• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු පැමිණිල්ලක් කර රිමාන්ඩ් කළ පුද්ගලයෙකුට ලක්ෂ 30ක වන්දියක් ගෙවන්න නියෝග! CIDයේ තුන්දෙනකුට අතිනුත් ගෙවන්න වෙයි! I Sri Lanka Latest News

September 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රට විනාශ වෙන තීන්දු ගත්තැයි මහින්ද-බැසිල්-පී.බී.-කබ්රාල්-ලක්ෂ්මන් හා ව්‍යාපාරික සමන්ත කුමාරසිංහට ‌එරෙහි නඩුව හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට එනවා!
Share on WhatsAppShare on Facebook

රහස් පොලිසියට කරන ලද බොරු පැමිණිල්ලක් මත පුද්ගලයකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වන්දි ලෙස රුපියල් ලක්ෂ 30 ක මුදලක් ගෙවන ලෙසට පැමිණිල්ල කළ තැනැත්තාට නියෝග කළේය.Sri Lanka Latest News

මෙම සිද්ධියට වගකිවයුතු රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජානක මාරසිංහ මහතා රුපියල් 75,000 ක මුදලක්ද, උපපොලිස් පරීක්ෂක ඒ.එස්. සුදසිංහ සහ පොලිස් කොස්තාපල් එච්.පී.පී. ප්‍රියදර්ශන යන මහත්වරුන් රුපියල් 25000 බැගින් වන්දි මුදලක්ද පෙත්සම්කරුට ගෙවන ලෙස නියෝග කෙරිණ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ගනේෂන් සැම්සන් රෝයි නමැත්තකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජානක මාරසිංහ, උපපොලිස් පරීක්ෂක ඒ.එස්. සුදසිංහ, පොලිස් කොස්තාපල් එච්.පී.පී. ප්‍රියදර්ශන යන මහත්වරුන්ද පමුණුවිල ගෝනවල පදිංචි ෂවින් චතුරංග නමැත්තා ද නම් කරනු ලැබ ඇත.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ඒ.එච්.එම්.ඞී. නවාස්, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් බුවනෙක අලුවිහාරේ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේද සඳහන් වේ.රුපියලක්ෂ 30 ක මුදලක් වංචා කරන ලදැයි වගඋත්තරකාර ෂවින් චතුරංග නමැත්තා පෙත්සම්කරුට එරෙහිව රහස් පොලිසියට කරන ලද බොරු පැමිණිල්ලක් අනුව පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ ඇත.

ඒ අනුව තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර ඇත.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු පෙනී යන්නේ මෙම අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කිසිදු හේතුවක් නොදන්වා ඇති බවයි.අත්අඩංගුවට ගැනීමට පෙර චෝදනා පිළිබඳ සත්‍ය අසත්‍යතාව සොයා බලා නොමැති බව අධිකරණයට පෙනී යයි.

වගඋත්තරකරුවන්ට මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට මාස 6 ක පමණ කාලයක් තිබී ඇත. නමුත් ඒ පිළිබඳ සොයා බලා නොමැත. ෂවින් චතුරංග නමැත්තා අපරාධ යුක්ති ක්‍රියා පද්ධතිය අවභාවිත කරමින් ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති අතර ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් කිරීමට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැත.

මෙම තත්වය තුළ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇත. ඒ අනුව එම ව්‍යාජ පැමිණිල්ල කළ තැනැත්තාට වන්දි ලෙස රුපියල් ලක්ෂ 30 ක මුදලක් පෙත්සම්කරුට ගෙවන ලෙසද මෙම සිද්ධිය පිළිබඳ වගකිව යුතු රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජානක මාරසිංහ මහතා රුපියල් 75,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසද උප පොලිස් පරීක්ෂක ඒ.එස්. සුදසිංහ සහ පොලිස් කොස්තාපල් එච්.පී.පී. ප්‍රියදර්ශන මහත්වරුන් රුපියල් 25000 ක් බැගින් ගෙවන ලෙසද නියෝග කෙරිණ. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සේනානි දයාරත්න මහතා පෙනී සිටියේය.

SendShareShare
Previous Post

මාස 2ට ‌ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශ 2ක්ද? සුදුසු නෑ කියපු අක්ෂි කාච හිටිගමන් හොඳ වුණේ කොහොමද? අක්ෂි කාච ටෙන්ඩරයේදී වැරදි කරපු සමාගම්වලට ටෙන්ඩරය දුන්නේ කොහොමද? I Sri Lanka Latest News

Next Post

ඉල්ලපු හැම මන්ත්‍රීවරයාටම දුන්නත් සරත් වීරසේකරට අමෙරිකාව වීසා දීලා නෑ! වෙන නමක් එවන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

Load More
නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට අපට...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper