• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඳානේ මාවත්වල සැරිසැරූ මරියතුමියගේ හැඩරුව ඇති තරුණියගේ ඇත්තම කතාව මෙන්න! Sri Lanka Latest News

February 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කඳානේ මාවත්වල සැරිසැරූ මරියතුමියගේ හැඩරුව ඇති තරුණියගේ ඇත්තම කතාව මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අතිශය ජනාකීර්ණ කඳාන නගරය සමීපයේ ඇති ශාන්ත සෙබස්තියන් මුනිඳුන් ගේ සිද්ධස්ථානය වෙත එක්තරා රාත්‍රියක ගමන් කරමින් සිටි බව පැවසෙන සුවිශේෂතාවයක් දක්වන කාන්තා රූපයක වීඩියෝ දර්ශන කිහිපයක් පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල ඔස්සේ වේගවත් ලෙස පැහිර යමින් තිබේ. එහි සුවිශේෂත්වය වනුයේ එම කාන්තා රූපය කතෝලික දහමේ පරමාදර්ශී කාන්තා රත්නය වන ජේසුස් වහන්සේ ගේ මෑණියන් වන මරියා තුමිය හෙවත් දේව මාතාව ගේ ප්‍රතිමාවලට අතිශය සමාන ලෙසින් දිස්වීම ය. එම කාන්තාව හැඳ සිටින ඇඳුම මෙන්ම ඇගේ පෙනුම හෙවත් රූපකාය ද දේව මාතා පිළිරුවකට බෙහෙවින් සමාන බව එම වීඩියෝ පට දකින ඕනෑම අයකුට වැටහෙනු ඇත. එක්තරා රාත්‍රියක කඳාන නගරයේ සිට ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයන් ගේ සිද්ධස්ථානය තෙක් වැටී ගත් මාවත ඔස්සේ රථ වාහන අතුරින් ගමන් කරන ඇය කිහිප දෙනකුගේ වීඩියෝ ගත කිරීම් වලට ද ලක්ව තිබේ. එමෙන්ම ජවි වර්ණය ආදී කරුණු මත ඇය ශ්‍රී ලාංකේය කාන්තාවක නොවන බව වටහා ගන්නා සමහරෙකු ඇගෙන් “ඔබ ආවේ කොහේ සිට ද?” යනුවෙන් ඉංග්‍රීසි බසින් අසා සිටින අන්දමත් සමාජ ජාල ඔස්සේ සංසරණය වන ඒ වීඩියෝ පට මගින් සනාථ වේ.

එහෙත්, ඇය ඒවාට පිළිතුරු නොදී සිය ගමනේ යෙදෙන අතර “බය නෑ, එයා හොඳට හිනාවෙලා ඉන්නේ” යනුවෙන් කාන්තාවක සිංහලයෙන් පවසන හඬක් ද එක් වීඩියෝවකින් ඇසෙයි. ඉහත සඳහන් කරුණු අනුව මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය
කළෙමි.මක් නිසා ද මෙවැනි විමසුමක දී ස්ථානීය පරීක්ෂණ අතිශයින්ම වැදගත් වන බැවිනි. එම විස්මයජනක සිදුවීම මුල් කොට ඒ වන විට කතෝලික බහුතරයකින් යුතු එම ප්‍රදේශයේ ජන මනැස යම් තරමකට හෝ කැළඹී ඇතැයි යන්න එහි යාමට පෙර පැවැති මගේ මූලික අනුමානය විය. එහෙත් , මා විස්මයට පත් කරමින් කඳාන ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය අවට කිසිවකුටත් ඒ පිළිබඳව වගේ වගක් නොමැති බව එහි ගිය සැනින් මට වැටහිණ. එහි දී මට හමු වූ සමහරකු පවසා සිටියේ එවැනි කිසිදු සිද්ධියක් පිළිබඳව අඩුම
තරමින් තමන් අසාවත් නොමැති බවකි.

’‘ඕක මේ පරණ කතාවක්නේ” එහිදී මට හමු වූ යූ. එම්. රුද්‍රිගු මහතා උපහාසයෙන් සිනාසෙමින් කීය. ඔහු ද ඒ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ’‘මේ පල්ලියේ මංගල්‍යය තිබුණේ පහුගිය ජනවාරි විසි වෙනිදා. ඊට කිට්ටුම දවසක රෑක දේව මෑණියෝ වගේ ඇඳුමක් ඇඳ ගත්තු තරුණ සුද්දියෙක් මේ පාර දිගේ ඇවිත් පල්ලියට ඇතුල් වෙන්න හදලා තියනවා. ඒත්,
මෙයා ගැන සැක කරපු පල්ලියේ ආරක්ෂාවට හිටපු පිරිස් මෙයා ගෙන් විස්තර අහලා තියනවා. මෙයා අයර්ලන්ත ජාතික තරුණියක්ලු. සමහරු නම් කියනවා රුසියන් ජාතික තරුණියක් කියලත්. කොහොම හරි මේ තරුණියගේ ඒමෙන් පල්ලියෙයි ඒකට එන සෙනඟගෙයි ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් හින්දා එතන හිටපු කාන්තා පොලිස් නිලධාරිනියන් මෙයාගේ අනන්‍යතාව පරීක්ෂා කරලා තියනවා. එතකොට මේ තරුණිය තමන් ගේ හැඳුනුම්පත හැටියට දීලා තියෙන්නේත් දේව මෑණියන් ගේ රූපයක්. කොහොමත් ඒ කාරණේ උඩ මෙයාට සිද්ධස්ථානයට ඇතුල් වෙන්න ඉඩ දීලා නැහැ. ඒ වගේම ඒ තරුණියත් ප්‍රචණ්ඩකාරී විදියට හැසිරිලත් නැහැ. එයා ආපහු හැරිලා ගිහින් තියනවා; ඔච්චරයි ඔය කතාව.” රුද්‍රිගු මහතා කීයේ මා කෙසේවත් නොසිතූ දෙයකි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කඳාන ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ පාලනාධිකාරියෙන් වැඩිදුර කරුණු විමසීමට මා දැරූ උත්සාහය ද අසාර්ථක විය. එවිට එහි නියෝජිතයකු පවසා සිටියේ එම සිදුවීමට කතෝලික දහම,කතෝලික සභාව සහ එම සිද්ධස්ථානය කිසිදු සබැඳියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහසක් පළ කළ නොහැකි බවකි.එවිට එම සාමාන්‍ය සිද්ධියට කඳාන ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ පාර්ශවයෙන් ද අනියමින් ප්‍රසිද්ධියක් ලැබෙන බව එම නියෝජිතයා ගේ මතය විය.ඔහු අනියමින් පැවසූ අන්දමට එය කතෝලික දහමට කතෝලික සභාවට හෝ එම සිද්ධස්ථානයට කිසියම් නිගරුවක් කිරීමට වෙනත් පාර්ශවයක් භාවිතා කළ තුරුම්පුවක් වීමට බැරි කමක් ද නැත.

විවිධ ආගමික ස්ථාන සම්බන්ධයෙන් බාහිරින් එල්ල වන මෙබඳු බලපෑම් හමුවේ ඉතා විධිමත් න්‍යායාත්මක පදනමක් යටතේ උපායශීලීව ප්‍රතිචාර දැක්වීම අනිවාර්ය අවශ්‍යතාවකි. එසේ නොකළ හොත් එමගින් එම ස්ථානීය ගෞරවයට සේම මූලික ආගමික සංකල්ප වලට ද බරපතල හානි සිදුවිය හැක. මෙහිදී එක්වරම අපගේ සිහියට නැංවෙනුයේ නාග ලෝකයේ සිට පැමිණි නාග රාජයකු කැලණි නදියෙන් මතු වීමක් සම්බන්ධයෙන් එක් ඔල්මාද කාරයකු මවා පෑ විලම්බීතයට අනුගතව කැලණි රජ මහා විහාර පාලනාධිකාරිය
මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම පිළිබඳ ඛේදනීය සිදුවීම ය.එමෙන්ම පසුගිය කාලයේ වාර්තා වූ හැටන් ප්‍රදේශයේ දෙව් මැදුරක තිබූ කඳුළු සළන බව කී දේව මාතා ප්‍රතිමාව සම්බන්ධයෙන් කතොලික සභාව එවැනි පක්ෂග්‍රාහී ප්‍රකාශයක් නොකිරීම ද ඉතා ඥානාන්විත ක්‍රියාවක් බව මගේ වැටහීමය.මක්නිසා ද ඒවා ජනතාව මුලා කිරීම පිණිස ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරනු ලබන කූට මවා පෑම් බව ලොව අන් රටවලින් ද වාර්තා වී ඇති බැවිනි.

ඒ අතර කඳාන ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයන්ගේ සිද්ධස්ථානය වෙත පැමිණි බව පවසන මෙම තරුණියගේ පෙනුමට බෙහෙවින් සමාන තරුණියක් ඊට තරමක් වෙනස් එම ආකෘතියේ ම ඇඳුමකින් සැරසී කරේ බෑගයක් ද එල්ලා ගෙන දිවා කාලයේ පෙනී සිටින වීඩියෝවක් ද මේ වන විට සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් තිබේ. එහි තරමක විශේෂත්වයක් පවතිනුයේ එම තරුණිය ප්‍රධාන මාර්ගයක් අද්දර පොද වැස්සේ තෙමෙමින් දෑත් දෙපසට විහිදුවා කිසියම් අභිනයක, රංගනයක විලාසයක් දැක්වීමය. රූපකාය අනුව ඇය කඳානේ ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයන් ගේ සිද්ධස්ථානය වෙත පැමිණි තරුණියට බෙහෙවින්ම සමාන ය.“මේ නම් කීයට වත් කඳානේ වෙන්න බැහැ. මෙහෙම පාර තොටක් තියා භූ විෂමතාවක් වත් කඳාන කිට්ටුවක නෑ” ඒ වීඩියෝව සම්බන්ධයෙන් මා කළ විමසුමකට පිළිතුරු දුන් මේ වන විට කාර්ය බහුලවම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා ද වන ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කීය.

දශක ගණනක් පුරා මා හා සුහද සමීපත්වයක් පළ කරන සුමිතුරකු වන ඔහු ගේ මහ ගෙදර කඳානේ ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයන්ගේ සිද්ධස්ථානය අද්දර පිහිටි අතර ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ද කඳානේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි.‘ශිවා’ ගේ එම ප්‍රකාශය අනුව එම තරුණිය කවරෙකු හෝ වේවා ඇගේ එම දේව මාතා විලාසය කඳානට අමතර වෙනත් ප්‍රදේශවල ද “රඟ දක්වා” තිබේ.

අපගේ කායික සෞඛ්‍යය සේම මානසික සෞඛ්‍යය ද පුද්ගල බද්ධ වූ විවිධ විෂමතා සහිත වූවකි. ආගමික විශ්වාස දැරීම මානසික සෞඛ්‍යය කෙරෙහි අයහපත් බලපෑම් එල්ල නොකරන මුත් මානසික සෞඛ්‍ය ව්‍යාකූලතා සහිත ඇතැම්හු ද ඒවා ආගමික ස්වරූපයෙන් එළි දක්වති.ඉන් ඇතැම්හු අභිමාන මෝහය(Grandiose delusion )නම් මානසික ව්‍යාධිය නිසා ද ආගමික ශාස්තෘ වරුන් හා සාන්තු වරුන් වශයෙන් සමාජය හමුවේ පෙනී සිටින අවස්ථා තිබේ. පසුගිය දා අවලෝකිතේශ්වර නමින් සමාජය හමුවේ පෙනී සිටි පුද්ගලයා ද මානසික රෝගයකින් පෙළෙන්නකු බව අංගොඩ මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ විශේෂඥ අධිකරණ මනෝ වෛද්‍යවරයකු විසින් තහවුරු කොට තිබේ. නමුත් යමකු හට එවැනි මානසික රෝගයක් අර්බුදයක් හෝ ව්‍යාකූලතාවක් ඇති බවට සායනික වශයෙන් සාක්ෂි තහවුරු කරන තුරු එම පුද්ගලයන් සම්බන්ධයෙන් එවැනි නිගමනයට එළැඹීමට ජනමාධ්‍ය කරුවන් ඇතුළු අනෙකුත් සමාජ ක්‍රියාකාරීත්ව හෝ සාමාන්‍ය වැසියනට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත. ඊට හේතුව ඉහත සඳහන්
තරුණිය දේව මාතා ප්‍රතිමාවක ස්වරූපය ගෙන කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පිවිසීමට දැරූ වෑයම සහ ඇය වෙනත් ස්ථානයක එම ආකාරයෙන්ම මහ මඟ අද්දර යම් රංගන විලාසයක් අභිනයක් පළකිරීම කවර හෝ අරමුණක් පෙරදැරි කර ගෙන සිදු කරන ලද්දක් දැයි අපට නිශ්චය කළ නොහැකි බැවිනි. ලොව ඇතැම් රටවල සමාජ සමීක්ෂණයන් ද තම පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු සඳහා ද මෙබඳු භූමිකාවන්ට පිවිසෙන අතර අප රටේ සිටි කෘතහස්ත සමාජ ගවේෂකයකු වූ මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් පර්යේෂණ කටයුත්තක් සඳහා අප රටේ යාචක ප්‍රජාව තුළට පිවිස වසර ගණනක් සැබැවින්ම යාචක වෘත්තියේ යෙදීම ඊට මෙරටින් දැක්විය හැකි කදිම නිදසුනකි.

“රටක් ආර්ථික, සමාජයීය වශයෙන් බිඳ වැටෙන කොට ඒ රටේ මිනිසුන් ගේ චින්තන රටාවේ ස්ථාවර බව අඩු වෙනවා. ඒ එක්කම මිනිස් සිත් වල තියන ගුප්ත හැඟීම් ඉබේම ප්‍රවර්ධනය වෙනවා. අපේ සමාජයෙන් බුදුවරු, රහතන් වහන්සේලා, බෝධිසත්වවරු කියා ගෙන බිහිවන කපටින්ට මානසික රෝගීන්ට තියන සමාජමය ඉල්ලුම දවසින් දවස ඉහළ යන්නේ ඒ හින්දයි. නමුත් අවලෝකිතේශ්වර බෝධිසත්වයා කියලා පෙනීහිටපු අර මානසික රෝගයකින් පෙළෙන තැනැත්තාට සමහරු දනින් වැටිලා වැන්දට මොකක් හරි හේතුවක් උඩ දේව මෑණියෝ හැටියට මවාපෑමක් කරපු ඔය තරුණියට කතෝලික බහුතරයක් ඉන්න කඳානේ කිසිම කතෝලිකයෙක් වන්දනා මාන නොකරපු එක නම් විශේෂ දෙයක්’‘එම සිදුවීම මුල්කොට අදහස් දැක් වූ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කීය. ඒ අනුව වයස,රූපකාය හා ඇඳුමින් මරිය තුමියගේ ප්‍රතිමාවක ස්වරූපය දරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික සිද්ධස්ථානයක වාර්ෂික මංගල්‍යය සමයක එහි බැතිමතුන් අතරට ආ ඒ තරුණිය නූතන අවලෝකිතේශ්වර බෝධිසත්ව කතාවේ කතෝලික “වර්ෂන් එක” හෙවත් හෙවත් පිටපත ලෙස නම් කිරීමට අපට නොපුළුවන. ඒ එවන් සුවිශේෂ දසුනක් සමාජය හමුවේ මවා පෑ ඒ (අයර්ලන්ත හෝ රුසියානු) තරුණියට කඳානේ කතෝලික ප්‍රජාවගෙන් ඒ සඳහා කිසිදු ඉඩක්,අවසරයක්, පිටිවහලක් නොලැබුණු බැවිනි.

තිලක් සේනාසිංහ

SendShareShare
Previous Post

අඩෝ…ඕ…ඕ… පූසිගෙ පුතා…ආ… I Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථාවේ බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බව සඳහන් වුවත් මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කළා! දළදා වහන්සේට පවා බෝම්බ ගහපු පුද්ගලයන්ට රට ගොඩගන්න බෑ! අනුරාධපුර සජබ භික්ෂු උපදේශක සභාව කසාවතින් බබළයි! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.