සංචරණ සීමා පවා නොතකමින් කොළඹින් විශාල පිරිසක් ගාල්ලට පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බවට රට පුරා මතුවු දැඩි ආන්දෝලනයත් සමග අයථා එන්නත්කරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස ගාල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශිය වසංගත රෝග අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරුවලින් ඉවත් කර ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.










