යාපනය පේදුරුතුව ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල් දෙකක භාරකාර මණ්ඩලයන් විසින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පූජාවන් පැවත්වීම හේතුවෙන් අද (08) සිට දින 14 ක කාලයක් වසාතැබීමට පියවර ගත් බව පේදුරුතුඩුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ මුණියප්පර් සහ සිවන් හින්දු කෝවිල්හි වාර්ෂික දේව පූජාවන් සඳහා විශාල පිරිසක් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය නොකරමින් සහභාගී වීම පිළිබඳව සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිළි ලැබීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් මෙම පියවර ගෙන ඇත.
එහිදී සෞඛ්‍ය නිලධාරීන් විසින් අදාල කෝවිල් දින 14 ක කාලයකට මුද්‍ර තැබූ අතර කොවිල් භාරකාර මණ්ඩලයන්ටද නිරෝධායනය වන ලෙසට දැනුම් දී ඇත.
පේදුරුතුඩුව ප්‍රදේශයේ දැඩි කොරෝනා අවදානමක් පවතින අතර මේ වන විටත් පුද්ගලයින් දෙදහසකට අධික පිරිසක් නිවෙස්හි නිරෝධායනය වෙමින් සිටින හෙයින් කිසිදු උත්සව අවස්ථාවකට සහභාගී නොවන ලෙසට සෞඛ්‍ය නිලධාරීන් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිති.











