සිය කර්මාන්තය කරගෙනයාමට අදාළව නිසි වැඩපිළිවෙළක් හෝ තීරණයක් මේ දක්වා ප්‍රකාශයට පත්නොකිරීම හේතුවෙන් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
සමස්ත ලංකා මාදැල් සංගමයේ ලේකම් ආර්. ඒ ඩිල්රුක් ප්‍රනාන්දු මහතා පැවසුවේ, අද සහ හෙට දිනයේ දී ඔවුන් මෙම ස්‍ථානයේ ම රැදී සිටින බවයි.
බදාදා දිනයේ මේ සඳහා විසඳුමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව සමස්ත ලංකා මාදැල් සංගමයේ ලේකම් වැඩිදුරටත් පැවසීය.










