ආණ්ඩුව මෙවර නිදහස් දින උළෙල සමරන්නේ පසුගිය අවුරුද්දේ නිදහස් දා දුන් පොරොන්දු හෝ ඉටු නොකර බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඉකුත් වසරේ ජනාධිපතිවරයා මහබැංකු සොරුන්ට සහ පාස්කු ප්‍රහාරකයන්ට දඩුවම් ලබා දෙන බවට ප්‍රතිඥ දුන්නද මෙතෙක් එය ඉටුවී නැති බවකි.
නමුත් සෞභාග්‍යයේ දැක්මේ නොතිබුණු බොහෝ දෑ එම වසර තුළ සිදුව ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










