මේ තරම් දැවැන්ත විනාශයක් සිදුව ඇති මොහොතක තවමත් රජයෙන් ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කර නොමැති වීම කණගටුවට කරුණක් බවත් කාලගුණ දෙපාර්තමේන්තුව කියන ආකාරයට ගිණිකොන දිසාවේ කි. මි. 170කට එහා ගැඹුරු පීඩන අවපාතයක් නිර්මාණය වී එය සුළි සුළගක් පත්ව ඇති මොහොතක රජය තවමත් ව්‍යවසනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බවත් 2005 අංක 13 දරන ශ්‍රී ලංකාව ව්‍යසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය තුළ ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරිම තුළ ඉතාම ඉක්මනින් පීඩනයට අසහනයට පත්වන පවුල්වලට සහන ලබා දිය හැකි බවත් මීට අදාළ පුද්ගලයන්ට උපදෙස් දී ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දි පැවසීය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාට කිව්වත් තවමත් එය ඉටු කර නොමැති බවත් අවම වශයෙන් රජය මේ ගැන ඇති අණ පනත් ගැනවත් නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම අයහපත් කාලගුණ තත්ත්වය නිසා විශාල ව්‍යසනයක් සිදුවී ජීවිත අහිමි වූ උන්හිටිතැන් අහිමි වූ හානියකට ලක් වූ අපේම රටේ ජනතාවට කණගාටුව මෙන්ම ශෝකය පුදකර සිටින බවත් මේ ආපදාව තුළ විපතට පත් ජනතාවට උදව් උපකාර කරන්නට කටයුතු කරන රජයේ නිලධාරීන් සියලු දෙනාටත් ආරක්ෂක අංශවලටත් සිය ස්තූතිය පුදකර සිටින බවත් මේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා අසහනයට, පීඩනයට හා හානියට පත් ජනතාවට අවශ්‍ය සහන ලබා දි ඔවුන්ට යම් සැනසීමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










