හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්ව ගිය පසු, ඔහු වෙනුවෙන් සූපවේදීන් 16 ක්, ආරක්ෂක නිළධාරීන් 163ක්, කුඩ 30ක් සහ වාහන 20 ක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News
කෙසේ වෙතත්, එම ඉල්ලීම තමන් විසින් ප්‍රතික්ෂේප කළ බව පවසන ජනාධිපතිවරයා, ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන්නේ වාහන තුනක් පමණක් බවද පැවසී ය.
ඊට අමතරව, රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ගෙනගොස් තිබුණු ගිලන් රථ දෙකක් යළි කැදවූ බවද ජනාධිපතිවරයා පවසයි.










