ඊයේ පැවැත්වූ ජනමාධ්‍ය සාකච්ඡාවකදී තමා කළ ප්‍රකාශයක් නිවැරදි කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක අද කටයුතු කළේය.Sri Lanka Latest News
ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මෙම නිවැරදි කිරීම සිදුකළේය.
ඊයේ පැවැත්වූ අදාළ ජනමාධ්‍ය හමුවේදී තමා කළ ප්‍රකාශයකින්, එක්සත් ජාතික පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා තමා බවට හැඟවෙන අදහසක් සමාජගතවී ඇති බව ප්‍රකාශ කළ එජාප නියෝජ්‍ය නායකයා පෙන්වාදුන්නේ, තමා එහිදී අදහස් කළේ එජාප නායක රනිල් වික්‍රමසිංහගෙන් පසුව එම පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා තමා බවයි.
පෙර දින වැරදි ලෙස සමජගතවූ ප්‍රකාශය සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහට සිය කණගාටුව පළකරන බවද රවී කරුණානායක සඳහන් කළේය.
මෙවැනි අදහස් වැරදි ලෙස සමාජගත කිරීමට එජාපයේ කිහිපදෙනකු සිතාමතාම කටයුතු කරන බව පෙන්වාදුන් එජාප නියෝජ්‍ය නායකයා, පක්ෂ නායකයාව අසීරුතාවට පත්කරන එම පුද්ගලයන්ව නුදුරේදීම අනාවරණය කරන බවද ප්‍රකාශ කළේය.










