''සමගි ජනබලවේගය තමයි මුලින්ම ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවට විවාදයකට පැමිණෙන ලෙස ආරාධනා කළේ. නමුත් ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා මුලින් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාදයක් පැවැත්විය යුතුයි කියලා. සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ් අභියෝගයත් භාර ගත්තා. ආර්ථික කමිටු විවාදය සහ නායකයන් දෙපළ අතර විවිවාදයට සමගි ජනබලවේගයෙ ඔනෑම අවස්ථාවක සූදානම්. ඒ වගේම තවත් පිරිසක් කිව්වා මේ විවාදයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් සම්බන්ධ කර ගත යුතුයි කියලා. මේ සියලු කතා කිව්වේ විවාදය නොපවත්වා ඉන්න.. යනුවෙන් හර්ෂණ රාජකරුණා මහතා කීය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේද කීය.
විවාද දෙකටම සමගි ජනබලවේගය සූදානම් බව ජාතික ජන බලවේගයට ලිඛිතව දන්වලා තිබෙනවා. ආර්ථීක කමිටු අතර විවාදය සඳහා මැයි මාසයේ 27 , 28, 29, 30 , 31 දින වෙන් කරලා තිබෙනවා. ඒ් වගේම නායකයන් අතර විවාදය සඳහා ජුනි මාසයේ 3 , 4, 5, 6, 7 යන දින වෙන් කරලා තිබෙනවා. විවාද දෙක සඳහා පහසු දින ලිඛිතව දැනුම්වත් කරන ලෙස ජාතික ජනබලවේගයෙන් ඉල්ලා සිටිනවා.
ජාතික ජනබලවේගය ආර්ථික කමිටු අතර විවාදයට බය ඔවුන්ට ආර්ථික වැඩපිළිවෙලක් නැති නිසාද දන්නේ නෑ. නමුත් සමගි ජනබලවේගයටනම් ආර්ථික වැඩපිළිවෙළක් තිබෙනවා. සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ මේ වනවිට Economic Blueprint ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා.සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ ප්‍රසිද්ධ කළේ වසර දෙකකට පෙර. ඒ් වගේම සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රට පුරා සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබෙනවා.
ජාතික ජනබලවේගයේ නායකයා ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වෙනම කතාවක් කියනවා. සුනිල් හඳුන්නෙත්ති තවත් කතාවක් කියනවා. ඒ් නිසා තමයි ජාතික ජනබලවේගය ආර්ථික කමිටු අතර විවාදය මගහරින්න විවිධ කතා පතුරුවන්නේ. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා , ඉරාන් වික්‍රමරත්න , කබීර් හෂිම් සමඟ විවාද කරන්න ජාතික ජනබලවේගය බයයි.”










