• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරේ විලංගුවේ නොවැටී අනූ නවයෙන් බේරුණු ජාතික රෝහලේ මහා අලකලංචිය! රෝගියාගේ කකුල් කපා ලුණු දාලා – රජ කාලේ දඬුවම් දීලා! ‘දවස’ පත්තරේ උසාවියට අරන් එයි! බන්ධනාගාරයේ 4 දෙනෙක්ගේ වැඩ තහනම්! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
හිරේ විලංගුවේ නොවැටී අනූ නවයෙන් බේරුණු ජාතික රෝහලේ මහා අලකලංචිය! රෝගියාගේ කකුල් කපා ලුණු දාලා – රජ කාලේ දඬුවම් දීලා! ‘දවස’ පත්තරේ උසාවියට අරන් එයි! බන්ධනාගාරයේ 4 දෙනෙක්ගේ වැඩ තහනම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එදා ආරම්භයේ සිට ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ‘දවස’, ‘රිවිරැස’ ‘සන්’ පුවත්පත් සමූහය නිතරම සිටියේ දුක් විඳින ජනතාවගේ පැත්තේය. ඒ වහල යට සිටි කිසිදු මාධ්‍යවේදියකු කිසි දිනෙක බලයේ සිටි රාජ්‍ය පාලකයන්ට ප්‍රශස්ති ගයන්නට හෝ සුදු හුණු ගාන්නට ගියේද නැත. ඒ නිසාම සෑම විටම ‘දවස’ ගන්නා පැත්ත ජයගත්තේය. ඒ බව පක්ෂ විපක්ෂ දේශපාලකයන්ද දැන සිටියේය. (Sri Lanka Latest News)

1975 වසරේ අවසාන භාගය වනවිට එවක පැවැති රජය කෙරෙහි ජනතාව තුළ පැවැතියේ විශාල අප්‍රසාදයකි. ඒ නිසාම එදා එම රජය ‘දවස’ට සීල් තබා (1975ට පෙර) වසර ගණනකට පසු එනම් 1976 අගභාගයේදී මහ මැතිවරණයක් (1977) ළංවන විට ඒ යදම් ගැළවී ගිය තැන ‘දවස’ හිටගත්තේද ජනතාවගේ පැත්තේය. ඒ වනවිට පීඩනයට ලක්ව සිටි ජනයා රැල්ල එක්සත් ජාතික පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන පසුපස රැගෙන ගියේද ‘දවස’ පුවත්පත් සමූහයයි. 1977 මහ මැතිවරණයේදී එවක පැවැති රජය සේදී යද්දී හයෙන් පහක මහජන බලයක් ජනතාව ලබාදුන්නේ ජේ.ආර්.ටය. ‘දවස’ යළි යදම් බිඳ හිස එසවූ අවස්ථාවේ ‘දවස’ ප්‍රධාන කර්තෘ පදවියට පත්ව ආවේ අධිනීතිඥ එස්.එල්. ගුණසේකර මහතාය. ප්‍රවීණ මාධ්‍යවේදී රෝහණ ගමගේ නියෝජ්‍ය කර්තෘවරයා විය. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වූයේ හිටපු මහ දිසාපතිවරයකු වූ ඩබ්.ජේ. ප්‍රනාන්දුය. ‘රිවිරැස’ පුවත්පතේ කර්තෘ වූයේ සිරිල් ඒ. සීලවිමලය. ‘සන්’ සහ ‘වීක්එන්ඩ්’ ඉංග්‍රීසි පුවත්පත්වල ප්‍රධාන කර්තෘ වූයේ රෙක්ස් සිල්වාය. එහි සම කර්තෘවරයා වූයේ ඉක්බාල් අතාස්ය. ‘දවස’ සභාපති වූයේ සේපාල ගුණසේනය. පර්සි ගුණසේනද අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියකුව සිට පසුව සභාපති පදවියද දැරුවේය.

ඒ වනවිට මා ‘දවස’, ‘රිවිරැස’ මාණ්ඩලකි වාර්තාකරුය. අප සියලු දෙනාටම අමාත්‍යාංශ භාරදී තිබිණි. ඒ, ඒවායේ අඩුපාඩු සොයා යෑමටයි. මා හට පැවරුණේ ප්‍රවාහන, රේගුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි.

දිනක් මා කර්තෘ මණ්ඩලයේ සිටින විට ප්‍රධාන කතුවරයාගෙන් මට කැඳවීමක් ලැබිණි. ඒ අනුව මා ඔහුගේ කාමරයට යනවිට ඒ තුළ සිටියේ හඬා වැළපෙමින් කතුවරයාට දුක කියන කාන්තාවන් කීප දෙනකුය. ඔවුන්ගෙන් කියැවුණේ සිය ඥාතියකු බන්ධනාගාරගතව සිට කොළඹ අධිකරණය ආසන්නයේ පිහිටි අතරමැදි සිර කඳවුරට ගෙනයන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් ඔහුට සාහසික ලෙස පහරදී කකුල් පළා ලුණු දමා ඇති බවයි. ඒ වනවිට ඔහු කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇති බවද ඔවුන්ගෙන් ප්‍රකාශ විණි. එම තොරතුරු සොයා යෑමට පෙර හඬාවැළපෙන පිරිසට මා කීවේ, ‘සවස 6.00ට රෝගීන් බලන වේලාවට අපි කැමරාවක් සඟවාගෙන එතැනට එනවා. ඔයගොල්ලන්ට රෝගියා බලන්න අවසර ඇතිනෙ. ඒ නිසා ඔයාලා රෝගියා වටකරගෙන ඉන්න. අපි වැඩේ සැලසුම් කරන්නම්.’ යනුවෙනි.

පසුව ‘සන්’ පත්‍රයේ මගේ සහෝදර මාධ්‍යවේදී අර්ජුන රණවක, ඡායාරූප ශිල්පී බර්ටි මෙන්ඩිස්ද සමග මම ‘දවස’ මෝටර් රථයකින් රෝහල වෙත ගියෙමි. අප එහි යනවිට අදාළ සැකකරු කොළඹ ජාතික රෝහලේ තෙමහල් ගොඩනැගිල්ලක දෙවැනි තට්ටුවේ වාට්ටුවකට යාබදව ඇති කෙටි බිත්ති සහිත තනි කාමරයක බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව මැද සිටිනු දුර තියා දැකගැනීමට ලැබිණි. සැකකරුගේ තුවාල සහිත පාද දෙකටම මාංචු දමා තිබිණි. ඒ වෙලාවේ සැකකරුගේ ඥාතීන්ට ඔහු බැලීමට අවසර දී තිබිණි. එක් බන්ධනාගාර නිලධාරියෙක් එහි පැමිණ සිටි සැකකරුගේ ඥාතියකුට අපව පෙන්වා විමසා සිටියේ අප කවුරුන්ද යන්නයි. එවිට ඔවුන් පවසා සිටියේ අප ඒ අයගේ දුරින් ඥාතීන් වන පිරිසක් බවයි. අප ඡායාරූප ශිල්පී බර්ටි මෙන්ඩිස් කරේ එල්ලාගෙන සිටි කැමරාව රෙදි බෑගයකින් වසාගෙන සිටීම නිසා එය බන්ධනාගාර නිලධාරියාගේ ඇස නොගැටුණේ අපේ වාසනාවටය.
එහි සිටි එක් බන්ධනාගාර නිලධාරියෙක් සිය සේවා මුරය අවසන්කොට පිටව යෑමට සූදානමින් සිටියේය. එහෙත් ඔහුගේ සේවා මුරය භාරගැනීමට පැමිණිය යුතු අනෙක් නිලධාරියා පැමිණ සිටියේ නැත. එහෙයින් ඔහු එනතුරු අනෙක් නිලධාරියාට සැකකරු භාරදී කුමක් හෝ කටයුත්තක් සඳහා දෙදෙනා මඳ වේලාවකට එතැනින් ඉවත්ව ගියහ.

එදා අද මෙන් පටිගත කරන යන්ත්‍ර බහුල නොවීය. එහි සිටි රෝගියාගේ ඥාතීන් අතරින් රිංගා ගිය මම තුවාලකරුගෙන් සිද්ධිය වූ අන්දම අකුරක් නෑර අසා දැනගතිමි. අනතුරුව වෙනත් වාට්ටුවකට ගොස් එහි ඇඳක් මත තබාගෙන කඩදාසියක එම සිදුවීම සටහන් කරගත්තෙමි. සැකකරුගේ දුක්ගැනවිල්ල සහිත කඩදාසිය සැකකරු අතට දී ඔහුගේ අස්සන ඊට ලබාගැනීමට උත්සාහ කළෙමි. ඒ අවස්ථාවේ, බැහැරව ගොස් සිටි බන්ධනාගාර නිලධාරියා එතැනට දිව ආවේය. එය එසේ සිදුවන්නට හේතු වූයේ අප ඡායාරූප ශිල්පියා සැකකරුගේ පාදවල තුවාල හොර රහසින් ඡායාරූපගත කරද්දී වාට්ටුවේ සේවකයෙක් ඒ බව බන්ධනාගාර නිලධාරියා සොයාගොස් දැනුම් දී තිබීමය. එහෙත් ඒ වනවිටත් බර්ටි මෙන්ඩිස් සිය ඡායාරූප ගැනීම අවසන් කොට රෝහලෙන් පිටව ගොස් තිබිණි. නමුත් මා සැකකරුට කඩදාසිය සහ පෑන දෙන අයුරු දුටු එම බන්ධනාගාර නිලධාරියා එය උදුරා ගැනීමට මා වෙත කඩාපැන්නේය. එවිට සටහන සහිත කඩදාසිය මා එක්වරම කටේ දමාගත්තෙමි. යම් හෙයකින් කටට අත දැමුවහොත් ඔහුගේ අත සපාකා රෝහලෙන් පලායෑම මගේ සැලසුම විය. එහෙත් මා නොසිතූ බියකරු සිදුවීමකට මුහුණ දෙන්නට මට සිදුවිය. මා බන්ධනාගාර නිලධාරියාගේ අත්අඩංගුවට පත්විය. ඒ, මාංචු දමා නොවේ. ඒ වෙලාවේ ඔහු අත මාංචු කුට්ටමක් නොතිබිණි. ඔහු මා අල්ලාගෙන මගේ උරහිසට පිටුපසින් අත් දෙක බෙල්ලට දමා සිරකර ගත්තේය. ඉන් පසු ඔහු වාට්ටුවේ සුළු සේවකයන් කැඳවා රෝහලේ හදිසි තත්ත්වයක් බැවින් වහාම බන්ධනාගාර නිලධාරීන් සමග රථයක් රෝහලට එවන්නැයි බන්ධනාගාරයට දුරකතන ඇමතුමක් ලබාදී පවසන ලෙස ඔහු රෝහලේ සුළු සේවකයකුට නියෝග කළේය.

අවස්ථාවේ හැටියට ක්ෂණිකව කළ යුතු දේ ගැන මට අවබෝධයක් තිබිණි. මා ඉදිරියෙන් තිබුණේ බෙහෙත් බෝතල් වාට්ටුවට රැගෙන එන තනි තට්ටුවේ උස ට්‍රොලියකි. මා එක් වරම වෙර යොදා බන්ධනාගාර නිලධාරියාගේ දෑතට මගේ වැළමිටි දෙකෙන් තද පහරක් එල්ල කළෙමි. ඒ සමගම ඔහුගේ දෑත් මගේ උරහිසෙන් ගැළවී ගිය අතර, එසැණින් මම බෙහත් ට්‍රොලිය අස්සෙන් රිංගා ඉදිරියට දිව ගියෙමි. මා ලුහුබඳින්නට ට්‍රොලිය පැත්තට පැන්න බන්ධනාගාර නිලධාරියා බෙහෙත් ට්‍රොලියත් පෙරළාගෙන වාට්ටුව තුළ බිම ඇදවැටුණි. මා දෙවැනි මහලේ දිව යද්දී මා සමග ගොස් සිටි ‘සන්’ පත්‍රයේ මාධ්‍යවේදී අර්ජුන රණවක එහි විදුලි සෝපානය නතර කරගෙන මා එනතුරු බලා සිටියේය. අප දෙදෙනා විදුලි සෝපානයෙන් පහත මහලට පැමිණ බලන විට අප පැමිණි වාහනයද රැගෙන බර්ටි මෙන්ඩිස් කන්තෝරුවට ගොස් තිබුණි. ඒ ඇතිවූ කලබලය හමුවේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් බේරීම සඳහාය.

මමත් අර්ජුනත් රෝහලේ සිට පුංචි බොරැල්ල දක්වා දුවගෙන පැමිණ එතැනින් ටැක්සියක නැගී ‘දවස’ කාර්යාලයට පැමිණියෙමු. අප ටැක්සියේ නැගී පිටත්ව යනවාත් සමගම බන්ධනාගාර නිලධාරීන් පුරවාගත් වෑන් රථයක් රෝහල වෙත වේගයෙන් ඇදී යන අයුරුද අපට දැකගත හැකි විය. ‘දවස’ කාර්යාලයට පැමිණි අප දෙදෙනා කතුවරයාගේ කාමරයට දිව ආවෙමු. ඊට සුළු වේලාවකට පසුව කතුවරයාගේ දුරකතනය නාද වූ අතර, එම ඇමතුම ලබාදුන්නේ මාධ්‍යවේදීන්ගේ මිත්‍රයකු වූ එවක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නලින් දෙල්ගොඩය.

‘ඔයාගේ මාධ්‍යවේදියෙක් රෝහලේ ඉන්න අපේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරලා. ඒ නිලධාරියා බෙහෙත් ට්‍රොලියක් උඩට වැටිලා තුවාල වෙලා. මම ඒකට පියවරක් ගන්නවා….’ බන්ධනාගාර කොමසාරිස්වරයා ‘දවස’ කර්තෘ එස්.එල්. ගුණසේකරට කියාගෙන ගියේය. එසැණින් අප කතුවරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට කීවේ,

‘ඔබේ නිලධාරියා මගේ මාධ්‍යවේදීන්ගෙ රාජකාරියට බාධා කරලා තියෙනවා. මම පත්තරෙන් ඒ ගැන කියන්නම්. නිලධාරීන් රාජකාරිය කරලා තියෙන හැටි. එතකොට පුළුවන් ඇත්ත දැනගන්න…’

එස්.එල්. එසේ කියමින් දුරකතන ඇමතුම විසන්ධි කළේ කෝපයෙනි.

පසුදා ‘දවස’ පත්‍රයේ ප්‍රධාන පුවත වූයේ ‘කකුල් කපා, ලුණු දාලා රජ කාලේ දඬුවම් දීලා’ යන සිරස්තලය යටතේ බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්වූ සැකකරුගේ කතාවයි. එම සිද්ධිය පසු දිනක සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයකු අධිකරණයද දැනුවත් කළේ එම පුවත සහිත ‘දවස’ පත්‍රයද විවෘත අධිකරණයේදී පෙන්වමිනි. ඒ හරහා සැකකරුට ඉන් පසු විශේෂ රැකවරණයක්ද ලැබිණි. කෙසේ වෙතත් සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරීන් හතර දෙනකුගේ වැඩ තහනම් කෙරිණි.

පසුව තුවාලකරුගේ ඥාතීන් එස්.එල්. සොයා ආවේ බුලත් හුරුල්ලක්ද අතැතිවය. ඒ, ඔහුට ස්තුති කිරීමටය. ‘දවස’ ප්‍රධාන කතුවරයා වූ එස්.එල්. ගුණසේකර යනු මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනීසිටි හොඳ කශේරුකාවක් හිමි කතුවරයෙක් බව මෙහිදී සඳහන් කළ යුතුය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ජාත්‍යන්තර සම්බාධක පැනවූ ශ්‍රී ලාංකිකයන් 60 දෙනා කවුද? නම් දෙකක් එළියට! අනෙක් 58 කෝ? Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමා වෙත ලියමි! Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.