ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු සහාය ලබා දීමට ඉන්දීය අගමැතිවරයා පොරොන්දු වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කීය.
එමෙන්ම ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ බෙහෙත් ලබා ගැනීමට ඉන්දියාව ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා දීමට පොරොන්දු වූූ බවද මුදල් අමාත්‍යවරයා කීය.
එය කිසිදු කොන්දේසියකින් තොරව ලබා දුන් බවද ඒ මහතා කියා සිටියේය.










