යහපාලන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන්නේ කිසිදු ගැටලුවක් නොතිබූ රටක් බවත්, ගෝඨාභය යටතේ රටේ සියලු ක්ෂේත්‍ර කඩාවැටුණු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කැබිනට්ටුවේ සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ වැනි ඇමැතිවරුන් සමග කැබිනට්ටුවේ අසුන් ගත නොහැකි බවකි.
සජබය කිසිදු අයුරකින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් නොවන බවත්, ඇමැතිකම් නොගෙන පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ වැඩපිළීවෙළකට සහාය දැක්වීමට සජබය සූදානම් බවත්ය.










