ආණ්ඩුව සහල් මිල පාලනය කිරීම සදහා ගැසට් ගසා හදිසි නීතිය දැමූ නමුත් මේ වනවිට ගැසට් ඉවත් කොට හාල් මුදලාලිලා මිල පාලනය කරන තැනට ආණ්ඩුව පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කෘෂිකර්ම ඩඩ්ලි සිරිසේනට ඇමැතිකමක් දුන්නා නම් මීට වඩා හොද යැයි කියාය.
වැල්ලම්පිටිය පොදු වෙළෙදපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.