පවතින ධාරානිපාත වර්ෂාවත් සමග නායයාමේ අවදානමක් මතුවී ඇති බැවින් කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස සහ ඒ ආසන්න ප්‍රදේශයේ පවුල් 244 ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව පදිංචි ස්ථානවලින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
කොස්ලන්ද මීරියබැද්ද පවුල් එකසිය හතළිස් හතරක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවටද මහකන්ද පවුල් විසිතුනක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවටද දිවුල්ගසමුල්ල පවුල් අසූ එකක් කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද තාවකාලිකව ඉවත් කළ බවද ප්‍රාදේශීය ලේකම්වරිය කීවාය.
රාත්‍රියේ කරුවල සමග වන අලි ගැවසීම නිසා මහා කන්ද වත්ත ප්‍රදේශයේ පවුල් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේදී සුළු බාධා එල්ලවී ඇති බව ද ආපදා සහනනිලධාරීහු පවසති. මෙම කඳවුරු වල මේ වනවිට පුද්ගලයින් 768 දෙනකු සිටින බවද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය වැඩිදුරටත් පැවසීය.










