඉන්දියානුවන්ය.
මෙම ඡාවාරම මෙහෙයවනුයේ ඉන්දියාවෙන් පිටත සිටින කණ්ඩායමක් විසින් බවත් ඒ සදහා සම්බන්ධ මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
2025 සහ 2024 වර්ෂවලදී ද අයි.පී.එල්. තරග පැවැත්වෙමින් තිබියදී තලංගම , කෝට්ටේ සහ මීගමුව කොච්චිකඩේ ආශිතව හෝටල් සහ නවාතැන් පොලවල්වලදී ඉන්දියානුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අයද එම ස්ථානවල රැදි සිටිමින් සිදුකර තිබුණේ යැයි අනාවරණය වන්නේ ක්‍රිකට් සූදු ජාවාරමකි.










