කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය 7.6%ක් දක්වා ඉහළ නැග ඇත.
සැප්තැම්බරයේ උද්ධමනය පැවතියේ 5.7% ක් ලෙසය.
ආහාර සහ ආහාර නොවන යන ඛාණ්ඩ දෙකටම අයත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම උද්ධමයේ මෙම වර්ධනයට හේතුවයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා පනවා තිබුනු මිල පාලනය ඉවත් කිරීමට රජයට කටයුතු කිරීමෙන් පසුව භාණ්ඩ මිල ගණන් ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේ ය.
සහල්, පාන්, වෙනත් බේකරි නිෂ්පාදන, පොල්, එළවලූ, කහකුඩු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැුසක් සැප්තැම්බරයේ සිට මිල ඉහළ යාමට ලක් විය. ඔක්තෝබරයේ දී කිරිපිටි මිල ඉහළ ගියේ ය.
ඊට අමතරව, ගෑස් මිල ඉහළ යාම ආහාර නොවන ඛාණ්ඩයට අයත් භාණ්ඩවල මිල ඉහළ යාමට ද දැඩි ලෙස බලපෑවේ ය.










