මුලතිව්,නිරාවිපිට්ටි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට වළ දමා තිබියදී අදාළ මළ සිරුර සොයා ගැනීමට ඊයේ(24) හැකිවු මුලතිව් මුල්ලියාවේලි පොලිසිය පවසයි. Sri Lanka Latest News
පොලිසිය පැවසූවේ මුලතිව්,නිරාවිපිට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සිය බිරිඳ ඝාතනය කොට වළ දමා පළාගොස් සිටි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ පාපොච්චාරණයක් මත මළ සිරුර වළ දමා තිබු ස්ථානයෙන් ගොඩගත් බවයි.
මියගිය කාන්තාව පසුගිය 21 වැනිදා සිය මවට දුරකථනයෙන් කථා කොට ඇති අතර, දියණියගෙන් දින ගණනාවක් කිසිදු තොරතුරක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව 23 වැනිදා දියණිය රැදී සිටි නිවසට ගොස් පරීක්ෂා කොට තිබිණ.
එහිදි දියණිය කුලි පදනම මත රැදී සිටි නිවසේ කිසිවෙකුත් නොසිට ඇති අතර,දියණියගේ දුරකථනයෙන්ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව නිවස වටා පරීක්ෂා කොට තිබිණ.
දියණියගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මව මුල්ලියාවෙලි පොලිසිය වෙත දැනුම්දී තිබිණ.
ලද පැමිණිල්ල මත පුළුල් විමර්ශනය කළ මුල්ලියාවේලි පොලිසිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ රැදී සිටි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබිණ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව සැකකරු අදාළ කාන්තාව ඝාතනය කොට වළ දමා තිබු ස්ථානය හදුනාගැනීමට පොලිසියට හැකිව තිබිණ.
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ මුල්ලියාවේලි පොලිසිය නිවස පිටුපස කපා තිබු වළ හාරා පරීක්ෂා කිරීමේදී, වළ දමා තිබු මියගිය කාන්තාවගේ මළ සිරුරුසොයා ගැණින.
මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රදේශවාසීන් පැවසූවේ මියගිය කාන්තාව හා ස්වාමිපුරුෂයා මීට සති 3කට පමණ පෙර විවාහ වි ඇති අතර, දෙදෙනා අතර යම් යම් ආරවුල් පැවති බවට ආරංචි පවතින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.