ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති ආසියානු කුසලාන තරඟාවලියේ ඊයේ පැවැති තරගය අවසානයේ ඉන්දීය ක්‍රීඩකයන් පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීමෙන් වැළකී සිටියේය.Sri Lanka Latest News
නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ තරගය ජයග්‍රහණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරාව සුපුරුදු අතට අත දීමකින් තොරව ක්‍රීඩාංගණයෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඉන්දියාවේ ජයග්‍රහණයෙන් පසු, පාකිස්තාන නායක සල්මන් අලි අගා ඉන්දීය ඇඳුම් පැළඳුම් කාමරය දෙසට ගිය නමුත් ඉන්දීය ක්‍රීඩකයින් කිසිවෙකු එළියට ආවේ නැත.
නායක සූර්යකුමාර් හයේ පහරක් එල්ල කර, ඔහුගේ කණ්ඩායමේ සගයා වන ඩුබේට කතා කළ අතර, දෙදෙනා වහාම ඉන්දීය ක්‍රීඩාගාරය දෙසට යනු ආකාරයක් දිස්විය. (ඉන්දියා ටයිම්ස්)
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙරට අතර තරගයෙන් පසු, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ බව පාකිස්ථාන පුහුණුකරු මයික් හෙසන් පවසයි.
මේ වසර මුලදී දෙරට අතර ඇති වූ ගැටුමෙන් පසු දෙරටේ ක්‍රීඩකයින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පළමුවරට හමුවූයේ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය.
Well done Team India! After hitting the winning shot, Suryakumar Yadav and Shivam Dube went straight towards the dressing room. No one from the Indian dugout came out to shake hands, while the Pakistan team stood waiting, but the Indian team didn’t shake hands with them.💪🇮🇳 pic.twitter.com/Qld6Kf0KhO
— 𝐑𝐮𝐬𝐡𝐢𝐢𝐢⁴⁵ (@rushiii_12) September 14, 2025










