දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව ජාතික විගණන කාර්යාලය දකුණු පළාත් සභාව සම්බන්දයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. (Sri Lanka Latest News)
දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකර තිබු වාහන සහ යතුරුපැදි 178ක්, ආයතන විසින් ඉදිරිපත්කොට තිබු වාහන ලැයිස්තුවල සදහන් වාහන 07ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම මුල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගතකර තිබු වාහන සහ යතුරුපැදි 04ක භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇත.
lankadeepa










