ශ්‍රී ලාංකික පුද්ගලයන් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කරන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් විසින් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට වාර්තා වනවා. (Sri Lanka Latest News)
පුද්ගලයන් කිහිප දෙනකු වට්ස්ඇප් සමූහයේ සාමාජිකයන් වෙමින් මෙසේ කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින බවට පැමිණිල්ලේ වැඩිදුරටත් කරුණු සඳහන් වන බවයි වාර්තා වුණේ.
අවුරුදු දෙක තුන පහ හා හත යන වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැනු දරුවන්ගේ ලිංගික හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=, 2000/= හා 3000/= වැනි මුදලට සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරන බව සඳහන්.
hirunews










