ඉන්දියාවේ විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා මහතා නිල සංචාරයක් සඳහා පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඔක්තෝබර් 02 වැනි දින ලංකාවට පැමිණෙන ඒ මහතා 5 වැනිදා දක්වා ලංකාවේ රැදී සිටිනු ඇත.
ඉන්දීය දේශ ලේකම්වරයාගේ සංචාරය තුළින් ඉන්දු-ලංකා ද්විපාර්ශ්වික සබඳතා, අඛණ්ඩ ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ කොවිඩ් ආශ්‍රිත බාධාවලට මුහුණ දීම සඳහා අඛණ්ඩ සහයෝගීතාව සමාලෝචනය කිරීමට අවස්ථාව සැලසන බව එම නිවේදනයේ සදහන්ය.