• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශබන්දු බෙන්ස් එකක මාතරට ආවේ කොහොමද? Sri Lanka Latest News

March 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දේශබන්දු හැංගිලා ඉන්නෙ කතරගමද? ‘මව්රට’ හොයන්න යයි! පන්සලක ඉන්නවලු! හෝටලේක ඉන්නවලු! හේන් වාඩියක ඉන්නවලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දින 20ක් තිස්සේ රහස් පොලිසිය සමග හැංගිමුත්තන් කළ, දුටුතැන අල්ලන්න වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සුඛෝපභෝගී බෙන්ස් රථයකින් මාතර අධිකරණයට භාරවීමට පැමිණෙන තුරු අතරමගදී පොලිසියට හෝ බුද්ධි අංශවල ඇස් යොමු නොවීම පිළිබඳ ආරක්ෂක ප්‍රධානීන්ගේ විශේෂ අවධානයට ලක්වී ඇති බව ආරක්ෂක අංශ භාර උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය.Sri Lanka Latest News

මාතර අධිකරණයට භාරවීමට පෙර අපේක්ෂිත ඇප ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඉල්ලුම්පතද ප්‍රතික්ෂේප වීමෙන් පසු මාතර අධිකරණයට නීතිඥයන් තිහකට අධික පිරිසක් පිරිවරාගෙන පැමිණි හිටපු පොලිස්පතිවරයා එදින පැවැති නඩු විභාගයෙන් පසු පසුගිය බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

ඒ අනුව, අඟුණකොලපැලැස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගිය හිටපු පොලිස්පතිවරයා එම බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත ‘වයි’ මැදිරියේ රඳවා තබන ලද බව එම බන්ධනාගාරයේ උසස් නිලධාරියකු පැවැසීය. ඒ වනවිට එහි විශේෂිත රැකවරණ මත සැකකටයුතු රැඳවියන් 1,300ක් පමණ රඳවා සිටින බවද ඔහු පැවැසීය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් හෝකන්දර නිවස රහස් පොලිසිය විසින් හදිසි පරීක්ෂාවට ලක්කර විස්කි බෝතල් ඇතුළු විදේශීය මත්පැන් බෝතල් දහසකට අධික සංඛ්‍යාවක් සහ රංගම දුරකතන දෙකක් සහ රාජකාරි පිස්තෝලයද, ඇඳුම් අතර සඟවා තිබී සොයාගැනීමෙන් පසු වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් තිබෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

අදාළ නිවසේ තිබී හමුවූ ජංගම දුරකතනවලින් හුවමාරු වී ඇති දුරකතන සබඳතාවලින් ඔහුට මෙතෙක් රැකවරණ ලබාදුන් දේශපාලනඥයන් ඇතුළු ප්‍රබලයන් කවුරුන්ද යන්න හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි ආරක්ෂක අංශ භාර උසස් නිලධාරියකු පැවැසීය.

නිල නොවන මට්ටමින් ඔහුට අයත්ව තිබූ බව කියන නිවාස අටක් පිළිබඳවද රහස් පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබේ.

හිටපු පොලිස්පති නිවසේ තිබී සොයාගත් විදේශ මත්පැන් බෝතල් තොගය ඔහුට ත්‍යාග වශයෙන් ඇතැම් පොලිස් නිලධාරීන් විසින් ගෙන ආ සන්තෝසම්ද, නැතහොත් ඔහු ප්‍රභූන්ට සැලකීමට ගොඩගසාගෙන තිබූ ඒවාද යන්න ගැනද රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පසුගිය බදාදා (19) රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගිය තෙන්නකෝන් මහතා යළි මාතර අධිකරණයට රැනෙ ආවේ 20 වැනිදා උදේ වරුවේය.
එදින, ඔහු යළි අප්‍රේල් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අපි මුල ඉඳන්ම කිව්වා මේක රටේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන අයවැයක් නෙමෙයි කියලා! පොල්දූව හන්දියේ උපාධිධාරීන් පාරට බැහැලා තියෙන එකෙන්ම අද ඒක ඔප්පු වෙලා තියෙනවා! ආණ්ඩුව අයවැය සම්මත කරගනිද්දී විපක්ෂනායක එළියට ඇවිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර පාර්ලිමේන්තුවට ඇවිත් ලක්ෂ දහයේ මන්ත්‍රී රක්ෂණය ලක්ෂ දෙකහමාරට බස්සනවා කියලා හවස කියද්දී උදේ ලක්ෂ දහයේ රක්ෂණ කාඩ් එක මන්ත්‍රීවරුන්ට දීලත් ඉවරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.