මඩකලපුවේ පැවති ආගමික උත්සවයක් සඳහා විශාල පිරිසක් ඒකරාශි වීමක් පිළිබදව ජායාරූප සමාජ මාධ්‍ය ජාලාවන්හි පලවීමත් සමග ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මඩකලපුව මාමාම්ගා ඊශ්වර කෝවිලේ පැවති ආගමික උත්සවයක් සඳහා පැමිණ සිටි එම පිරිස සිය ආගමික චාරිත්‍රානුකූලව අනුව ගංගා දියට බැස එම ජලය ස්නානය කරන ආකාරයක් මෙම ජායාරූපවලින් දැක්වේ..
ඉන්දියාවේද දරුණුම කොරෝනා රැල්ල ඇති වීමට මෙවන් ආගමික පූජාද හේතු වූ බව එරට මාධ්‍ය වාර්තා කරන ලදී.











