• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද හාල් මාෆියාව ගැන කතාකරන අනුර කුමාර එදා කෘෂිකර්ම ඇමැති කාලෙ හැමදාම උදේ 6ට ඩඩ්ලි සිරිසේනට කතා කරලා හාල් මිල ගැන උපදෙස් අරගෙන! හරිනම් අනුර කතා කරන්න තිබ්බේ ගොවි මහත්තයෙකුටනේ! ඔන්න අනුර එදා හාල් මාෆියාව කඩපු හැටි! කබීර් අද හෙළිකරපු රහස! VIDEO I Sri Lanka Latest News

March 13, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආනයනය කළ සහල් තොග සහ මහ කන්නයෙන් ලැබුණු සහල් තොග නිසියාකාරව වෙළඳපොලට බෙදා හැරීමට අවශ්‍ය කරන පියවර රජය ගත යුතු බවත් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සහල් මිල සාධාරණ මිලකට ගෙන යාම ආණ්ඩුවේ වගකීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවැසීය.Sri Lanka Latest News

රටේ ආර්ථික කළමනාකරණය නිසියාකාරව ක්‍රියාත්මක වනවානම් මේ වනවිට රටේ සහල් මිල අඩුවිය යුතු බවත්
අඩු මිලට සහල් ලබාදීමේ හැකියාව රජයට තිබෙන බවත් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් කබීර් හෂීම් මහතා හෙතෙම කීය.

අද (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මේ බව පැවැසූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා මෙසේද පැවැසීය.

‘‘2019 පසුව රටේ ජනතාවට හරියාකාරව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. 2020 න් පසුව රටේ දිගින් දිගටම අර්බුද ඇතිවුණා. ඒ නිසා හරියාකාරව ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න නොහැකි වුණා. 2024 දීත් හරියාකාරව ජනතාවට අලුත් අවුරුද්දක් සමරන්න පුලුවන් තත්ත්වයක් තිබෙන බව පෙනෙන්නට නෑ. රටේ ජනතාවට ප්‍රශ්න පමණයි තිබෙන්නේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමැරීම සමඟ සහල් කියන දේ මූලික දෙයක් බවට පත්වෙනවා. නමුත් රටේ අදවනවිට සහල් මිල පිළිබඳව විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. රටේ ආර්ථික කළමනාකරණය හරියාකාරව ක්‍රියාත්මක වනවානම් මේ වනවිට රටේ සහල් මිල අඩුවෙලා තියෙන්න ඕන.

කීරි සම්බා මෙට්ට්‍රික්ටොන් 50,000 ක් ආනයනය කරන බව ස දෙකකට පෙර වෙළඳ ඇමැතිවරයා කියලා තිබුණා. සිංහල හින්දු අලුත් අවුරුද්ද වනවිට සහල් මිල වැඩි වීමට හැකි බැවින් ඒ නිසා සහල් මිල පාලනය කිරිමට සහල් ආනයනය කරන බව රජය ප්‍රකාශ කරලා තිබුණා. මේ වනවිට ආණ්ඩුව කීරි සම්බා මෙට්ට්‍රික්ටොන් 25,000 යි 30,000 අතර ප්‍රමාණයක් ආනයනය කරලා තිබෙනවා.

ඒ වගේම රටේ මහ කන්නයෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබඳව කෘෂිකර්මා ඇමැතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තිබෙනවා. සාර්ථික අස්වැන්නක් ලැබිලත් තිබෙනවානම් , සහල් ආනයනය කරලත් තිබෙනවානම් මේ වනවිට වෙළඳපොලේ සහල් මිල අඩුවෙලා තියෙන්න ඕන. නමුත් රජයට සහල් මිල අඩු කර ගන්න නොහැකි වෙලා තිබෙනවා. මෙය ආර්ථික කළමනාකරණයේ ප්‍රශ්නයක්ද නැතිනම් වෙළඳපොලේ ඇතිවෙලා තිබෙන සහල් මාෆියාවේ ප්‍රශ්නයක්ද කියන දේ පිළිබඳව ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා.

2023 දෙසැම්බර්වල කීරි සම්බා කිලෝවක් රුපියල් 245 යි. අදවනවිට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 355 යි. ආණ්ඩුව 2023 දෙසැම්බර් වල සම්බා කිලෝවක් 220 අද වනවිට රුපියල් 263 ක් වෙලා. 2023 දෙසැම්බර්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 190 යි. අද වනවිට නාඩු සහල් කිලෝවක් 219 යි. මේ අනුව බැලුවහම සහල් මිල බරපතල ආකාරයට වැඩි වෙලා තිබෙනවා.

මහ පරිමාන වී මෝල් හිමියන් සහල් වෙළඳපොලේ පාලනයක් ඇති කරනවා නැතිනම් තොග සහ සිල්ලර වෙළඳාමේ සිටින පිරිස් හෝ ආනයනකරුවන් පාරිභෝගිකයන්ට සධාරණයක් ඉටු නොකර සහල් වලින් ශුද්ධ ලාභයක් ගන්නවා. මේ පිළිබඳ සොයා බැලිමේ වගකිම තිබෙන්නේ රජයට.

ආර්ථිකයට මැජික් උත්තර නෑ. කයිවාරු ගහලා රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ. ප්‍රතිපත්ති රාමුවක් තිබෙන්න ඕන. ආර්ථික න්‍යායක් තිබිය යුතුයි. නිෂ්පාදන වෙළඳ පොලට ගෙන යෑම , වෙළඳපොල ඒකාධිකාරයක් හැදිලා තිබෙනවානම් එය බිඳින්නේ කොහොමද , සහල් අඩු මිලට වෙළඳ පොලට ගෙන දීම සඳහා වැඩපිළි‍වෙළක් සමගි ජනබලවේගය සතුව තිබෙනවා. සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ කෘෂිකර්මය තුළ ගොවියාට සාධාරයක් ඇති කරන්නේ කෙසේද ඒ වගේම පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලට ගැනිමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ආර්ථික වැඩසටහනේ සඳහන් කරලා තිබුණා. ආණ්ඩුව මෙම වැඩපිළිවෙළ සාර්ථිකව සිදුකරන්නේ නෑ. රටේ විකල්ප පක්ෂවලටත් වැඩපිළිවෙළක් නෑ.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සහල් මිල සාධාරණ මිලකට ගෙන යාම ආණ්ඩුවේ වගකීමක්. ආනයනය කළ සහල් තොගය සහ මහ කන්නයෙන් ලැබුණු සහල් තොග හරියාකාරව වෙළඳපොලට බෙදා හැරීමට අවශ්‍ය කරන පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. අඩු මිලට සහල් දෙන්න පුලුවන් හැකියාව රජයට තිබෙනවා. ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. සහල් මාෆියාව නැති කරන්න යහපාලන ආණ්ඩුව කාලයේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. නමුත් ඒ වැඩපිළිවෙල ඉවර කරන්න කාලය තිබුණේ නෑ. නැවත සමගි ජනබලවේග රජයක් යටතේ සහල් මාෆියාව නැති කරන්න කටයුතු කරනවා.‘‘

අනුර කුමාර කෘෂිකර්ම ඇමැතිවෙලා හිටපු කාලයේ සහල් මාෆියාව කඩන්න තිබුණා

‘‘රට සහල් වලින් ස්වංයපෝෂිතයි නමුත් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා කියලා අනුර කුමාර දිසානායකත් ප්‍රකාශ කරලා තිබුණා. වසරකට මෙට්ට්‍ර්ක් ටොන් ලක්ෂ 23 ක සහල් ප්‍රමාණයක් පරිභෝජනය කරන බවත් ඒ ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය කරන බවත් ඒ වගේම වී මෙට්ට්‍ර්ක් ටොන් ලක්ෂ 35 ක් අවශ්‍ය වනබවත් එයත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන බවත් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරලා තිබෙනවා.

අවුරුදු 74 ක සාපයක් නිසා රට විනාශ වුණ බවත් නිදහසින් පසුව රටේ කිසිදු දෙයක් සිදුවුණේ නැ කියල අනුරු කුමාර දිසානායකගේ පක්ෂය රටේ මතයක් සමාජගත කරන්න උත්සහ කළා. ඒ අනුර කුමාර දිසානායකම අද කියනවා රට ස්වයංපෝෂිතයි කියලා. රට ස්වයංපෝෂිත වුණේ ඉබේටමද. 1948 ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නා විට රටේ සහල් නිෂ්පාදනය සියයට 35 යි. 1948 දී සියයට 64 ක් සහල් ආනයනය කළා. 1994 දී
රට ස්වයංපෝෂිත වුණා. මහවැලි ව්‍යාපෘතිය , ගල් ඔය ව්‍යාපෘතිය හරහා රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න හැකියාව ලැබුණා. 1990 වී අස්වැන්න හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 3600 ක් ලැබුණා. එහෙම බැලුවහම අවුරුදු 74 ක සාපයක් ගැන කියන්න අනුර කුමාර දිසානායකලාට අයිතියක් නෑ.

අනුර කුමාර දිසානායක කියනවා සහල් මාෆියාව නැති කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. අනුර කුමාර දිසානායක 2004 හිටපු කෘෂිකර්ම ඇමැතිවරයෙක්. ඒ කාලයේ ඇයි අනුර කුමාර දිසානායකට රටේ කෘෂිකාර්මික වෙනස්වීම් කරන්න නොහැකි වුණේ. ඒ කාලයේදීත් සහල් මාෆියාව තිබුණා. එ් සහල් මාෆියාව කඩන්න තිබුණා. අනුර කුමාර දිසානායක ඒ කාලයේ වී මෝල් මාෆියාව කඩලා තිබුණානම් වෙනස් ඇති කරන්න තිබුණා. මහ පරිමාණ වී මෝල් හිමි ඩඩ්ලි සිරිසේන කියනවා අනුර කුමාර දිසානායක 2004 කෘෂිකර්ම ඇමැතිවලා සිටි කාලයේ උදේම දුරකථන ඇමැතුම ගන්නේ තමන්ට කියලා. අනුර කුමාර දිසානායක උපදෙස් අරගෙන තිබෙන්නේ සහල් මාෆියාවෙන්ම. අනුර කුමාර දිසානායකට කතා කරන්න තිබුණේ ගොවියෙකුට.‘‘

SendShareShare
Previous Post

දෙහිවල සෝල් බීච් හෝටලය කඩා දැමීමේ සිද්ධියේදී ව්‍යාජ ලේඛන හදපු කතාවකුත් එළියට එයි! වෙරළ සංරක්ෂණේ හිටපු ලේකම් අපේක්ෂිත ඇප ඉල්ලා අධිකරණයට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පාසල් සිසුන්ට මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරයි! මුලින්ම පාසල් 31ක ළමුන් 158ක් තෝරාගනී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.