අප රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට අපට දැනට ගෙවන ණය ප්‍රමාණයට අමතරව ඇ. ඩො. බිලියන 2.5-3.5ක් ගෙවීමට සිදුවන බවත් මේ සඳහා අප රටේ ඇති විදේශ සංචිත ටික ප්‍රමාණවත් නොවන බවත් දැනටමත් උද්ධමනය ඉහළ ගොස් ජීවන බර ඉහළ ගොස් ආදායම් මාර්ග පවා ඇහිරී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
කෙහෙල් කොටයක් යන්ත්‍රයක් තුළට දමා ඇඳුම් නිර්මාණය කළ හැකි බවට වත්මන් රජයේ රිලා සංගණනයක් කළ නියෝජ්‍ය ඇමතිවරයෙක් පවසන බවත් ඒ දේ කරන්න පෙර රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඇගලුම් කම්හල් 200 ආරක්ෂා කර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හයිඩ්‍රාමනි, මාස් ලංකා, බ්‍රැන්ඩෙක්ස් වැනි ආයතන ගණනාවක් අප රට අතහැර බංග්ලාදේශය හා ඉන්දියාවට යන බවත් ඔවුන් මෙහේ එක් කර්මාන්තශාලාවක් වසා විදේශ රටවල කර්මාන්ත පුර ආරම්භ කරමින් යන බවත් අප රටේ අපනයන ආදායම වැඩි වශයෙන් ලබා දෙන්නේ ඇගලුම් කර්මාන්තය නිසා එය ආරක්ෂා කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති සමගි ජන බලවේගයේ තරුණ සමුළුව අමතමිනි.
අද පවතින තාක්ෂණය හෙට දවසේ වලංගු නොවන නිසා මානව සම්පත් සංවර්ධනයට වඩා තාක්ෂණ විප්ලව අද ලොවම වෙලාගෙන ඇති බවත් කෘත්‍රිම බුද්ධිය ආදී දේ මඟින් සාම්ප්‍රදායික රැකියා රැසක් අවංගු වෙමින් යන නිසා රටක් ලෙස ගෝලීය ශ්‍රම වෙළෙදපොළෙ ඉල්ලුමට සැපයුම දෙන අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ යුතු බවත් ඒ තුළින් ලෝකය පිළිගන්නා නිපුණතා දක්ෂතා සහිත ශ්‍රම බලකායක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
IT ක්ෂේත්‍රයේ වැඩිම බදු ගහන්නේ අපි
තොරතුරු තාක්ෂණ අපනයන සඳහා 18%ක බද්දක් රජය ගසා ඇති බවත් සෙසු බදුත් සමඟ මෙය තවත් වැඩිවිය හැකි බවත් බරපතල ප්‍රතිගාමී බදු වැඩපිළිවෙළක් තුළ තරුණයන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අනාගතයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ යෝජනා විහිළුවට ගන්න පෙර එහි සත්‍ය ගැන සොයා බලන්න
අධ්‍යාපන විප්ලවයක් ඇති කරනවා කිව්වත් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම සිදු කරන්නේ 6 ශ්‍රේණියේ සිට බවත් එය මව් භාෂාවෙන් ඉගැන්වීම සිදු කළත් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු නොකරන බවත් ලෝක ප්‍රමිතිය වන්නේ මුල් ළමාවිය අධ්‍යාපනයේ සිට තොරතුරු තාක්ෂණය ඉගැන්වීම වුවත් අප රටේ එය තවමත් සිදු නොවන බවත් මේ වෙනස්කම් ගැන කියන විට රජයේ කිහිප දෙනකු එය විහිළුවක් බවට පත් කර සමාජ මාධ්‍යවල සිටින රජයේ වහලුන් හරහා මේ අදහස් විහිලුවක් බවට පත් කරන බවත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ බොරුවෙන් රට ඇන්දවීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
කවුරු මොන අපහාසය සිදු කළත් අපි සත්‍ය කතා කරන එක නවත්වන්නේ නැ
රටේ අනාගතය නිවැරදි වීමට නම් ඇත්ත කතා කර සත්‍යවාදී දර්ශනයකට යොමු වී කියන දේ කළ යුතු බවත් සමගි ජන බලවේගය ලෙස මේ අමාරු ගමන යන්න සූදානම් බවත් සත්‍ය කතා කළත් ආණ්ඩුවේ බොරුව ප්‍රචාරණය කරන ක්‍රමවේද හරහා සත්‍ය යටපත්විය හැකි වුවත් සත්‍ය කතා කිරීම නවත්වන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.






















