• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපත පටන් ගන්න කොටම විපක්ෂනායකයා කිව්වා! හිටපු ජනාධිපතිනිය කිව්වා! දන්න කියන හැමෝම කියද්දී හදිසි තත්ත්වයක් ප්‍රකාශ නොකරන්නෙ ඇයි? මෙන්න ෆයිසර්ගෙනුත් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

November 29, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
ජන්දෙ කල් දාන්න බෑ! නඩු තීන්දුවක් තියෙනවා! හිටපු පළාත් පාලන ඇමැති පළාත් පාලන ජන්දය ගැන කතා කරයි!
Share on WhatsAppShare on Facebook

රටේ පවතින බරපතල ස්වාභාවික විපත් තත්ත්වය හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

මෙවැනි අතිශය භයානක ස්වාභාවික විපතකදී, අදාළ ප්‍රතිචාර දැක්වීමේ සහන සේවා කඩිනම් කිරීමේ අරමුණින්, මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මන්ත්‍රීවරයා විසින් අවධාරණය කරනු ලැබුවේ ඊයේ (28) පෙරවරුවේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුලස්ථානයේ දී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

WhatsApp Image 2025 11 29 at 8.25.56 AM 5

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමඟ පැවති එම සාකච්ඡාවේදී මෙම අසීරු අවස්ථාවේ සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් කැප වෙමු යයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කාර්යක්ෂම කටයුතු කරමු’යි ජනාධිපති අනුර කුමාර දිසානායක,  පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ට පැවසීය.

WhatsApp Image 2025 11 29 at 8.25.53 AM 4

 රට තුළ මතුව ඇති අවදානම් තත්ත්වය සහ මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කළ අතර ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ඔවුහු ප්‍රකාශ කළහ. 

විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මුදල් කිසිදු බාධාවක් නොවන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, ආපදා කළමනාකරණ දිස්ත්‍රික් කමිටු මේ වන විට කැඳවා තිබෙන අතර, දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශතාව පරිදි වැය කිරීමට මුදල් ප්‍රමාණයක් නිදහස් කර තිබෙන බවත්, කිසිදු චක්‍රලේඛයක් එම මුදල් වැය කිරීමට බාධාවක් ඇති නොකරන බවත්, එසේ බාධාවක් වන අවස්ථාවන් තිබේ නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ එකඟතාව ඇතිව එම මුදල් වැය කිරීමට දැනුම් දී තිබෙන බවත් පැවසීය.

මේ අතර සහන සේවා කණ්ඩායම්වලට ළගා විය නොහැකි ස්ථානවල සිරවී සිටින ජනතාව මුදා ගැනීම වෙනුවෙන් අවශ්‍ය හෙලිකොප්ටර් යානා යොමු කර ජනතාව මුදා ගැනීමේ කටයුතු සිදු කෙරෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා  ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය නම් හෙලිකොප්ටර් පහසුකම් ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ වන විට එකඟතාව පළ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

WhatsApp Image 2025 11 29 at 8.25.55 AM 4
ආරක්ෂිත කඳවුරු වෙත පැමිණ සිටින ජනතාව, තම නිවෙස්වල රැඳී සිටින ජනතාව සහ නිවාසවලින් පිට වෙනත් ස්ථානවල සිටින ජනතාව වෙනුවෙන් අවශ්‍ය  පිසු ආහාර, සෞඛ්‍ය පහසුකම් ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම මේ වන විට සිදු කෙරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා තම දිස්ත්‍රික්කවල සහන සේවා ළගා නොවන ස්ථාන තිබේ නම් ඒ පිළිබඳ වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත තොරතුරු ලබා දෙන ලෙසද මහජන නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම බස්නාහිර පළාත තුළ වර්ධනය වෙමින් පවතින අවදානම් සහගත තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය වැඩසටහන් මේ වන විට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තම දිස්ත්‍රික්කවල පවතින තත්ත්වය සහ අවශ්‍යතා පිළිබඳව මෙහිදී මහජන නියෝජිතයෝ වැඩිදුරටත් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයෝද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මුදල් අමාත්‍යාංශයේ  ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  ඇතුළු අමාත්‍යාශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහුද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2025 11 29 at 8.25.55 AM 7ෆයිසර් මුස්තාපාගේ සිය යෝජනාව ලිඛිතව ම බාරදෙයි

රටේ පවතින බරපතල ස්වාභාවික විපත් තත්ත්වය හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නැයි මෙම සාකච්ජාවේදී අවධාරණය කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා සිය ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ලිඛිතවම ඉදිරිපත් කර තිබිණ.

එම ඉල්ලීමට අදාල ලිපිය මතු පළවේ.

ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන යෝජනාව

විෂය: රටේ පවතින උග්‍ර ස්වාභාවික විපත් තත්ත්වය හමුවේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට බල කිරීම.

ගරු ජනාධිපතිතුමනි,

වර්තමානයේ අප රටට බලපා ඇති දරුණු ගංවතුර, නාය යෑම් සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වී තිබෙන ජාතික ආපදා තත්ත්වය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනු ලබයි. මෙමගින් මහජන ජීවිත, දේපළ සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලට සිදුව ඇති හානිය අතිශය බරපතළ වන අතර, අතිවිශාල පිරිසක් අසරණ තත්ත්වයට පත්ව ඇත.

මෙවැනි අතිශය භයානක ස්වාභාවික විපතකදී, අදාළ ප්‍රතිචාර දැක්වීමේ සහන සේවා කඩිනම් කිරීමේ අරමුණින්, මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමට මා මේ ලිපිය ඉදිරිපත් කරමි.

ස්වාභාවික විපතකදී හදිසි නීතියේ වැදගත්කම

සාමාන්‍යයෙන් හදිසි නීතිය සලකනු ලබන්නේ යුද්ධ හෝ ත්‍රස්තවාදී තත්ත්වයන් පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ලෙස වුවද, එහි නෛතික විෂය පථය ඊට වඩා පුළුල් ය. ජන ජීවිතයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක එය ප්‍රයෝජනයට ගත හැකි බව නීති විශාරදයන්ගේ මතයයි.

වත්මන් ස්වාභාවික විපතේදී හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වැදගත්කම් සහ ප්‍රතිලාභ පහත පරිදි වේ:

1.⁠ ⁠රාජ්‍ය යාන්ත්‍රණයට ලැබෙන ස්වාධීන බලය සහ කඩිනම් බව (Swift and Independent Action)

* චක්‍රලේඛ අභිබවා යාම: සාමාන්‍ය පරිපාලන නීති රීති, රෙගුලාසි සහ චක්‍රලේඛ හරස් කරමින් කටයුතු කිරීමේ විශේෂ බලය හදිසි නීති රෙගුලාසි යටතේ රාජ්‍ය නිලධාරීන්ට (දිස්ත්‍රික් ලේකම්වරු, ආපදා කළමනාකරණ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්) ලැබේ.

* කඩිනම් තීරණ ගැනීම: මෙහිදී සහන කටයුතු සඳහා සම්පත් (මුදල්, උපකරණ, ආහාර) වෙන් කිරීමේදී සහ බෙදා හැරීමේදී සාමාන්‍ය පරිපාලන ක්‍රියාවලියේ ඇති ප්‍රමාදයන් මඟ හැර, ක්ෂණික තීරණ ගැනීමට නිලධාරීන්ට හැකි වේ.

* තනි අණදීම: ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය අංශ සහ සිවිල් පරිපාලන අංශ අතර ඵලදායී සම්බන්ධීකරණයක් ඇති කිරීමටත්, ආපදා තත්ත්වය පාලනය කිරීම සඳහා තනි අණදීම් ව්‍යුහයක් (Single Command Structure) යටතේ ක්‍රියාත්මක වීමටත් හැකියාව ලැබේ.

2.  ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම (Protection of Lives and Property)

* අනිවාර්ය ඉවත් කිරීම්: අවදානම් කලාපවල සිටින ජනතාව ඔවුන්ගේ කැමැත්තට එරෙහිව වුවද, නීත්‍යානුකූල බලයක් සහිතව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට (Mandatory Evacuations) බලධාරීන්ට හැකියාව ලැබේ. සාමාන්‍ය නීතිය යටතේ මෙවැනි බලකිරීම් සඳහා ඇති හැකියාව සීමිතය.

* ⁠ආපදා වළක්වා ගැනීම: විපතට පත් ප්‍රදේශවලට අනවසරයෙන් ඇතුළු වීම වැළැක්වීමටත්, කොල්ලකෑම් හෝ වෙනත් සාපරාධී ක්‍රියා මැඬපැවැත්වීමටත් හදිසි නීතිය යටතේ පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට පුළුල් බලතල හිමිවේ.

3.⁠ ⁠අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම (Maintaining Essential Services)

* සැපයුම් කළමනාකරණය: මාර්ග සහ ප්‍රවාහන සීමා කිරීම් ඉක්මනින් පැනවීමට සහ ඉවත් කිරීමට හැකි වීමෙන්, ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය සැපයුම් විපතට පත් ප්‍රදේශ කරා කඩිනමින් බෙදා හැරීමට පහසුකම් සැලසේ.

* අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම: සෞඛ්‍ය, විදුලිය, ජලය සහ සන්නිවේදනය වැනි අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් වීම වළක්වා ගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම සපයයි.

නෛතික පසුබිම සහ ඉල්ලීම

1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥාපනතේ ප්‍රතිපාදන අනුව, රටේ මහජන ආරක්ෂාව සහ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි පැනවීමේ බලය ගරු ජනාධිපතිතුමාට හිමි වේ. මෙම නීතිය යුද්ධයට හෝ කැරලි කෝලාහලවලට පමණක් සීමා නොවන බවට ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර නීතියේද පිළිගැනීමක් ඇත.

ගරු ජනාධිපතිතුමනි,

මෙවැනි අභියෝගාත්මක මොහොතක, සාමාන්‍ය නීතියේ සීමාවන් තුළ කොටු වී, ජීවිත දහස් ගණනක් අන්ත අසරණ වීමට ඉඩ දීමෙන් අපට සිදුවන හානිය අතිවිශාලය.
එබැවින්, මිනිස් ජීවිත සුරැකීම, දේපළ ආරක්ෂා කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ස්වාධීන බලය ලබා දීම සඳහා, මෙම ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේ අරමුණින් පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මෙම යෝජනාව පිළිබඳව ඔබතුමාගේ කඩිනම් සහ ධනාත්මක අවධානය අපේක්ෂා කරමි.

මෙයට,
නීතිඥ ෆයිසර් මුස්තාපා
පාර්ලිමේන්තු මන්ත්‍රී
ජනාධිපති නීතිඥ

සජිත් කළ ප්‍රකාශය!

රට පුරාම විනාශයක්! මිනිස් ජීවිත නැතිවෙලා! මෙච්චර විනාශයක් වෙලත් ආණ්ඩුව ඇයි තවමත් ව්‍යසන තත්ත්වයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ නැත්තේ? ආණ්ඩුව 2005 ව්‍යසන කළමනාකරණ පනත කියවලා නැද්ද? ආණ්ඩුව ඒකවත් දන්නේ නැද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

වතුර වැඩියි! තව පොඩ්ඩකින් නාච්චාදූවේ වැවේ පැති බැම්මක් කඩනවා! ලොකු වතුරක් එන්න පුළුවන්! අතට ගන්න පුළුවන් දෙයක් අරන් වහාම ආරක්ෂිත තැනකට යන්න! නාච්චාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා මව්රටට පණිවුඩයක් එවයි! AUDIO I Sri Lanka Latest News

Next Post

ඊයෙ රෑ පූඩලු ඔයේ ලොකු නායයාමක්! හිතාගන්නවත් බෑ! ප්‍රධාන පාර තිබ්බ තැන හොයාගන්නවත් බෑ! සියල්ල විනාශයි! එහා පැත්තට යාගන්නවත් බැරිව මිනිස්සු කොටුවෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.