• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරෙ මිනිස්සු තිස් දෙවසරක් උහුලපු ගින්දර දකුණට අවුරුද්දක් උහුලන්න වුණොත්…

June 5, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
උතුරෙ මිනිස්සු තිස් දෙවසරක් උහුලපු ගින්දර දකුණට අවුරුද්දක් උහුලන්න වුණොත්…
Share on WhatsAppShare on Facebook

උතුරෙ – කරන්ට් එක ඇහැට දැකලා නෑ, තෙල් වර්ග මොනවත් නෑ, කෑම බීම නැත්තටම නෑ, බේත් කොහෙවත්ම නෑ…

දකුණෙ – කරන්ට් එක පැය කීපයක් නෑ, තෙල් එනවා හැබැයි පෝලිම, කෑම බීම හුඟාක් හිගයි, බේත් සමහර වර්ග නෑ…

මේ ලිපිය ලියන්නේ කතන්දර දෙකක් එක හා සමග ගළපන්නටය. එකක් උතුරේ කතන්දරයයි. අනෙක දකුණේ කතන්දරයයි. උතුරේ කතන්දරයට වඩා දකුණේ කතන්දරය අලුත් නිසා මා එය මුලින් ලියා තබමි. බොහෝ විට මව්රට කියවන්නෝ දකුණුවාසියෝ වන නිසාත්, උතුරේ අය අපේ පත්තර කියවන්නට ඇති ඉඩ ඉතාම අඩු නිසාත් අපිත් දකුණේ නිසාත් මේ දකුණේ කතාව මුලින් ලියා තබන්නට මට යම් වගකීමක් සහ හැකියාවක් තිබේ. අනෙක් කාරණාව වන්නේ දකුණේ කතාව වර්තමාන කතාවයි. දකුණේ මිනිස්සු මේ ජීවිතයේ ගත කරන්නේ ඉතාම දුෂ්කර සමයක් බව විශ්වාස කරති. කෑම බීම, සෞඛ්‍ය පහසුකම් ඇතුළු බොහෝ දේ දකුණේ මිනිස්සුන්ට අහිමි වී යමින් තිබේ. ගෑස් ටික ලබාගන්නට මිනිස්සු පෝලිම්වල පොරකද්දී ගහබැන ගනිද්දී, පාරවල් වසති. සටන්වදිති. පොලිසියට හමුදාවට ඒවාට මැදිහත් වෙන්නට සිදුවෙන්න තරමට ගෑස් ප්‍රශ්න උඩුදුවයි. ගෑස් ප්‍රශ්න නිසා පීඩිත මිනිස්සු කෑගසා කියන්නේ අපිට කන්න නෑ යකෝ කියාය. කන්න නැතැයි කියන විට කන්න දෙන්නට තරම් මෙදා අපේ ආණ්ඩුවට ශක්තියක් නැත. ඒ වගේම මිනිස්සු කන්න නැතැයි කී විට හිත කම්පා කරවා ගන්නට තරම් මේ ආණ්ඩුව බොළඳ නැත. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආණ්ඩු කරන්නවුන්ට අනෙක් මිනිසුන්ගේ කුසගිනි වේදනාව දුක ගැන දැනෙන්නට තරම් ඒ මිනිසුන් මනුස්සකමෙන් පොහොසත්ද නැත.

ගෑස් ප්‍රශ්නයට වඩා දරුණුවට දැනෙමින් තිබෙන්නේ තෙල් ප්‍රශ්නයයි. තෙල් ප්‍රශ්නය මේ මොහොතේද නිරාකරණිත යැයි තැන් තැන්වල සටහන් තැබුණද එය නොයෙක් නොයෙක් ආකාරයෙන් මතුව එමින් තිබේ. විටෙක පෙට්‍රල්ද, විටෙක ඩීසල්ද හිඟ වෙයි. පෙට්‍රල් පෝලිම්වලට වඩා ඩීසල් පෝලිම් කෙටි වෙද්දී ඩීසල් පෝලිම් නිම වෙද්දී, පෙට්‍රල් පෝලිම් මතුව එයි. පෙට්‍රල් පෝලිම් නිම වෙද්දී ඩීසල් පෝලිම් මතුව එයි. 95 පෙට්‍රල් ඕසෙට ඇතැයි කී ආණ්ඩුව දැන් කියන්නේ 95 නැත්තටම නැතැයි කියාය. පාරවල යනෙන මිනිසුන් අන්ත අසරණව හිඳියි. තෙල් ටිකක් ගහගන්නට පැය 26ක් පෝලිමේ සිටි මිතුරෝ මට සිටිති. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නවලින් පීඩිත සාමාන්‍ය ජනතාවට හිතෙන්නට පටන්ගෙන ඇත්තේ මේ තරම් කාලකණ්ණි කාලයක ඉපදුණු එක මොන තරම් අභාග්‍යයක්දැයි කියාය. එය ඔවුන්ට පමණක් නොව ලියන මටද දැනෙමින් තිබෙන කාරණයකි. බෙහෙතක් හේතක් හොයාගන්නට ඔසුසලට ගිය විට එය නැතැයි කීමත්, සමහර විට රුපියල් 100ට 200ට ගත් බෙහෙත පස් හය ගුණයකින් මිල වැඩිවී දරාගන්නට බැරි තැනට පත්වීමත් මේ දිනවල සුලබ කරුණකි. එපමණකුදු නොව, බොහෝ රෝගීන්ට අවශ්‍ය කරන බෙහෙත් ශ්‍රී ලංකාවේ නැති බව තැන් තැන්වල දක්නට ලැබෙයි. පිළිකා රෝගීන්ට විශේෂයෙන්ම අවශ්‍ය බෙහෙත් නැතිව යෑම නිසා ඔවුන් බරපතළ පීඩාවකට පත්ව ඇති බව ලියුම්කරු බොහෝ තැන්වල දැක තිබේ. මේ සියල්ල අපි දරාගෙන ඉවසාගෙන සිටිය යුතුය. එසේම එක දිනෙක පැය 15ක විදුලි කප්පාදුවක සිට අඩු වැඩි වෙමින් විදුලි කප්පාදුව තවමත් සිදුවෙයි. කිසිවෙකුට ඊට මැදිහත් විය නොහැකි තැනක ඇති වගට සාක්ෂි ලැබෙමින් තිබේ. විදුලිය කප්පාදුව නිසා ව්‍යාපාර කඩාවැටී සුනු විසුනු වී තිබේ. අපට කරන්ට් එක නැතුව කිසි දෙයක් කරගන්න බෑ. මිනිස්සු කෑගසා කියන්නේ ඒ කතාවය. පොඩි උන්ට නිදාගන්න බෑ. සමහර ගෙවල්වල ෆෑන් එක, ඒ.සී. එක නැතුව ළමයි නිදාගන්නෙ නෑ. මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නට පාලකයෝ අපොහොසත්ය. ඉතින් දකුණ ගිනිගෙන දැවෙමින් තිබේ. දකුණේ මිනිසුන්ගේ හිත් පීඩාවෙන් මිරිකෙමින් තිබේ. අපේ ජීවිතවලට මීට වඩා අවාසනාවක් නැතැයි ඔවුන් සිතයි. කන්නට බොන්නට දේවල් නැති වූ විට, බෙහෙත් ටික නැති වූ විට, පිටි කිලෝ එක නහුතෙට නැග්ග විට, කිරිපිටි ටික අත පොවන මානයෙන් එපිටට ගිය විට, හාල් ඉදිරි මාස දෙක තුනේදී නැත්තටම නැති වන බවට ඉඟි පළකරන විට, රුපියල් 1000ට 2000ට තිබුණු පොහොර මිටිය රුපියල් 40,000, 50,000 වන විට, එහෙමවත් මිලදී ගන්නට පොහොර නැති වන විට, කුඹුරු පාළු වන විට, මිනිසුන් ගෙල වැලලාගෙන මියයන විට එය අවාසනාවකැයි කියන මිනිසුන්ට චෝදනා කරන්නට හෝ ඒ මිනිසුන්ට පිස්සු යැයි කියන්නට මට කොන්දක් නැත. ඒ තරමටම මේ ප්‍රශ්නය දරුණුය.

නමුත් හිතවත් මිත්‍රවරුනි, මේ මාස 6 – 7 දරාගන්නට බැරි අපි උතුරේ මිනිසුන් ගැන කීවරක් හිතුවාද? සෙල්වකුට්ටි සෙල්වගනේෂ් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබිණි. ඔහු ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙක් ලෙස දැනට සේවය කරන යාපනයෙන් කොළඹ ආ වෛද්‍ය සිසුවෙකි. ඔහුගේ කතන්දරය ඉංග්‍රීසියෙන් ලියා තිබූ නිසා මම එය සිංහලයට පරිවර්තනය කර ඔබට කියමි. සෙල්වකුට්ටි කියන්නේ මෙහෙම කතාවකි.

‘මම උසස් පෙළ පන්තිවලට යද්දි මුරපොළවල් 21ක් පහුකරන්න සිදුවුණා. ඒ හැම තැනකදිම මගේ හැඳුනුම්පත ඉදිරිපත් කරන්න මට සිදුවුණා. මම බයිසිකලෙන් බැහැලා ඔවුන්ට සිංහලෙන් උත්තර දෙන්න ඕනෙ හැම වෙලාවකම. මම විදුලිය දැක්කෙ කොළඹ ආවට පස්සේ. මට තිබුණු ප්‍රශ්න ඔක්කොම මෙතැන ලියන්න බෑ. ඊට සාපේක්ෂව ගත්තොත් ඇත්තටම දැන් ප්‍රශ්නයක් නෑ….’ සෙල්වකුට්ටිලා එදා තිස් දෙවසරක් තිස්සේ ජීවිතේ විඳි ගැහැටවලින් අංශු මාත්‍රයක්වත් අප තවම අත්විඳ නැත.

ඕමන්තේ ජීවත්වන රත්නම් දරුණු නම් වූ එල්.ටී.ටී.ඊ. එකේ වෙද මහත්තයා යුද්ධයෙන් පසු දිනෙක මා සමග කී කතාවක් මේ ලිපියේ අමුණමි.

‘ඔයාලට ප්‍රශ්න කියලා ජාතියක් තියෙනද? තියෙනව නම් මම ඔයාලට දෙයක් කියන්නම්. අපිට තිබුණු ප්‍රශ්න ගැන ඔයාල දන්නෙ නෑ. ඇඳිවතක් වත් නැතුව අපි දුවගෙන ගිහිල්ලා තැන් තැන්වල ගාල්වුණා. අපිත් එක්ක හිටපු මිනිසුන්ගෙ ඔළුවලට ආටි වැදිලා බෙල්ල ගාවින් ගැළවිලා යන හැටි අපි බලාගෙන හිටියා.

සමහර දවස්වලට අපි විසිදෙනෙක් විතර එක තැනක වාඩි වෙනවා. හැබැයි නැගිටලා යන්නේ දහදෙනයි. ඉතුරු දහදෙනා මැරිලා. පවුලේ අම්මා තාත්තා දරුවො දෙතුන් දෙනා එක්ක ගෙදරින් පැනලා ගිහිල්ලා. අන්තිමට යුද්ධෙන් පස්සේ ගෙදර ආවෙ සමහර වෙලාවට පවුලෙ එක්කෙනයි. සමහර මිනිස්සු කවුරුවත් ගෙදර ආවෙ නෑ. ඒ නිසා ඔයාලට ප්‍රශ්න කියන ඒවා ගැන පාඩමක් ඉගෙන ගන්න ඕනෙ නම් අපෙන් ඉගෙනගන්න….’

රත්නම් දරුණු කී කතාවේ වැදගත්ම කොටස එය නොවේ.

‘මම මගෙ දුවලා පොඩි කාලෙ වතුර හොයන්න යනවා. අපිට වතුර බොන්න තිබුණෙ එක වළයි. ඒ, යුද්ධෙන් අපි ගෙවල් දොරවල් දාලා අවතැන් කඳවුරුවලට ගියාට පස්සේ. ඇත්තටම අවතැන් කඳවුරු කියලා ජාතියක් ඒ කාලෙ රජයෙන් හදලා තිබුණෙ නෑ. අපි හිටියෙ එල්.ටී.ටී.ඊ. සීමාවෙ. ඔළුවට උඩින් වෙඩි උණ්ඩ යනවා. ඒ අස්සේ මම ගියා වතුර හොයන්න. හැමදාම මේක කරන්න ඕනෙ. වතුර ටිකක් ගේන්න පොල් කට්ටක් අරගෙන ගියාම වතුර වළට මළමිනී වැටිලා. සමහර දවස්වලට එක වතුර වළේ මිනී 10-15 තියෙනවා. අපිට කරන්න දෙයක් නෑ. වෙන වතුර බොන්න තැනක් නෑ. මම කරන්නේ පොල් කට්ටෙන් වතුර ටිකක් අරගෙන ඒ වතුරෙ තියෙන මළ මිනී කෑලි, රොඩු වගේ දේවල් පොල් කට්ට යටට යනකන් ඉඳලා හෙමීට උඩ වතුර ටික බෝතලයකට පෙරාගන්න එක. එහෙම අරගෙන ඇවිල්ලා තවත් ටික වෙලාවක් ඒ වතුර පිරිසිදු වෙනකන් තියලා තමයි අපි දරුවන්ට බොන්න දුන්නේ. ඒ නිසා ඔයාලට ප්‍රශ්න කියන ඒවා නෑ. අපටයි ප්‍රශ්න තියෙන්නේ. අපියි ප්‍රශ්නවලට මුහුණ දුන්නේ.

රත්නම් දරුණු කියන ඒ කතන්දරය අතිශයෝක්තියක් නොවන බවට මම සාක්ෂි දෙමි. උතුර මට හුරුපුරුදුය. දකුණටත් වඩා උතුරේ මිනිසුන් මා සමග හිතෛෂීවන්තය. උතුරේ තල් රුප්පා යට ජීවිතය මා බොහෝ විට විඳ ඇත්තෙමි. උතුරේ ආදරය මා ජීවත් කරවයි. කොවිඩ් පැමිණ මේ බාධකය දමන්නට පෙර මම ඕනෑ තරම් උතුරට ගොස් තිබේ. උතුරේ මිනිසුන් සමග ඕනෑ තරම් හැන්දෑවන් ගතකර තිබේ. උතුරේ මිනිසුන්ගේ ආලින්දයේත්, මුළුතැන්ගෙදර මට හුරුපුරුදු සුවඳ තිබේ. ඒ මිනිසුන්ගේ ජීවිත අතර මා ඇවිද ගොස් තිබේ. ඒ නිසා මට මේ කතන්දරවලට ඔබට වගකිව හැකිය.

තවත් වරක් පලෙයිහි ඉන්නා ධර්මලිංගම් අංකල් මා සමග කී කතන්දරයක් තිබේ.

‘මහත්තයෝ මගේ මිරිස් ලොරි 13ක් 14ක් සාමාන්‍යයෙන් ඉස්සර එක පාරකට කොළඹ යනවා. හැබැයි පස්සේ යුද්ධෙ ඇවිල්ලා මට ලොරි ටිකත් නැති වුණා. මිරිසුත් නැතිවුණා. ඉඩකඩමුත් නැති වුණා. මම ඔක්කොම දාලා පිටරට ගියා. අපේ ජීවිත උඩුයටිකරු වුණේ ඔය කාලෙ. සමහර දවස්වලට එහෙනුත් ගහනවා මෙහෙනුත් ගහනවා. අපේ ගෙදර අපිට ගහලා අයිති කරගත්තේ එල්.ටී.ටී.ඊ. එකෙන්. අපේ ගෙදර තමයි එල්.ටී.ටී.ඊ. කාන්තා බළඇණිය පළමුවෙන්ම නතරවෙලා හිටියෙ. මෙතැන තමයි ඒක පටන් අරගත්තේ….’

ධර්මලිංගම් අංකල්ලාගේ ජීවිත උඩු යටිකුරු කොට කඩා බිඳදමා පන්නා දැමූ පසු ඔවුන් යළි ජීවිතය පටන් අරගෙන තිබේ. උතුරේ බොහෝ විට අවුරුදු 32න් වැඩි කාලයක් විදුලිය තිබුණේ නැත. උතුරේ මිනිසුන්ට භූමිතෙල් ලැබුණේ නැත. කුප්පි ලාම්පුවක් පත්තු කරගන්නට අවස්ථාව ලැබුණේ නැත. වරක් අප හිතවත් මාධ්‍යවේදී මාධව කුලසූරියගේ ඉරට්ටේ පෙරියකුලමේ නිවෙසට අප යන විට එහි සිටි අයෙක් අප සමග කී කතාවක් මට සිහිපත් වේ.

‘ඒ දවස්වල ඉපදිච්ච පුංචි ළමයි රෑට අඬන්නෙ නෑ. බල්ලො රෑට බුරන්නෙ නෑ, ඒක කොහොම පුරුදු වෙලාද කියන්න අපට දන්නෙ නෑ. මොකද රෑට ඇඬුවොත් කොටි දැනගන්නවා අපි ඉන්න තැන. බල්ලො බිරුවොත් වෙඩි තියලා මරනවා. ඒ නිසා මිනිස්සු පුදුම විදියට නිහඬව හිටියා. කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන…’ ඔහුගේ කතාව එයයි.

කුප්පි ලාම්පුවක් පත්තු කරගැනීමට නොහැකිව ජීවිත ගෙවපු මිනිසුන්ට අද විදුලිය විසන්ධි වීම ගැන අමුතු පාඩම් කියා දෙන්නට අවශ්‍ය නැත. පාන් පිටි ටිකක් ඇහැට දැක්ක නැති මිනිසුන්ට ඒ ජීවිතවල අගය ගැන කියා දෙන්නට අද හැකි නම් අපට ඔවුන්ගේ දේශනවලට සවන් දෙන්නට අවස්ථාව සලසා දිය යුතුය. ඒ තරමට ඔවුන් ජීවිතය ගොඩගසා ගත් ගැටගසාගත් මිනිසුන්ය. රත්නම් දරුණු එල්.ටී.ටී.ඊ. එකේ වෙද මහත්තයා වෙන්නේ දරුණු පාචන රෝගයකින් සරණාගතයන්ව සිටි අවතැන් මිනිසුන් එල්.ටී.ටී.ඊ. බිමේ සිටියදී ඔවුන්ට බෙහෙත් නැතිව යෑම නිසාය. රත්නම් දරුණු වරක් ඒ කතාව මා සමග කීවේය.

‘මහත්තයො අපට බේත් තිබුණෙ නෑ. දරුණු බඩේ අමාරුවක් හැදුණා. ළමයි මරණාසන්න වුණා. අපට කිව්වා බේත් හදන්න දන්න කෙනෙක් ඉන්නව නම් එන්න කියලා. මම සිංහල වෙද මහත්තයෙක් හින්දා, බේත් හදන්න දන්න හින්දා මං කිව්වා මට පුළුවන් කියලා. ඒත් මට අවශ්‍ය බේත් ටික හොයාගන්න තැනක් නෑ. පේන තෙක්මානෙ තිබුණේ වැල්ල. බේතක් හොයාගන්න පුළුවන් කැලයක් අහල පහළ නෑ. හැම තැනම බිම් බෝම්බ වළලලා. ඒත් මං ගාව තිබිච්ච බේත්වලින් හොයාගත්ත දේවල්වලින් සමහර ඒවා අඩුව තියෙද්දි බෙහෙත් හැදුවා. ඒ බේත්වලින් තමයි ළමයි ජීවත් කෙරෙව්වේ. සමහර එල්.ටී.ටී.ඊ. නායකයන්ටත් මට ඒ විදියට බේත් දෙන්න සිදුවුණා….’

මේ කතන්දරය කොයි තරම් ගැළපේද නොගැළපේද යන්න මා දන්නේ නැත. නමුත් රත්නම් දරුණු මා සමග කීවේ ඇත්ත කතාවකැයි මම විශ්වාස කරමි. ඔවුන්ට බෙහෙත් තිබුණේ නැත. බෙහෙත් ලැබුණේ නැත. බෙහෙත් නොලැබුණු නිසා මියගිය මිනිසුන් කීදෙනෙක් දැයි මා දන්නේ නැත. හිසට උඩින් වෙඩි උණ්ඩ පාව යන මිනිසුන්ට විදුලිය විසන්ධි කළ පසු දැනෙන වේදනාව අද අපිට විදුලිය විසන්ධි කළ පසු දැනෙන වේදනාවට වඩා විශාලය. ඔවුන්ට තෙල් තිබුණේ නැත. තෙල් තිබුණත් යන්න එන්න ඉඩකඩ තිබුණේ නැත. යන්තම් ෆුට් සයිකලයෙන් ආ ගිය මිනිස්සු අද ලෝකය ජයගෙන තිබේ. මේ වෛද්‍ය ශිෂ්‍යයාගේ කතාව එහෙම එකකිය.

මුරපොළවල් විසිඑකකින් බහිමින් පන්ති ගිය ඔහු අද වෛද්‍යවරයෙකි. රත්නම් දරුණුලා යම් හැකි ප්‍රමාණයකට තමන්ගේ ජීවිතය තනාගෙන තිබේ. ධර්මලිංගම් අංකල් උතුරෙන් යන 50කට 60කට හෝ දකුණෙන් යන 50කට 60කට හෝ තමාගේ තෙමහල් නිවෙසේ නවාතැන් දෙන්නට සූදානම්ය. හිතමිතුරනි, ඔබට අවශ්‍ය නම් ධර්මලිංගම් අංකල්ගේ නිවෙසේ නතර වෙන්නට මා අමතන්න. මා ඔබට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න සූදානම්ය. උතුරේ මිනිසුන් තමන්ගේ ගෙදර මොනවා හෝ වගා කරගන්න පුරුදු විය. කෙහෙල් ගහක් දෙකක්, වම්බටු පාත්තියක් දෙකක් නැති ගෙදරක් නැත. නඩුකාරයාද, නීතිඥයාද, වෛද්‍යවරයාද, ඉංජිනේරුවාද කවුද කියා වැදගත් නැත. ඔවුන් සියලු දෙනා උදේ වරුවේ පාන්දර 5ට විතර සිදුකරන්නේ මේ ගොවිතැන්වලට සාත්තු සප්පායම් කිරීමය.

නෙල්ලිඅඩිවල මාකට්ටුව අතිශය විශේෂ එකකි. මේ හැම ගෙදරකම ඉදෙන කෙහෙල් කැනක්, වම්බටු ටිකක්, එළවළුවක් වැනි මොනවා හෝ දෙයක් කඩපිලට පැමිණ අලෙවි වන්නේ එතැනය. ඒ මනිසුන් තමන්ගේ තරාතිරම කුමක් වුවද ජීවිතය තනාගත්තේ එලෙසය. පාන්දර හතර පහ වෙද්දී යාපනයේ මිනිස්සු ෆුට් සයිකල්වල නැගී තමන්ගේ ඉලක්ක වෙත ගියේය. දරුවෝ පන්ති ගියහ. ශිෂ්‍යයෝ පාසල් ගියහ. රැකියාවලට ගියහ. තෙල් නැතිකොට ඒ මිනිසුන් ෆුට් සයිකල්වලින් නැගිට්ටේය. විදුලිය නැතිකොට ඔවුන් කුප්පි ලාම්පු දල්වාගෙන පාරේ කොහේ හරි තැනක ඇති විදුලි පහන් කණුවක් යට ඉඳගෙන ලිපියකින් ඉගෙන ගෙන ජීවිත සරසා ගත්තේය. ඒ නිසා අඳුරට සාප කරමින් ඉන්නවා වෙනුවට ඔබ ඔබේ පහන් දල්වාගත යුතුය. එහෙම දල්වා ගන්නට තිස් දෙවසරක් රිදුණු තැවුණු සිත් ඇති මිනිසුන්ගේ ජීවිත ඔබ වටා සවියක් ශක්තියක්ව නැගෙනු ඇත. අවශ්‍ය නම් රත්නම් දරුණුලා අමතන්නට ඔබට ඉඩකඩ සකස් කර දිය හැකිය. ඔවුන් තමන්ගේ ජීවිත මෙතරම් පරිස්සම් කරගත් ආකාරය අරුමයකි. බේතක් හේතක් නැති පොතක් පතක් නැති කන්න බොන්න නැති පාන් පිටි නැති තෙල් නැති විදුලිය නැති ජීවිතය අපට අතිශය දුෂ්කර වුවද, ඒ දුෂ්කර ක්‍රියාව කළ මිනිසුන් හැබෑවටම බෝසතුන්ය. එහෙව් බෝසතුන්ගෙන් පාඩම් ඉගෙනගෙන ඔබට අපට අප ප්‍රාර්ථනා කරන නිර්වාණය උදා කරගත හැකි යැයි මම විශ්වාස කරමි. මේ, අරුමැසිවාදී ලෝකයේ තොරොම්බල් අතර අතරමං නොවී උතුරේ ශුෂ්ක පරිසරයේ තල් රුප්පා යට ජීවිතය ඔබට අලුත් ඉමක් කියාදෙනු ඇත. අදටත් කොට්ටකිලංගුවක් කමින් ඒ මිනිස්සු සමග කයියක් ගහනවා නම් අවතැන් වූ මිනිසුන්ගේ කතන්දර අතර අහිමි වූ ප්‍රේමවන්තයන්ගේ කතන්දර අතර ඈතින් එන පිච්ච මල් සුවඳ අතර පාද සළං හඬ අතර අයියර් කෙල්ලකුගේ ඇත් දළ පාට මුව මත පිපි මනෝරම්‍ය සිනහව අතර වේට්ටියක් ඇඳගත් දෙමළ නළුවකු වන් වූ රැවුල් කරකැවූ දෙමළ කොල්ලකුගේ අභිමානය අතර ඔබ අප සෙවූ මනුස්සකම හමුවනු ඇත. දකුණේ හිඳ මේ සියල්ලට සාප කරනවාට වඩා අප දැන් නැගිටින්නට පටන්ගත යුතුය. උතුරෙන් පාඩම් ඉගෙනගත යුතුය. උගත් පාඩම් කොමිසමේ කිසිවක් ක්‍රියාත්මක නොකළද, මේ පාඩම් උගත් පාඩම්වලට වඩා වටිනා බව සිහිතබා ගත යුතුය. ආදරණීය දෙමළ මිතුරනි, හිතවතුනි, ඉතින් අපි එක්ව නැගිටිමු. උදව් කරන්න. ඔබේ පාඩම ඔබට හිතෛෂී සිංහලයාට කියා දෙන්න. ඔබේ ආදරණීය මිත්‍රයාට ඔබ නැගී සිටි හැටි උගන්වන්න. අපි රටක් ලෙස නැගිටිමු. අත් අල්ලාගෙන උතුරත් දකුණත් වෙන් නොවුණු එකම මිනිස් වර්ගයක් ලෙස මේ දුෂ්කර කාලය ගතකරමු.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බැසිල් 21 ගැන කතා කරන්න මන්ත්‍රීවරු 14ක් එක්ක අගමැති හමුවෙයි! ජනපති දන්නෙත් නෑ! අගමැති දන්නෙත් නෑ! 21ට අයිතිකාරයෙක් නැති වෙයි! තීන්දුවක් නැතිවම රැස්වීම අවසන් වෙයි! EXCLUSIVE

Next Post

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මැරිලා! මොකද්ද මේ රටට වෙන්න යන්නේ!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.