ලංකා අයි ඕ සී සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර ලැබුණු බව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබේ.
එම පිරවුම්හල් 50 දිවයින පුරා විවිධ ප්‍රදේශවල ස්ථාපනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා දැනුම් දී ඇත.










