එදා ලංකාව විනාශ කිරීමට කාලිංග මාඝ ආවා සේ අද රට විනාශ කිරීමට අමෙරිකානු මාඝ පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අද රටේ වැව් ටික හෑරීමට පවා චීනයෙන් පැමිණ ඇති බවකි.
මේ පාලකයන් රට විනාශ කොට වෙනත් රටකට යනු ඇති බව කියා සිටි විද්‍යාරත්න මහතා මේ රටේ ජනතාවට යන්න වෙන රටක් නැති වනු ඇති බවද කීය.
කැප්පෙටපොළ නගරයේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර ඒ මහතා මේ බව පැවසීය.








