• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රිකුණාමලේ සාම්පූර්වලිනුත් මිනිස් අස්ථි කොටස් මතුවෙයි! ස්කෑන් පරීක්ෂාවක් කරන්න අධිකරණයෙන් නියෝගයක්! මේ මතුවුණේ හත්වැනි සමූහ මිනීවළද? VIDEO I Sri Lanka Latest News

August 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කළුතර පුද්ගලික පන්තියක සිසුවියන්ට අතවර කළ බවට චෝදනා ලැබූ ටියුෂන් ගුරාට ඇප! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුද නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවේ අහම්බෙන් හමුවූ හත් වැනි සමූහ සුසානය බවට සැක මතු වන ස්ථානයේ තව දුරටත් මිනිස් අස්ථි පවතීද යන්න සොයා බැලීම සදහා භුමිය ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමට අධිකරණය  තීරණය කර තිබේ.Sri Lanka Latest News

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළෙන් මිනිස් අස්ථි හමුවීමට අදාල නඩුව අගෝස්තු 26 වැනි අගහරුවාදා මුතුර් අධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වෙනුවෙන් ඉදිරිපත් වු නීතිඥ එම්.එම් නස්ලිම් මාධ්‍යවේදීන් වෙත කියා සිටියේ එම ස්ථානයේ  භූගත රේඩාර් සෝදිසියක් වෙනුවෙන් වියදම් ඇස්තමේන්තුවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලද බවයි.

“අධිකරණ වෛද්‍ය නිලධාරී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ සාම්පූර් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අත්සන් කරන ලද යෝජිත අයවැයක් අද අධිකරණයට ඉදිරිපත් කරා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති GPR ස්කෑනිං යන්ත්‍රය භාවිතයෙන්, තවත් මිනිස් අස්ථි කොටස් ඒ ප්‍රදේශයේ තිබෙනවාද කියලා සොයා බැලීමට ස්කෑන් පරීක්ෂාවක්  කිරීම සදහා තමයි ඒ යෝජිත අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. “

භුමිය ස්කෑන් පරීක්ෂාවට ලක් කිරීම සදහා යෝජිත අයවැයට පළාත් මහාධිකරණයේ අවසර ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව නීතිඥයා එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

“යෝජිත අයවැය මූතුර් අධිකරණයේ නියෝගය සමඟ පළාත් මහාධිකරණයට යවා එයට අවසර ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට නියමිතයි.”

මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව යළි විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ 2025 සැප්තැම්බර් මස 2 වැනි දිනයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් MAG ආයතනයට හිස් කබලක් ඇතුලු ඇටකටු මුල්ම වරට හමුව තිබුනේ ජුලි 20 වැනි දිනයි.

මුතුර් ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව අගෝස්තු 6 වැනි බදාදා  H M තස්නීම් ෆවුසාන් මුතූර් මහේස්ත්‍රාත්වරියට දැනුම් දී තිබුනේ මිනිස් අස්ථි හමුවු භුමිය රජයේ ඉඩමක් බවත්, එහි විධිමත් සුසාන භූමියක් මීට පෙර  පැවැති බවට තහවුරු කළ හැකි සාක්ෂි නොමැති බවයි.

සාම්පුර් වෙරලින් ඇටකටු හමුවූ පිරිමි තිදෙනාගේ මරණය ස්වාභාවික හේතුවකින් සිදුවූ බව නිගමනය කිරීම අපහසු බව අධිකරණ වෛද්‍ය නිලධාරි වෝහාරික විශේෂඥ නිර්මාල් බෝරුක්ගම එදින  උසාවියට දැනුම් දී  තිබුනි.

ඔවුන්ගේ වයස් සීමාවන්ද අධිකරණයට දැන්වු අධිකරණ වෛද්‍ය නිලධාරීයා තව දුරටත්  අවධාරණය කර තිබුනේ  ඒ අතරින් දෙදෙනකුගේ අස්ථි එකට හමුව ඇති හෙයින් එම මරණ ස්වාභාවික හේතුවකින් සිදුවූ බවට  නිගමනය කිරීම අපහසු බවයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි බ්‍රිතාන්‍යය මූලස්ථාන කොටගත් MAG ආයතනයට ජුලි 20 වැනි අහඹු ලෙස හිස් කබලක් ඇතුලු ඇටකටු මුල්ම වරට හමුවු  ස්ථානය පිහිටා ඇත්තේ සාම්පුර් පොලිස් බල ප්‍රදේශයේ ළමා උද්‍යානය සමීපයේය.

SendShareShare
Previous Post

අපේ පොලිසියත් ගේමක් ගහයි! කෙහෙල්බද්දර පද්මේ-කමාන්ඩෝ සලින්ත-බැකෝ සමන්-නිලංග ඇතුළු පාතාල කල්ලි නායකයන් රැසක් ඉන්දුනීසියාවේදී කොටුකර ගනී! I Sri Lanka Latest News

Next Post

ඉස්සෙල්ලා මාලිංග! දැන් තිසර! ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් පෝලිමේ මහින්ද මුණගැහෙන්න යන්නේ ඇයි? PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.