තමන් 2018 පසුගිය කාලය පුරා ජනතාවගේ ප්‍රශ්න 144ක් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ අවධානයට යොමු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂනායකවරයා විසින් පාර්ලිමේන්තුවේ කාලය කා දමන බවට ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුත් කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
එමෙන්ම තමන් හැමදාම පාර්ලිමේන්තු පැමිණෙන බව කී විපක්ෂනායකවරයා අනෙකුත් ජනතා නියෝජිතයන් මෙන් රට ගමන් හෝ විනෝද චාරිකා හෝ නිවාඩු ගමන් හෝ නොගිය බවත් සදහන් කර සිටියේය.










