රැකියා සඳහා විදේශගත වන්නන්ගෙන් විවිධ හේතූන් දක්වමින් විශාල මුදල් සම්භාරයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා එකතු කරගැනීමට හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කටයුතු කර ඇතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. (Sri Lanka Latest News)
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමරසිංහ මහතා සඳහන් කළේ මනුෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා විවිධ ප්‍රදර්ශන පැවැත්වීමට යැයි පවසමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රුපියල් මිලියන 1000ක පමණ මුදලක් විනාශ කර ඇති බවයි.









